තමිල්නාඩුවේ ට්‍රිචි නුවර මිහින් ලංකා කාර්යාලයයට කඩා වැදුණු ඊළාම් වාදී සිසුහු 11 දෙනෙක් තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එම කන්තෝරුවේ වාඩි වී උද්ඝෝෂණය කළ සිසුහු ඉන්දියා විදේශ ඇමැති ලක්ෂ්මන් කුර්ෂිත්ගේ පඹයකු ද පිළිස්සූහ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා විඳින ගැහැට ඉන්දියා මධ්‍යම රජයට දැන්වීම තම අරමුණ බව සිසුහු කීහ.
ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමිල්නාඩු රජය කරන යෝජනාවට ඉන්දියා මධ්‍යම රජය සහයෝගයක් දැක්විය යුතු බව ද ඔවුහු පවසති.
තමිල්නාඩුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ ස්ථාවරය ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත බොහෝමයක් නොපිළිගන්නා බව විදේශ ඇමැති කුර්ෂිත් කියා ඇත.
කුර්ෂිත් ඇමැතිකමින් පන්නා දැමිය යුතු යැයි ද සිසුහු කීහ.
තමිල්නාඩුවේ සිටින අට කෝටියක් දෙමළ ජනතාවගේ හැඟීම් ඉන්දියා මධ්‍යම රජය පිළිගත යුතු යැයි ද, තමන් කිසිම දේශපාලන පක්ෂයකින් උසිගන්වා නැතැයි ද, තමන්ගේ හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරන්නේයැයි ද එම සිසුහු කීහ.
මෑත සිදුවූ ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණවලින් පසුව තමිල්නාඩුවේ පාසල් අද යළි වීවෘත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලමකට ඕනේ කරන ඔක්කොම දේවල් තමිල්නාඩුවේ තියෙනවනේ. එහෙනම් ඉතින් ඊලමකට හොඳම තැන තමිල්නාඩුව තමා ඉතින්. (අ)
මී වගේ දේවල් වලින් තමිල්නාඩුවට වෙන්නේ පාඩුවක්.(නදී)
ළඟදීම ඊලාම් රාජ්ජයක් තමිල්නාඩුවේ බිහිවෙන එක නවත්වනවා බොරු. (ස)
අලුතින් පඹයො හදන්න ඕන නෑ, ඉන්දියාවෙ ඉන්නෙ ඔක්කොම පඹයොනෙ. (අ)
එයාලට ඕනෑ නම් ඊළඹෙ රාජ්ජයක් තමිල්නාදුව දාගන්න කියන්න අපිට ප්‍රස්නයක් නැහැ. ලෝකට පරකාස ගෙදරට මරගට . (අ)
ජනමතවිචාරණයක්. සුඩානය වෙන්කිරීමේ ප්‍රතිපලය දැන් පෙනෙනවා නේද? (අ)
පොඩ්ඩක් ඉන්න . ඔක්කම ටික ඔහෙට එවනකම්. එතාකොට ඔච්චර කෑ ගහන්න ඕනේ නැනේ.. එයාලව ඉන්දියාවේ තිය ගන්න.. ලකාවේ ඉන්න ඕනේ කට්ටිය ඉන්නවා එයාලට ඉන්න කියන්න අපි වගේ ජීවිත් වෙලා.. (අ)
අනේ මේ,වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. මීට කලින් තමිල්නාඩුවේ මිනිස්සු දුක් විදිනවා දැකල නැද්ද? (ස)
අපේ රටේ ඊලම පිහිටුවන්න කලින් තමිල්නාඩුවේ ඉන්න ඔබට වැසිකිලි ටිකක් හදල දෙන්න කියල ඔබේ පාලකයන්ට කියන්න කරුණ කරලා.(නදී)
ඇයි මේක, ලංකා බැංකුව, මහා කොමසාරිස් කාර්යාලය එහෙම ට්‍රිවෙන්ද්රම් වලට ගෙනියන්නේ නැත්තේ . එතකොට කට්ටියට හොඳට දැනේවි අගය. (අ)
ඊලම තමිල්නාඩුවේ බිහිකරන්න අපේ සහයෝගය දෙමු. එහේ මාර සැප තියෙන්නේ. එතකොට මෙහේ සේරම එහාට යාවි.
මෙහෙම අමාරුවක් අපේ දෙමල සහෝදරයන්ට නැහැ. යුද්දෙන් අපි දෙගොල්ලම බැට කෑව .මුන්ට පිස්සු. ඉන්දියාව කියන්නේ තමිල්නාඩුවට නොවෙයි (අ)
අද කළයුත්ත හෙට කල්දාන්න එපා. ඒකේ විපාකයි අද අපි මේ විදින්නේ. (නි)
ඊලාම් රාජ්ජයක් පිහිටෙවුවහොත් මුළු ලංකාවටම දෙවියන්ගේම පිහිටයි ! (ස)
අනේ හරිම වැඩේ තමා...අර දෙමළ සැලෝලයිඩ් වීරයො කරපු මහා උපවාසය නිසා අපෙ රට වැටුන මහා ආගාධයෙන් ගොඩ එන්නත් කලින් මේ ඊලාම් පැටව් ඇවිත්...ඉවරයි ඉතින්...ඊලම නරකද ඒ නරකාදියෙම අමුනා ගත්තනම්.(නදී)
තමිල්නාඩුවේ දුප්පත් මිනිස්සු කන්ඩ දෙයක් නැතුව පාරවල් වල දවසකට කී දෙනෙක් මැරෙනවද ?..උන්ට දෙමල මිනිස්සු ගැන ඔච්චර අමාරුවක් තියෙනවා නම් ඉස්සරවෙලා ඒ මිනිස්සුන්ව ජීවත් කරවන්ඩ ක්‍රමයක් හදන්ඩ තිබ්බනේ, වෙන රටවල් වල මිනිස්සු ගැන හොයා හොයා ඉන්නැතුව. ඉලව් හෘද සාක්ෂිය.(නදී)
තමිල්නාඩු ශක්ෂරතාවය 50% ක් .නේද???(නු)
අපි කරපු වරද තමයි මෙයාලාට උගන්වන්න එහෙම දීලා රැක බලා ගත්ත එක....(නු