ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සෙකු පණ පිටින් හම ගැසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කළුවා හංදිගේ සිසිර (42) හා පෙත්තා දුරගේ චමින්ද කුමාර (40) යන සැකකරුවන් ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසත් අනෙක් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේශර සමරදිවාකර මහතා අද (24) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සනත් මෝඩයි මිනිසා වගේම සතා සිවුපාවත් පරිසරයේ කොටස්කාරයෝ බව අමතකකරන්න එපා අපි ජීවත්වෙන පරිසරයේ සමතුලිත භාවය රැකදෙන්නේ මේ අහිංසක සතුන් බව ඔබ නොදන්නේ පාසල් නොගිය නිසා වෙන්න ඇති (බ)
මේ කැහැටු කුරුල්ලෙක් අල්ලාගෙන ඒ පස්ස්සේම පන්නන එක විහිළුවක්. මිනීමරුවෝ එලියට දමනවා කුරුළු දඩයක්කාරයෝ කුඩුවට දමනවා. (ම)
උකුස්සා පණපිටින් හැම ගැසීම අනුමත කල නොහැක. වනචාරී යුගයකට රට ගෙනියන නරින්ට උපරීම් දඩුවම් දිය යුතුය (අ)
නියමයි ...මුන් දෙන්න පන පිටින් හම ගහන්න ....(බ)
නඩු හබ මඩ විතරක් ඇසෙන කලක්- සැබෑම වෙනසක් (ම)
සනත් මෝඩයෙක් වගේ කතා කරන්න එපා පරිසරයට වින කරන ඔහෙලා වගේ මිනිස්සු තමා මේ ලෝකෙට කොඩිවිනය. සමීර ජීවත් වීමේ අයිතිය හැම සතාටම පොදු බව හිත ගන්න. මිනිසෙක් වුණාම සතෙක් වගේ හිතන්න පුරුදු වෙන්න එපා. පිළිකුල්. (අ)
සනත්ගේ දරුවන්ට බුදු සරණ වේවා! (නි)
සාමා,කතාව ඇත්ත. සමහරු වැඩකරන්නේ සතුන්ටත් අන්ත විදිහට (නි)
උසාවියෙන් දෙපාරක් ආත්අඩංගුවට ගන්න නියෝග කළ නඩුවක මිනී මරු සැකකරුවෝ තවම එළියේ. උකුස්සා මැරු උන් දිගටම ඇතුලේ. පොලිසිය කොටහළු මගුල් ගෙවල් හොයා හොයා රෙඩ් කරන්නේ . විනාශ කාලේන විපරීත බුද්දිහ් කිව්වලු. (බ)
කුරුල්ලාගේ මානව හිමිකම් මිනිස්සුන්ගේ මානව හිමිකම් වලට වඩා ලොකුයි (බ)