(රංජිත් රාජපක්ෂ)
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 107 සැතපුම් කණුව අසලදි පීලිපැනිමට ලක්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
එම දුම්රියේ දෙවන මැදිරියේ එක් රෝදයක් පීලි පැන ඇති බවත් දුම්රිය මැදිරිය යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් එම මැදිරිය කියයි.
එතෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ කොටුවේ සිට රොසැල්ල දක්වාත් බදුල්ලේ සිට හැටන් දක්වාත් පමණක් සිදු වෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසියාකාර නඩත්තුවක් නැති එකම දුම්රිය සේවය තියෙන්නේ ලංකාවේ පමණි. මහා විනාසයක් ඉතාම ආසන්නයේදී සිදුවෙන බවනම් කිවයුතුමය. ඒ උනාට ලොකු පඩි , පහසුකම් වැඩවර්ජන ඒවානම් අඩුවක් නැති තරම් .. අනේ අපේ කරුමෙක මහත..
අද දුම්රියට අපල දවසක්..............
සයිටම් විරෝධී පෙළපාලි නොයන දවසක් අපේ " සකල සිරින් පිරි සිරි ලංකාවේ " නැතිවාක් මෙන්ම, අපේ කෝච්චි හුචක්කුවක් සිල්පර මත ධාවනය කිරීමට උත්සාහ කරන දවසකුත් නොමැත ! දිනපතා පත්තරයක් දිගහැරි ගමන්ම පෙන්නේ සිල්පර 'කොට උඩ' තියෙන දුම්රියක්. සුද්දා අපේ රටේ රේල්පාර හදල හොඳට නඩත්තු කරලා ගියාට පස්සේ අපේම දුම්රිය පාලකයන් රේල් පීල්ලක් හෝ සිල්පරයක්වත් මාරු කරාද කියලත් හිතෙනවා මේවා දැක්කම.....
දුම්රිය අලුත් පාර කබල්
උඩරට මැණිකේ පිලි පනින එක ලොකු දෙයක්ද ඔය උජාරුවට ඉන්න කොයි කොයි මැනිකෙලත් පිලිපනින මේකාලේ?