(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් වහාම වසා දැමිමට එහි පාලන අධිකාරිය අද(19) පියවර ගනු ලැබිය.
මේ දිනවල රජරට ප්‍රදේශයේ පැතිර යමින් තිබෙන වෛරස් උණ රෝගයක් හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 200කට අධික පිරිසක් ද උණ රෝගයෙන් පෙළෙති.
මෙම හේතුව නිසා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලයේ පිහිටි කළමනාකරණ සමාජ විද්‍යා ව්‍යාවහාරික සහ තාක්ෂණික යන පිඨ හතර අද සිට වසා දැමිණි. ඒ අනුව අද පස්වරු 4 වන විට සියලුම නේවාසිකාගාර වලින් පිටව යන ලෙසට ද පාලන අධිකාරිය විසින් සිසු සිසුවියන්ට දන්වා තිබිණි.
නැවත රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු ලබන 27 වැනිදා සිට සුපුරුදු පරිදි ආරම්භ කරන බවද පාලන අධිකාරිය දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සරසවි ඉතින් කොහොමත් වැඩිම කාලයක් වහලානෙ තියෙන්නේ