උඩවලව හා කිරිඉබ්බන්ආර අතර තම කුඹුරු ඉඩෝරයෙන් මැරීයාම වැලැක්වීමට කටුපිල වැවේ පතුලේ තිබූ වතුර ටික කලුගල් දමා ඉහළට ගෙන කුඹුරුවලට හරවා ගැනීමට ගත් උත්සාහයේදී පොලිස් විශේෂකාර්ය බලකායේ පහරදිමෙන් ගොවීන් කීප දෙනෙකු තුවාල ලැබූ බව කොවුල්ආර සහ දළුක්පිටිය ගොවි සංවිධාන නියෝජිතයෝ කියති. මේ ප්‍රශ්නය සති ගණනක් තිස්සේ පැවැති අතර වැසි නොලැබීම නිසා කුඹුරු මැරීමට පටන් ගෙන ඇතැයි ගොවීහු පවසති. විශේෂ කාර්ය බලකාය මහවැලි නියෝජිතයන් සමග පැමිණ තමනට පොලුපහර එල්ල කළ බව ගොවියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ගහන්නේ නැහැනේ. ගොවියන්ගෙත් මොකක් හරි පරහක් ඇති අපි නොදන්න. (නි)
'ඇටිකෙහෙල් කෑවා නම් විදවපන් බළලෝ' කිවුවලු. (නි)
එස්.ටී.එෆ්. හරි. ගොවියන් වැරදියි. ගොවියන් නීතියට ගරු කළ යුතුයි. කිසිවකුට නීතියට එරෙහි විය නොහැක. (නි)
කවදාවත්ම තේරෙන්නේ නැති වුණත් පහු වෙලා සමහරවිට දවසක තේරෙයි. හැබැයි එතකොට පරක්කු වැඩිවෙයි. (නි)
අහිංසක දුප්පත් ගොවීන්ට ගහන එක වැරදියි. වැවේ පතුලට කලුගල් දමන එකත් වැරදියි. ඉස්සරහට එන ඉඩෝරයන් වලදි මිට කලින් වැව හිදෙයි. ගොවීන්ට පොලු පහර නොදී වැලැක්වීමට තිබූනා. නිදානයක්වත් තියනවද දන්නේ නෑ? (ස)
ආරක්ෂක හමුදාව ගොවීන්ට එහෙම කළ එක වැරදියි. ගොවීන් කළේ හොරකමක් නොවෙයිනේ. ඔවුන්ට අයිති වතුර ටිත ගත්ත එක විතරනේ. (නි)
අපේ ගොවිතැනෙහි මතු ආරක්ෂාව වෙනුවෙන් යම් පියවරක් ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. (නි)
දැන් 'විශේෂ කාර්යය' කියන්නේ ඕවාට තමයි.(ස)
එස්.ටී.එෆ්. එක කරපු වැඩේ වැරදියි. අමතක කරන්න එපා අපි කෘෂිකර්මාන්තයෙන් යැපෙන රටක් බව. ගොවියන් නැත්නම් ලංකාවේ කෘෂිකර්මයක් නැහැ. (නි)
වැව පැත්තේ නිධානයක් වත් තියෙනවද දන්නේ නැහැ. ඒකද දන්නේ නැහැ ගැහුවේ? (නි)
රුක්මල් හරි. 2/3ක් දුන්නා නම් කරන්න දෙයක් නැහැ. ගුටි කාගෙන ඉන්න වෙනවා. මේක එතකොට හරියට කොළොම්බියාව වගේ තියෙයි. (නි)
මෙගොල්ලො යුද්ධය දිනුවයි කියල ජනතාව මේගොල්ලො නිසා විනාශ වෙන්නට ඉඩ දෙන්න බැහැ. මේගොල්ලො නිසා අසුව දශකයෙ තරුණයන් මිය ගියා.දෑන් හැම තැනම 'අපි හමුදාවෙ රස්සා කරන්නෙ' කියල චන්ඩිපාට් අහිංසකයන්ට දානවා. තුවක්කු, බෝම්බ පෙන්නලා බය කරනවා. ඕනම කෙනෙක්ව ඕනවට වෑඩිය පුම්බන්න හොද නැහැ. (නි)
ඔය ගොවියන් බැන්ද බැම්ම නිසා පසුගිය දවස් වල අහළ පහළ ගම ඔක්කොටම යන්න තිබුණු වතුර නැවතිලා ඒ ගම් වල කුඹුරු වේලුණා. ඒ ගොවියොත් ඊට පස්සෙ ඊයෙ අඟුණුකොළ පැලැස්සෙ උද්ඝෝෂණය කළා. මේ බැම්ම ගලවන්න ගිය මහවැලි නිලධාරින්ට උඩවලවෙ ගොවියන් බාධා කරලා ගල් ගැහුවා. ඊට පස්සෙයි විශේෂ බළකාය ගෙන්නුවෙ. (නි)
මේකේ ප්‍රතිඵලය ළග එන පළාත් සභා මැතිවරණයේදි බලා ගන්න පුලුවන් වෙයි. (නි)
කුඹුරු ඉඩෝරයෙන් මැරෙන්න ඇරලා ඒකට වගා පාළු දෙන්න ආණ්ඩුව කැමතිනම් මේ ගොවියන්ට ටිකක් හරි සහනයක් තියේවි. ඒත් ඒක කරාවි කියලා ගොවීන්ට පැහැදීමක් නැහැ. ඔවුන් දුප්පත්, කුඹුරු මැරුණොත් මාසයක් ජීවත් වෙන්න රු.2500/- තියා රු. 100/- ක් වත් හොයා ගන්න එයාලට බැරි වෙයි. හුග දෙනක් කුඹුරු කරන්නේ ණය වෙලා. කාරණය අපි හිතන තරම් සරල නැහැ. නමුත් ආණ්ඩුව වැස්ස නැති එකටත් වැරැදි නැහැ. ඒත් ආණ්ඩුවට දැක්මක් තියෙන්න ඕනෑ මෙහෙම කාලයක් උදා වුණොත් ඒකට මූහුණ දෙන්න. ඒත් කිසිම සූදානමක් නැති බවයි අපට පෙනෙන්නේ. බොහෝ වැව් කාලයකින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. සමහර වැව් අවට අනවසර ඉදිකිරීම් කරලා. ඒ නිසා ඒවා ගිලෙයි කියලා වැවේ වතුර අඩුවෙන් පුරවන්නේ. තවත් කාරණාබොහෝ තිබෙනවා. ගොවියන් මේ කරපු දේට එයාලාට පහර දීලා වැඩක් නැහැ. ඒක ප්‍රශ්නයෙන් මග හැරීමක් සහ යටගැසීමක් විතරයි. (නි)
මෙතන ඇත්තටම වැරැද්ද කරලා තියෙන්නෙ උඩවලවෙ ගොවියන්. ඒ ගොල්ලො ඇළේ වතුර අනෙක් ගම් වලට යන්න දෙන්නේ නැතුව ඇළ වහගෙන ඉඳලා. බැම්ම ගලවන්න ආපු මහවැලි නිලධාරීන්ටත් හොඳටම පහරදීලා. ඔය සෙබලු කරලා තියෙන්නෙ හරි දේ. දිවි හිමියෙන් අපේ රට රැක දුන් සෙබළුන්ටත් කරුණු හොයන්නෙවත් නැතුව අපහාස කරන අය මෙතන ලියන ප්‍රතිචාර දැක්කහම ඇත්තටම කළකිරෙනවා. (නි)
අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගහන එක හපන්කමක් නම් නෙවෙයි....(ස)
එස්.ටී.එෆ්. එකයි, මහවැලියයි කරලා තියෙන්නේ හරි දේ. මිනිස්සුන්ට ඕනම වැඩක් කරන්න කියලා ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ? (නි)
පින් පඩි ගන්නවා මදිවට තව කරන දේවල්? (නි)
උඩවලවේ ගොවි මහ්තතුරුන් එතකොට ඇළ වහලා දාලා අනෙක් ගම් වලට වතුර යන්න දෙන්නේ නැතුව හරස් කරපු එක හරිද? (නි)
ප්‍රියා ලක්මාල්; ඔයාලා කරන රැකියාව දැනගන්න පුලුවන්ද අපිට... ජයකොඩි; තමුන් මොනවද කියන්න උත්සහ කරන්නේ? (ස)
පින් පඩි ගන්නේ කවුද ??(ස)
ප්‍රවෘත්තියට සම්පූර්ණ විස්තර ඇතුලත් කරා නම් මෙය කියවන අය සමහර දේවල් වැරදී විදියට තේරුම ගන්න එකක් නැහැ. (ස)
" අපි වෙනුවෙන් අපි" තව කන්න වුණේ නැහැ ඔහේලට. තව ඉස්සරහට තව හොදට කන්න හම්බවෙයි. (නි)
අර ඉස්සර කාලේ කපුටා කලේ වතුර බීපු කතාව මතක්වෙනවා..(ස)
සිද්ධියෙන් පොලිසියේ තිදෙනෙක් තුවාල වෙලා රෝහලේ ඉන්නවා කියලා ප්‍රවෘත්ති වලට කිවුවා. ඒත් සිද්ධියෙන් එක ගොවියෙකුටවත් තුවාල වෙලා නැහැනේ. (නි)
මේක නිව්ටන්ගෙ 3වන නියමයට අනුව සිද්ද වෙච්චි දෙයක් ද කොහෙද. මොකද නැත්නම් අහිංසක විදියට හිටියනම් කාටවත් ගහන්න අවශ්‍යතාවක් ඇති වෙන්නෙ නෑනේ. (ස)
මෙතන ගොවීන් වැරදියි කියලයි මට හිතෙන්නේ. මොකද වැවට ගල් දාලා වැව අවහිර කළහම ඊළග පාර වැස්ස ආවහම වැවට වතුර පිරෙන්නේ කොහොමද? (නි)
දෙයක ඇත්තක් නැත්තක් නොසොයා මෙතන අපේ රණවිරුවන්ට ගරහන අයටයි මේ කියන්නේ. ඔහේලා මේ රටේ පාගන හැම පස් පිඬකම ඇත්තේ අපගේ හෙට දවස වෙනුවෙන් උණ්ඩයට ළය දී පොළොවට එක්වුණු වීරොධාර රණවිරුවන්ගේ ඇට මස් නහර වලින් සැදි පස් ය. අප ආශ්වාස කරනා වාතයේ මුසු වී ඇත්තේ ඔවුන් අවසන් වරට හෙලු හුස්ම පොද ය. වහින හැම වැහි බිඳුවක් පාසාම ඇත්තේ අප වෙනුවෙන් ඔවුන් අත් හැරි ඔවුන්ගෙ මව්වරුන්, පියවරුන්, දූදරුවන් අදටත් වැළපෙමින් හෙලනා කඳුලු මුසු වූ ජලයයි. එවන් වීර පුතුන්ටත් ගරහන තොප වැනි නිකමුන් මේ ලංකා මාතාවටම බරකි. ලංකා මාතාවට කරනා ලද සාපයකි. තොපට මේ බිමෙහි මොහොතකුදු විසීමට කිසිදු අයිතියක් නැත. තවත් මේ රටේ මිනිසුන්ගේ සිත් වලට කෝපයේ ගිනි නොදී තොපේ නීච හිවල් ගති වලට ගැළපෙන රටකට වහා පලයව්! (නි)
කවුද පිං පඩි කාරයෝ..!!(නු)
තම තමන් වපුරන විදිහට අස්වැන්න ලැබෙයි. ස්වභාව ධර්මය සහ බුද්ධ ධර්මය කියන්නේ දෙකක් නොවෙයි, එකක්. ඉතින් ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ ධර්මයට අනුවයි. බය වෙන්න එපා. වැරදි කළ සහ කරන, එසේම කරන්න හිත ඇත්තන්ට ඒ ඒ අවස්ථානුකූලව පල දේවි. (නි)
මේ සිදුවීම කියවද්දී මට නම් හිතුණේ, ආරක්ෂක අංශ වලට මේ නිසා කලු පැල්ලමක් එක් කරලා වගෙයි කියලයි. (නි)
2/3 දුන්න නම් දැන් ඉතින් ඉවසගෙන ඉන්න....(ස)
අනේ ඉතිං ඔවුන් දන්නෙ නැද්ද ඔවුන් කන්නෙ මොනවද, ඒවා වගාකරන්නේ කවුද කියල.....(ස)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ තියෙන්න ඇති ,තුවාලේ වේදනාව දැනෙන්නේ තුවාලේ තියන මිනිහටනේ...(ස)
ලංකාවේ හැමදාම තියෙන්නේ දැන් සිදුවීම් වර්ග තුනයි. එක්කෝ වර්ජනය කරනවා නැත්නම් නඩු දානවා ඒ දෙකම කරන්න බැරි අය හමුදාවෙන් හරි පොලිසියෙන් හරි නැත්නම් මැරයන්ගෙන් හරි ගුටි කනවා. (ස)
සෑම දෙයක්ම වෙන්නේ දුප්පතාට ලංකාවෙ.. මගේ මව්බිමට මොකද මේ වෙලා තියෙන්නෙ.. අසරණ ගොවයන්ට උදව්වක් නැහැ ඩී.එස්.සේනානායක වගේ රජෙක් පහළ වෙනකම්ම...!!(නු)
රටට බත් දෙන ගොවීන්ට පොලු පහර දීලා මදි. (ස)
එසත්ටී.එෆ් දාලා ගස්සන්න ඕන කැලෑ පාලුවන්ටයි.. අනවසර කැලෑ ඉඩම් එළි කරන අයටයි..ජාවාම් කරුවන්ටයි.. ලංකාවෙ ඔක්කොම කණපිට.. (නු)
ඊළග මැතිවරණයට කතිරය ගහන්න ගියහම මතක් වෙන්නත් එක්ක පහර දුන්නානම් හරි. නැත්නම් හරි ඉක්මණට කට්ටියට මේවා අමතක වෙනවා. (නි)
දැන් යුද්ධයක් නෑනේ සටන්කරන්න. ඒ නිසා වෙන්න ඇති...??????????(ස)
යුද්දේ කාලේ ඔයාලා වෙනුවෙන් බෝධි පූජා තිබ්‍බේ, සෙත් පැතුවේ මේ අහිංසක ගැමියොයි...(ස)
අහිංසකයන්ට ගැහුවට මෙයාලට .......................(ස)
ගන්න පඩියට අහිංසක මිනිස්සු එක්ක හරි සටන් කරන්න එපැයි...(ස)
දැන්වත් ඇස් අරින්න මිනිස්සුනේ.(ස)
ගහන්නයි, මරන්නයි මෙවන් හමුදාවක් හැදූ අය දැන් ඉන්නේ කොහේද දන්නේ නැහැ. (නි)
ඔය පොලු පහර දීපු විශේෂ කාර්ය බලකායේ දෙමව්පියෝ සහෝදර සහෝදර්රියෝ දුවාදරුවෝ සහ අනෙකුත් පිරිසගේ කුසගිනි නිවා ගන්නේ මේ ගොවි පිරිස දුක් මහන්සියෙන් වගා කරන වී ටිකෙන් වෙන්න පුළුවන්. මෙහෙම රටට බත සපයන ගොවීනට පහරදීම නින්දා සහගත වැඩක්. ඉස්සර කිව්වා අපි වවමු රට නගමු කියල. අපි වවමු ගුටි කමු..(ස)
ඕක පහරදීමක් නෙමේ, මානුෂික මෙහෙයුමක් (ස)
නිදානයක්වත් තියනවද දන්නේ නෑ ?????????? (ස)
ගොවි ජනතාවට සැලකීමනම් අන්තිමයි..(ස)
ගොවි මහත්වරු තව කෑවේ නෑ..ළගදිම කාවි.ජයවේවා..(ස)
ඔය ගොවි මහත්තරු නිසා තමයි අද අපි කන්නේ..ටිකක් ඉවසීමෙන් වැඩකරන්න..(ස)
ඔන්න ගොවියනේ තීරණයක් ගන්න හොඳ කාලේ තමයි ඉස්සරහට එන්නේ..(ස)
ගොවියන් කරපු දේ වැරදියි.(ස)
හමුදාවට වැඩ නැති නිසා වෙන්න ඇති..(ස)
එස්.ටී.එෆ්. එකේ අයගෙන් ගුටි කන්න තරම් ගොවියන් ශක්තිමත් නැහැ. පවු ඒ අය. (නි)
අඩුම වශයෙන් බීමට හෝ සරිලන ජල ප්‍රමාණයක් රජය විසින් මොවුන්ට සැපයිය යුතුයි. (නි)
ගොවියන්ට ගැහැව එකනම් වැරදියි . ගොවීන් වැවට කළුගල් දාපු එකත් වැරදියි..(ස)
ගොවියන් දුරදිග සිතා නැහැ. ඔවුන් කළ කාර්යයෙන් ඇළට සිදුවුණේ බරපතළ හානියක්. (නි)
මොනවද මේ මෝඩ වැඩ? ගල් දාලා වතුර අරන් ඉන් පස්සේ ගල් අයින් කරයි කියලා හිතනවද? ඔය ගල් පිරිච්ච ඇළට ඉන්පස්සේ වැස්ස ලැබුණහම ඒකේ වතුර පිරෙයිද? නැහැනේ. මේවා ගැන ඇයි හිතන්නේ නැත්තේ? (නි)
රණවිරුවෝ නේද මේ ??? අපිට හිතාගතහැකි.......(ස)
මොනවා වුණත් ගොවීන්ට අයිතියක් තියෙනවා බලෙන් හරි තමන්ගේ අස්වැන්න රැක ගන්න. ඒ අයට ගහපු එක වැරදියි. අවම බලය යොදලා තත්ත්වය සමථයකට පත් කරන්නයි තිබුණේ. (නි)
ආයුබෝ වේවා...!!(ස)
ස්වභාව ධර්මයට පිටුපාන්න ඔබට හෝ මට හෝ නොහැක. (නි)