කොළඹ ජාතික කෞතුකාගාරයේදී ජුනි 28 වැනිදා සොරකම් කළැයි කියන කෞතුක වස්තු හා රිමාන්ඞ් භාරයේ පසුවන තේනුවර ආචාරිගේ කැළුම් ළඟ ඇති උණු කළ රත‍්‍රං අතර සම්බන්ධයක් ඇත්දැයි ලබන 13 වැනිදා දන්වන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා කොළඹ අපරාධ කොට්ඨාස පොලිසියට නියෝග කළේය. කැළුම් ලඟ ඇති උණු කළ රන් තොගය කටුගෙයි සොරකම් කළ භාන්ඩ උණු කිරීමෙන් ලබා ගත් රන් දැයි දන්වන ලෙස පොලිසියට කී මහේස්ත‍්‍රාත් සැකකරු යළි රිමාන්ඩ කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ? මේවාට රැවටෙන්න තරම් අපි බබාලා නෙමෙයි. (නි)
හරි, මේ ඒ රත්තරන්මයි කියමුකෝ. ඊට පස්සේ මොකද කරන්නේ (දී)
සුනෙත්, ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ 'කාබන් සමස්තානික පරීක්ශනය' කියන එක. ඒකෙන් හොයාගන්න පුලුවන් මේ රත්‍රන් කොච්චර පරනද කියලා. (දී)
ඔය අපේ අතීතය ගැන පෙන්නන්න තියෙන දේවල් (දී)
සොරකම් කළ කෞතුක වස්තු හා උණු කළ රත‍්‍රං අතර සම්බන්ධය අදාළ අයගෙන් අහන්න .... (නි)
මේක හරියට, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. (නි)
වහාම ඕකට ඔත්තුව දුන්නු කෙනාව උසාවියට ඉදිරිපත් කරන්න වෙයි. (අ)
ඔබගේ අදහස් දැක්වීම ස්තුතියි! සොභාව ධර්මයේ නීතියට මේ ලෝකයේ සෑම නීතියක්ම යටත්. ඔබගේ අදහස් සොභාව ධර්මයේ නීතියේ අනුමැතිය සදහා යොමුකර ඇත. (නි)
ඒ උණු කළ රත්තරං හැර වෙනත් රත්තරං තිබේද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක තහවුරු කරන්න රජයේ රස පරීක්ෂකට බැරිද? (නි)
"සුනෙත් 2012-07-31 11:43:50 කාබන් සමස්ථානික මගින් කාලය නිර්ණය කළත් ඒකෙන් සාම්පල් දෙකක් සමාන කරන්න පුලුවන්ද ? මෙච්චර කල් මෙහෙට ආනයනය කල රත්‍රන් කවද ගොඩ දාපු එවද ?" සුනෙත් ඔබ නිවැරදියි. එහෙමනම් මුල් පුරාවස්තුවෙන් ඉතිරි වුණු කෑල්ලක් තිබී එය සමග මේ සොයාගත් රත්රන් සාම්පලය සසඳන්න වෙනවා. සොරා ඊට ඉඩක් ඉතිරි කර නැහැ. අනෙක, කාබන් සමස්ථානික පිරික්සුම මා දන්නා තරමින් වලංගු වන්නේ අවසන් වරට දහනයට භාජනය කල වකවානුව සොයාගැනීමට පමණයි. (නිදසුන ලෙස, යම් මැටි බඳුනක් පෝරණුවෙහි ලා පුළුස්සා ගත් කාලය එහි නිෂ්පාදිත කාලය ලෙස ගතහැකි නිසා) (නි)
රත්තරං උණු කෙරුවට පස්සේ පරණ ඒවාමද කියලා හොයා ගන්නේ කොහොමද රත්තරං? (නි)
එතකොට අර ඡායාරූපයේ හිටියේ මෙයා නෙමෙයිද? අනේ මන්දා... මට නම් නිකන් පිස්සු වගේ..... (නි)
අනේ රත්තරං බඩු හදන අහිංසකයෙක් නේද? (නි)
රත්තරන්නම් දැක්කා , ඒත් ඒවද කියන්න මතක නෑ....(ස)
කොහොමද එහෙම පරීක්ෂා කරන්නේ? රත්‍රන් කියන්නේ DNA වගෙ එකිනෙකට වෙනස් දේවල් නෙවෙයි. රත්‍රන් සාම්පල් දෙක සමාන වුනත් එකමයි කියන්න බැහැ. (ස)
මේක රත්තරන් ,ලොකු ප්‍රස්නයක් (දී)
පොඩි තට්ටුවක් දැම්මනම් කියයි ඔක්කොම...මුල සිට සරළව...(නු)
පාරක් දෙකක් දීලා තමයි ඉතිං දැනගන්න වෙන්නේ.නැත්නම් කියන එකක් නැහැ. (නි)
පොටෝ එකේ ඉන්නෙත් මෙයාදැයි දැක්වන්න (දී)
කොහොමද එහෙම කියන්නේ (දී)
සුනෙත්ගේ ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ. මෙහෙම කරන්න සාම්පලයක් ඕනැනේ. (නි)
කාබන් සමස්ථානික මගින් කාලය නිර්නය කලත් ඒකෙන් සාම්පල් දෙකක් සමාන කරන්න පුලුවන්ද ? මෙච්චර කල් මෙහෙට ආනයනය කල රත්‍රන් කවද ගොඩ දාපු එවද ? (දී)
ඒ කියන්නෙ ඡායාරූපයේ සිටිය කෙනා අල්ලලාද ? දන්නෙත් නෑනේ....... (නි)
සුනෙත්, ඇයි ඔයා අර අහිංසක 'සීබා' ටම මේ වැඩ පටවන්නෙ ? දැන් අපේ කාර්යශූර පොලීසිය 'කාබන් සමස්ථානික පරීක්ෂණය'ත් සීබා පිටේම පටවයි. අනේ....අහිංසක සීබා ! (නි)
හොරාගෙන් පොලිසිය ආදරයෙන් ඇහුවොත් එයා ඇත්තම කියයි. (නි)
කාවද මේ රවට්ටන්න යන්නේ? (නි)
මේවට තමා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා කියන්නේ.... (නි)
රන් කඩුව නම් උණුකරන එකක් නැහැ.. ඒක බලගතු කඩුවක්නෙ...(නු)