නීතිඥයකු හා ඉඩම් හිමි වැවිලකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතා ඔහුගේ අතුරුගිරිය දෙමහල් නිවසේ දි මොට ආයුධයකින් ගසා මරා පහළට දමා ඇතැයි පොලිසිය කියයි. ඔහු හා ඔහුගේ බිරිය (22) නිවසේ සිටි බව පොලිසිය පවසයි. අද අලුයම දෙකට පමණ මේ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එහි ගොස් මූලික පරීකෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උඩු මහලේ දී නීතිඥයා මරා පහළට දාලා
රෝසා Friday, 07 September 2012 05:55 PM
මෙයාගේ දරුවෙක්ගෙ දරුවෙක් වගේ කෙනෙක් නේද බැදලා තියෙන්නෙ..!(නු)
මනෝජ් Friday, 07 September 2012 12:03 PM
බිරියට 22, ස්වාමියාට 67. ඒකෙත් හැටි (ස)
වරුණ Friday, 07 September 2012 12:20 PM
මේකත් අනියම් ඇසුරක්ච ? බිරිඳට 22 සැමියට 67 ..(ස)
සාමා Friday, 07 September 2012 12:13 PM
බිරියගේද ? දුවගේද ? වයස 22 (ස).
අහිංසා Friday, 07 September 2012 12:23 PM
මේ මරණයට හේතුව බිරියගේ වයස වෙන්න බැරිද ආ ??? (ස)
සිසිර Friday, 07 September 2012 12:21 PM
මොනවහරි අපි නොදන්න දෙයක් ඇති..නැත්නම් නිකම් මරන්නේ නැහැනේ..(ස)
උදයංග Friday, 07 September 2012 01:22 PM
මම නම් හිතන්නේ වත්කම් තියෙන නිසා බිරිදගේ වැඩක් වෙන්න ඇති..(ස)
නිශාන්ත Friday, 07 September 2012 01:42 PM
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න දැන් කාලය හරි !!!නැත්නම් හෙට අනිද්දට රට පුරාම මිනී මරුම් අහන්න ලැබේවි..(ස)
හර්ෂණ කටාර් Friday, 07 September 2012 09:59 PM
සමන්, ඔයා කිව්වට මෙතන ගැටලුව වයසම තමයි.. ඕනම දෙයකට වයසක් අපේ මානව ජීවන චක්‍රයේ තියෙනවා වයස හැට හැත්තෑව කියන්නේ මනුෂ්‍යයෙක් තමන්ගේ මුණුබුරන් මිණිබිරියන්ගේ හුරතල් බලලා ගෙවන සන්ධ්‍යා සමයයි. මෙයා තමන්ගේ වයසට නොගැලපෙන විවාහක් කරගෙන තියෙන්නේ.. නමුත් තරුණියට අවශ්‍ය වත්කම් පමණක් නිසා තමන්ට තරුණයෙක් හොයාගැනීමට අමාරු නැති නිසාත් මේ වගේ දේවල් සිදුවෙනවා.. නමුත් මරණය ගැන කණගාටුයි..!!(නු)
ක්‍රිෂාන්ත Friday, 07 September 2012 02:09 PM
මෙයාව මරන්නම එපෑයැ..අපිට බදින්න කෙල්ලෝ නැති වෙනවනේ මෙහෙම ගියහම..(ස)
රාජා Saturday, 08 September 2012 04:09 PM
නාකි විසේ ගෙටත් උසේ.(ස)
බන්ඩාර Friday, 07 September 2012 03:06 PM
මේක අනිත් බිරිඳගේ වැඩක් විය යුතුමයි..(ස)
සමන් Friday, 07 September 2012 03:09 PM
මෙතන තියෙන්නේ මිනීමැරුමක් සම්බන්ධ ප්‍රවෘත්තියක්. ගොඩක් දෙනෙකුට අමාරුව තියෙන්නේ නෝනගෙයි මහත්තයගෙයි වයස පරතරය ගැන. 22 බැරිනම් 18 ක කෙනෙක් බැඳගත්තම අපට මොකද? ලංකාවේ ඉන්න සමහර අයට මේවා මැජික් වගේ. සමහර අයට මේවගේ දේවල් ගැන හරිම ඉරිසියයි. (ස)
මාලක Saturday, 08 September 2012 07:59 AM
මෙතන මෙහෙම ප්‍රව්‍රත්තියක් ගියානම් .22 හැවිරිදි තරුණයා 67 හැවිරිදි පෙම්වතිය මරයි.එහෙම වුනානම් කවුද කියන්නෙ මේක සාධාරණයි කියල...(නු)
නිලන්ති Friday, 07 September 2012 03:14 PM
සීයලට ආච්චිලා අමතක උනාම ඔහොම තමයි . විවාහය උනත් වයසට ගැලපෙන්න ඕන..(ස)
හේමසිරි Saturday, 08 September 2012 10:26 AM
යාළුවනේ මෙයත් දකුණේ එල කොල්ලෙක් .(ස)