(රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්ඡේරි ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි 16 හැවිරිදි ළමයෙක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට චාවකච්ඡේරි පොලීසිය පවසයි.
චාවකච්ඡේරි කල්වයල් ප්‍රදේශයේදී ජයකුමාරන් දීසන් නැමති ළමයා තවත් මිතුරු ළමයෙකු සමඟ සරුංගල් යවමින් සිට ඇති අතර ළමයා සරුංගලය දෙස උඩ බලමින් පසුපසට දිව යාමෙන් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මෙම මරණය සිදුව ඇතයි චාවකච්ඡේරි පොලීසිය සැක පළ කරයි.
ළමයා ළිඳට වැටීමත් සමඟ මිතුරා එම අවස්ථාවේදීම නිවසට දිව ගොස් වැඩිහිටියන් කැඳවා පැමිණි නමුත් ළමයා ළිඳෙන් ගොඩට ගෙන චාවකච්ඡේරි රෝහලට රැගෙන යාමෙන් පසුව මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා ආරක්ෂාව ගැන මීට වඩා සමාජය දැනුවත් කළ යුතුයි. ළමයින්ට අනාරක්ෂිත ස්ථාන ගැන ළමා ආරක්ෂක අධිකාරිය සැලකිලිමත් වී කටයුතු කළ යුතුය. ළමා අාරක්ෂාව පිළිබඳ පසුගිය කාලය තුල විශාල මුදලක් වියදම් කර සෙමිනා පැවත්වුවද එයින් වැඩක් සිදුවී තිබේදැයි සොයා බැලිය යුතුය. ළමා ආරක්ෂක අධිකාරිය මේ ගැන වහා පියවර ගත යුතුය.