
(යොහාන් භාසුර සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී මගී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී අද (18) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
සිල්පර කොට විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර දුම්රියේ ගමන් ගත් කීප දෙනකු සුළුතුවාල ලබා ඇතැයි ද දැනගන්නට ඇත.
ඡායා පුෂ්පකුමාර මල්ලවාරච්චි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තැනිතලා ප්‍රදේශයකදී පීලි පැනීම වැඩි හානියක් මගීන්ට සිදු නොවුණත් කඩුගන්නාව, රඹුක්කන අතර පීලී පැන්නොත් අවසානය තමයි...