(සමන් පාලිත නානායක්කාර )
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය උලපනේ දුම්රිය ස්ථාන ආසන්නයේදී ඊයේ පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය අද (08) අළුයම වන විට යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ ඇන්ජිම උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙසේ පීලි පැන තිබුණි.
කෙසේ වෙතත් දුම්රිය මගීන් බස් රථ මගින් ගම්පොළට හා නාවලපිටියට ප්‍රවාහනය කර දුම්රිය මගීන් සදහා ගම්පොලින් හරවා කොළඹටත් නාවලපිටියෙන් හරවා බදුල්ලටත් යාමට පහසුකම් සලසා දී තිබූ බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.
අද (08) අළුයම සිට උඩරට මාර්ගයේ සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd