ජෙරුසලමේදීය (ඒ.එෆ්.පී)
ඊශ්‍රායලය සිරියාවේ ඉරාන ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් ඊශ්‍රායලය මෙලෙස සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වූ අතර මැදපෙරදිග කලාපයේ උග්‍ර සතුරන් ලෙසින් හැඳින්වෙන ඊශ්‍රායලය සහ ඉරානය අතර මෙම නවතම ආරවුල උග්‍ර අතට හැරෙනු ඇතැයි පැවසේ.
මෙම තත්ත්වය කඩිනමින් සමථයකට පත් කරගන්නැයි රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය ඊශ්‍රායලයෙන් හා ඉරානයෙන් ඉල්ලා සිටියේය.
“ඉකුත් පැය කිහිපයේ ඇති වූ තත්ත්වය යුද්ධයත් සාමයත් අතර කරුණක් බවට පත්වෙලා” යැයි ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනතුරු ඇඟවීය.
ප්‍රහාරක ගුවන් යානා 23ක් සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව නිරීක්ෂණ සංවිධානයක් වාර්තා කළ අතර එය මෑතකාලීන වසර වලදී ඊශ්‍රායලය ආරම්භ කළ විශාලතම ප්‍රහාරය පමණක් නොව ඉරානය ඉලක්ක කරගනිමින් කරන ලද දැවැන්තම ප්‍රහාරය බවත් එම සංවිධානය තවදුරටත් වාර්තා කළේය.
“අපි සිරියාවේ ඉරාන හමුදාවට පහසුකම් සපයන ස්ථාන සියල්ලට ප්‍රහාර එල්ල කළා” යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇව්ඩෝර් ලීබර්මෑන් පැවැසීය.
“අපි කතාව අවසන් කළා. සියලු දෙනා මෙය තේරුම් ගනිවී” ඔහු තවදුරටත් කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිල ඉහළ යාමේ හේතුව මේකයි. ලංකාවේ පිටරටින් වැඩි මිලකට ඉන්ධන ආනයනය කර මේ ගණනට දෙන එකත් ලොකු දෙයක්.
කතාව අවසන් වුණේ නැහැ. කතාවේ හොඳම හරිය දැන් තමයි ආරම්භ වුණේ..
ඕක දුර දිග ගියොත් කොහෙන් කෙලවර වෙයිද කියල හිතා ගන්නත් අමාරුයි .
ප්‍රහාර දෙන්න ඉරානෙට පාන් කියා ගන්න බැරි වෙන්න.
චූලා, ඇයි අමාරුවක් තියනවද ඉරානෙට ගහන්න.. මොකෙක්ගෙන් හරි කාලා බුදියගෙන ඉන්න මේ වගේ කතා කියන්න තමයි දන්නේ... ඔබලා අද මහලොකුවට තෙල් ගහගෙන වාහන දුවන්නේ ඉරානයෙන් අපට දුන්න තෙල් සංස්ථාව නිසා හා ඉරානයෙන් අඩුමිලට තෙල් දෙන හා හුවමාරු ක්‍රමයට තේ කොළ ලබාගැන බොරතෙල් දෙන නිසාද? කටතිබුණු පළියට දොඩවන්න එපා...