IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඊළාම් සිසුහු ට්‍රිචි මිහින් ලංකා කාර්යාලයයට කඩා වදිති

තමිල්නාඩුවේ ට්‍රිචි නුවර මිහින් ලංකා කාර්යාලයයට කඩා වැදුණු ඊළාම් වාදී සිසුහු 11 දෙනෙක් තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

එම කන්තෝරුවේ වාඩි වී උද්ඝෝෂණය කළ සිසුහු ඉන්දියා විදේශ ඇමැති ලක්ෂ්මන් කුර්ෂිත්ගේ පඹයකු ද පිළිස්සූහ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා විඳින ගැහැට ඉන්දියා මධ්‍යම රජයට දැන්වීම තම අරමුණ බව සිසුහු කීහ.

ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමිල්නාඩු රජය කරන යෝජනාවට ඉන්දියා මධ්‍යම රජය සහයෝගයක් දැක්විය යුතු බව ද ඔවුහු පවසති.

තමිල්නාඩුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ ස්ථාවරය ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත බොහෝමයක් නොපිළිගන්නා බව විදේශ ඇමැති කුර්ෂිත් කියා ඇත.

කුර්ෂිත් ඇමැතිකමින් පන්නා දැමිය යුතු යැයි ද සිසුහු කීහ.

තමිල්නාඩුවේ සිටින අට කෝටියක් දෙමළ ජනතාවගේ හැඟීම් ඉන්දියා මධ්‍යම රජය පිළිගත යුතු යැයි ද, තමන් කිසිම දේශපාලන පක්ෂයකින් උසිගන්වා නැතැයි ද, තමන්ගේ හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරන්නේයැයි ද එම සිසුහු කීහ.

මෑත සිදුවූ ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණවලින් පසුව තමිල්නාඩුවේ පාසල් අද යළි වීවෘත විය.

 



අදහස් (0)

ඊළාම් සිසුහු ට්‍රිචි මිහින් ලංකා කාර්යාලයයට කඩා වදිති

දමිත් තරංග Thursday, 04 April 2013 09:37 PM

ඊලමකට ඕනේ කරන ඔක්කොම දේවල් තමිල්නාඩුවේ තියෙනවනේ. එහෙනම් ඉතින් ඊලමකට හොඳම තැන තමිල්නාඩුව තමා ඉතින්. (අ)

:       0       0

ලීල් ගුණවර්ධන Thursday, 04 April 2013 10:38 PM

මී වගේ දේවල් වලින් තමිල්නාඩුවට වෙන්නේ පාඩුවක්.(නදී)

:       0       0

තිසල් Thursday, 04 April 2013 02:14 PM

ළඟදීම ඊලාම් රාජ්ජයක් තමිල්නාඩුවේ බිහිවෙන එක නවත්වනවා බොරු. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 04 April 2013 02:35 PM

අලුතින් පඹයො හදන්න ඕන නෑ, ඉන්දියාවෙ ඉන්නෙ ඔක්කොම පඹයොනෙ. (අ)

:       0       0

සනත් Thursday, 04 April 2013 02:37 PM

එයාලට ඕනෑ නම් ඊළඹෙ රාජ්ජයක් තමිල්නාදුව දාගන්න කියන්න අපිට ප්‍රස්නයක් නැහැ. ලෝකට පරකාස ගෙදරට මරගට . (අ)

:       0       0

කුමාර Thursday, 04 April 2013 02:38 PM

ජනමතවිචාරණයක්. සුඩානය වෙන්කිරීමේ ප්‍රතිපලය දැන් පෙනෙනවා නේද? (අ)

:       0       0

දිකක්‍යා Thursday, 04 April 2013 02:51 PM

පොඩ්ඩක් ඉන්න . ඔක්කම ටික ඔහෙට එවනකම්. එතාකොට ඔච්චර කෑ ගහන්න ඕනේ නැනේ.. එයාලව ඉන්දියාවේ තිය ගන්න.. ලකාවේ ඉන්න ඕනේ කට්ටිය ඉන්නවා එයාලට ඉන්න කියන්න අපි වගේ ජීවිත් වෙලා.. (අ)

:       0       0

විමුක්ති Thursday, 04 April 2013 03:41 PM

අනේ මේ,වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. මීට කලින් තමිල්නාඩුවේ මිනිස්සු දුක් විදිනවා දැකල නැද්ද? (ස)

:       0       0

කුමාර Thursday, 04 April 2013 03:36 PM

අපේ රටේ ඊලම පිහිටුවන්න කලින් තමිල්නාඩුවේ ඉන්න ඔබට වැසිකිලි ටිකක් හදල දෙන්න කියල ඔබේ පාලකයන්ට කියන්න කරුණ කරලා.(නදී)

:       0       0

අභිජිත් Thursday, 04 April 2013 03:47 PM

ඇයි මේක, ලංකා බැංකුව, මහා කොමසාරිස් කාර්යාලය එහෙම ට්‍රිවෙන්ද්රම් වලට ගෙනියන්නේ නැත්තේ . එතකොට කට්ටියට හොඳට දැනේවි අගය. (අ)

:       0       0

බූතයා Thursday, 04 April 2013 03:54 PM

ඊලම තමිල්නාඩුවේ බිහිකරන්න අපේ සහයෝගය දෙමු. එහේ මාර සැප තියෙන්නේ. එතකොට මෙහේ සේරම එහාට යාවි.

:       0       0

කෙවින් Thursday, 04 April 2013 04:28 PM

මෙහෙම අමාරුවක් අපේ දෙමල සහෝදරයන්ට නැහැ. යුද්දෙන් අපි දෙගොල්ලම බැට කෑව .මුන්ට පිස්සු. ඉන්දියාව කියන්නේ තමිල්නාඩුවට නොවෙයි (අ)

:       0       0

ශාන්ත Thursday, 04 April 2013 04:33 PM

අද කළයුත්ත හෙට කල්දාන්න එපා. ඒකේ විපාකයි අද අපි මේ විදින්නේ. (නි)

:       0       0

කුමාරි Thursday, 04 April 2013 04:49 PM

ඊලාම් රාජ්ජයක් පිහිටෙවුවහොත් මුළු ලංකාවටම දෙවියන්ගේම පිහිටයි ! (ස)

:       0       0

සනත් Thursday, 04 April 2013 07:27 PM

අනේ හරිම වැඩේ තමා...අර දෙමළ සැලෝලයිඩ් වීරයො කරපු මහා උපවාසය නිසා අපෙ රට වැටුන මහා ආගාධයෙන් ගොඩ එන්නත් කලින් මේ ඊලාම් පැටව් ඇවිත්...ඉවරයි ඉතින්...ඊලම නරකද ඒ නරකාදියෙම අමුනා ගත්තනම්.(නදී)

:       0       0

පමෝද් Thursday, 04 April 2013 08:07 PM

තමිල්නාඩුවේ දුප්පත් මිනිස්සු කන්ඩ දෙයක් නැතුව පාරවල් වල දවසකට කී දෙනෙක් මැරෙනවද ?..උන්ට දෙමල මිනිස්සු ගැන ඔච්චර අමාරුවක් තියෙනවා නම් ඉස්සරවෙලා ඒ මිනිස්සුන්ව ජීවත් කරවන්ඩ ක්‍රමයක් හදන්ඩ තිබ්බනේ, වෙන රටවල් වල මිනිස්සු ගැන හොයා හොයා ඉන්නැතුව. ඉලව් හෘද සාක්ෂිය.(නදී)

:       0       0

සදුනි Thursday, 04 April 2013 08:57 PM

තමිල්නාඩු ශක්ෂරතාවය 50% ක් .නේද???(නු)

:       0       0

වසන්ත Thursday, 04 April 2013 09:11 PM

අපි කරපු වරද තමයි මෙයාලාට උගන්වන්න එහෙම දීලා රැක බලා ගත්ත එක....(නු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site