මගීන් 101 සහ කාර්ය මණ්ඩලය 7 දෙනෙකු සහිත ඉන්දුනීසියා ලයන් එයාර් ජෙට් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මුහුදට වැටී තිබේ.
මේ හදිසි කඩාවැටීම නිසා මගීන් කිසිවකුත් මරුමුවට පත් නොවූ අතර 22ක් රෝහල් ගත කරනු ලැබූහ.
ඉන්දුනීසියාවේ ඩෙන්සාර් ගුවන් තොටුපළට මීටර් 50ක් පමණ ඈතින් මේ අනතුර සිදු විය.
පොලීසිය හා ගුවන් හමුදාව ඩිංගි බෝට්ටු මගින් මුහුදේ පාවෙමින් සිටි මගීහු බේරා ගනු ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුවන් යානය බිමට බැමේදී රන්වේ එක ඕවර්ෂුට් කිරීම නිසාලු මුහුදට ගියේ. (නි)
මුතුකුඩ මහතාණනි, ඔබ කරුණු නොදන්නවා නොවෙයි. වචනවල තේරුම නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)
මුතුකුඩ, අනේ ආපහු අදහස් දාන්න කලින් කාගෙන් හරි අහලා ඉන්න. (නි)
සිරිල් ගිහින් තියෙන්නෙත් මුතුකුඩ ගිය ඉස්කෝලෙටද කොහෙද? අපේ නිදහස් උත්සවය දවසේ අපේ ගුවන් හමුදා පැරිෂුට් භටයන් බිමට පනින්නේ හදේ ඉදලද? (නි)
මුතුකුඩ දාන අදහස් මම ආයේ කවදාවත් කියවන්නේ නැහැ. (නි)
අනේ පවු මුතුකුඩ. හැමෝම දොස් කියන්නේ එයාටමනේ. දන්නේ නැති කමටනේ කිව්වේ. සමහරවිට එයාට මුතුකුඩ නිසා පැරිෂුට් මතක් වුණාද දන්නේ නැහැ. ඒකත් කුඩේ වගේනේ. අනේ සොරි මුතු (නි)
සෙන්තිල් , දන්නවාද දම්මි-සුගත් කතාව? ඔයාට කවදාහරි පසුතැවෙන්න වේවි, මේක දම්මි-සෙන්තිල් කතාව නිසා. (නි)
පොඩි වැරදීමක්නේ. මුතුකුඩ, ගානක් නැහැ. අපි හැමෝටම වරදිනවනේ. ඔබ අදහස් කළේ "ලයිෆ් ජැකට්" එක නොහොත් "ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලය" නේද? හැබැයි, ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද මේ වගේ අනතුරු වලදී වතුරට වැටෙන වෙලාවේදී, පිහිනන්න දන්නේ නැත්නම්, ඉතින් දෙයියන්ගේම පිහිට තමයි. (නි)
සෙන්තිල්, එතකොට "ටයිටැනික්" වගේ තව සිනමා කෘතියක් අපිට බලන්න පුළුවන් වෙයි නේද, "ලයන් එයාර් ජෙට්" කියලා. (නි)
මුතුකුඩ මෙහෙම නානවට වඩා හොද නැද්ද ඔය කඩා වැටුන ගුවන් යානයේ සිට මුහුදට වැටුනා නම්? එතකොට මුහුදු වතුර බිබී හොදට පෙගිලා නාගන්න තිබුනා. (නි)
පිස්සු, ගුවන් යනවල තියෙන්නේ පැරසුට් නෙමේ. පීනන්න දාන ජැකට් එකක්. අරගෙන හොදට බලන්න.(නදී)
රකිත් , ඔයත් මුතුකුඩගේ ජාතියේම එක්කෙනෙක්. ජීවිතාරක්ෂක කබා පැලද ගත්තා නම් ගිලෙන්නේ නැහැ (නි)
මුතුකුඩ, දන්නෙ නැති පැරෂුට් ගැන ලියන්නේ නැතුව කරබාගෙන ඉන්න. (නි)
අනේ අපොයි! නේද මුතුකුඩ? කට්ටිය වරදිනකල්මනේ බලාගෙන ඉන්නේ. ඕවා ගණන් ගන්න එපා. අනේ කාටද වරදින්නේ නැත්තේ. (නි)
සංජිව, කරුණාකර, නැවත මගේ ප්‍රතිචාරය කියවන්න. (නි)
ලබන සැරේ මම පාර්ලිමේන්තුවට යෝජනවක් ඉදිරිපත් කරනවා..ලංකාවට එන හා යන සියලුම ගුවන් මගීන්ට පැරචුට් එක බැගින් ලබා දෙන්න කියලා.....ගුවන් මගීනුත් ගොඩ, මුතුකුඩත් ගොඩ..... (ස)
සමහර ගුවන් යානාවල පැරිෂුට් ඇත. ඉහත අදහස් දාපු අය ගමන් කර ඇත්තේ දෙකය් පනහෙ ගුවන් සමාගම් වලය (අ)
මේ ගුවන් යානය මුහුදට වැටුණේ ගොඩබැසීමට යද්දී නිසි ලෙස යානය පාලනය කරගන්න බැරිවයි. ලයන් එයාර් ගුවන් සේවයේ බොහෝ අනතුරු සිදුව තිබෙන අතර බොහොමයක් ගුවන් නියමුවන්ගේ නොසැලකිල්ල නිසා සිදුව තිබෙන අනතුරු වනවා මේ නිසාම ලයන් එයාර් යුරෝපයේ තහනම් (බ්ලැක් ලිස්ට්) කර තිබෙනවා. (ස)
බුදු අම්මෝ! මම නම් නිකන් ටිකට් එකක් දුන්නත් මත්තලින් නම් එන්නේ , යන්නේ නැහැ. (නි)
ගුවන්යානා තුල හදිසි ආපදා අවස්ථා වල මගීන්ට පිලිපදින්න යැයි පෙන්වාදෙන පැරිෂුට් කට්ටල ගුවන් යානාවේ මගීකුටී වල තිබුණත් ඇති ප්‍රයෝජනයක් නැත. හදිසි අවස්ථාවල එවැනි දේ පැලද බේරුණු අය සම්බන්ධව සදහන් වන්නේද නැත. (නි)
දෙවියන්ට ස්තූති වේවා! (නි)
ගුවන් යානා වල පෙරසුට් දැමීම නරක අදහසක් නොවේ . දැනටමත් එයාර් බස් සමගම මේ ගැන පර්යේෂණ කරගෙන යනවා. මෙයින් ජීවිත් බේරාගැනීමට පුළුවන් . බිමට කඩා වැටුණොත් ඔක්කම මිය යනවාට වඩා එක වටිනවා. (ස)
මට නම් හිතෙන්නේ ඒක පස්සේ ලිස්සලා ගිහින් මුහුදට වැටුනා කියලනේ. (නි)
මුතුකුඩ , මම මේ දන්නේ නැති නිසා අහන්නේ , හැම මගියෙකුටම පැරෂුට් දෙනවද ? (නි)
ජීවිතය බේරාගැනීම වාසනාවක් (නි)
මුතුකුඩගෙ මෝඩකම අද මුලු රටම දැන ගත්තා . මගී ගුවන් යානා වල හදිස්සි අවස්ථාවල භාවිතා කරන්න කියල දෙන්නෙ පැරෂුට් නෙවෙයි. ඒවා ජීවිත ආරක්ෂක කබා . ඒවා අවශ්‍ය වන්නේ ජලය මත කරන හදිස්සි ගොඩබැමකදී . ගුවන් යානාවකට අරාක්ෂාකරී ලෙස ගුවන් පථයකට ලගා විය නොහැකි විට භාවිතා කරන දෙවන උපක්‍රමය තමා ජලය මත ගොඩබෑම. පෙනෙන විදිහට මෙම කබා නිසා තමයි මේ පිරිස බේරි තිබෙන්නෙ. මුතුකුඩ මෙම ගුවන් යානයේ සිටියානම් ෂුවර් එකටම ලයිෆ් ජැකට් එක දාගෙන බිමට පැනල ලංකාවෙ නමත් කැත කරනවා.(නදී)
මුතුකුඩ මහත්තයා ජීවිතාරක්ෂක කබා තම තියෙන්නේ. ඒවා පැරෂුට් නෙවේ නේද. මට නුඹ කවදාවත් පැරෂුට් ෆ්ලිඝ්ට් එකේදී හම්බ වෙලා නැහැ.(නදී)
සකීන්, මගීන්ට පැරෂුට් දෙන ගුවන් සේවයන් කියන්නකෝ බලන්න. (ප්රිවැටේ සහ මිලිටෝර්ය් හැරුණු විට) (නි)
දෙවියන්ට ස්තූති වේවා! මෝඩ කම පයිලට් ට තමයි ස්තුති කරන්න ඕන දෙයියො මූදට වැටෙනකම් දැක්කෙ නැද්ද.?(නදී)
ම්‍රතුකුඩ, බොරු කියන්න එපා.(නදී)
මමත් ගුවන් යානා වල යනවා. කවදාවත් ගුවන් යානාවල පැරෂුට් තියෙනවා කියල අහල නැහැ. ඔයවගේ වෙලාවට පාවිච්චි කරන්න ජීවිත ආරක්ෂක ජැකට්නම් තියෙනවා. (නදී)
හැම ගුවන් යානාවක ම ජිවිත ආරක්ෂක කබා තිබේ. මෙවැනි ගුවන් යානා අනතුරකදී මගින්ව බේරාගැනීම සදහා අදාල අංශ එනතුරු දියේ නොගිලී දියමත පාවීමට අරක්ෂාවීමට එය මහෝපකාරී වේ.(නදී)
මේක තමයි හොදම උදාහරණය බේරුණු අවස්ථාවකට. මුහුදේ පාවී ඉන්න මිනිස්සු බෙර ගත්ත කියන්නේ ඒ අය ජීවිතාරක්ෂක කඹා පාවිච්චි කර ඇති බවයි. පැරෂුට් කියල දෙයක් නම් නැ මගීන්ට දෙන. කෙසේ නමුත් මේක යානයේ දෝෂයක් තමුන්ගේ කර්ර්ම පල අනුව ජීවිත බේරුණු වාසනාවන්ත මිනිසුන් පිරිසක් ගමන් ගත් යානයක්. ,කලාතුරකින් අහන්න ලැබෙන කිසිවෙකුටත් ජීවිත හානි නැති තවත් එක් අවස්ථාවක්.(නදී)
මුතුකුඩ, පැරිෂුට් කට්ටල වලින් බේරෙන ගුවන් යානා ඇත්තේ ගුවන් හමුදාවට.(නදී)
දම්මි,ඔයයි මමයි මෙම ප්ලේන් එකේ හිටියා නම්,මම ඔයාව වතුර උඩ පා කර කර ගිලෙන්න නොදී තියාගෙන ඉන්නවා. (නි)
මුතුකුඩ, පැරිෂුට් තියෙන්නේ ප්‍රහාරක ගුවන් යානා වල. (නි)
පින් කරලා තියෙනවා හොදින්ම... (නි)
මුතුකුඩ, පැරිෂුට් දෙන්නේ හදට යන අයට විතරයි (නි)
මමනම් කියන්නේ ගුවන් යානාවල යන හැමෝටම "මුතුකුඩයක් " දෙන්න ඕනෑ. එතකොට හදිස්සියෙවත් අනතුරක් වුණොත් ඔය මුතුකුඩේ ඉහලාගෙන බිමට පනින්න පුළුවන්නේ. (නි)
මුතුකුඩ මහතාණනි , පැරිෂුට් මගින් පනින්න ඉතා දීර්ඝ හා දුෂ්කර පුහුණුවීමක් අවශ්‍යයි. ප්‍රහාරක යානා වල නියමුවන්ට නම් ඉඳගෙන ඉන්න සීට් එක පිටින් පැරිෂුටයක් මගින් ඉවතට පනින්න පුළුවන් වුණාට මගී යානා වල යන අපිට නියමුවාගේ පිහිට පමණි. (නි)
අය්යෝ ! මුතුකුඩ , ඔයත් හරියට අර අපේ කට හොඳ නැති දේශපාලකයෙක් ඉන්නේ කට ඇරියොත් මෝඩ කතා කියන, අන්න එයා වගේනේ . ඔයා මේ කියනේ ජීවිත ආරක්ෂක ජැකට් ගෙන. එහෙම නැතුව පැරිශුට් නෙමෙයි. (නි)
මේක ගොඩක් උද ඉඳන් වැටුන එකක් නෙමෙයි නේද? ලෑන්ඩ් කරන්න යද්දී වැටුන එකක් කියලයි ආරංචි. (නි)
http://www.youtube.com/watch?v=xtz5glxpLME (නි)