(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
වැලිගම මිදිගම ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට පොලු වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (17) රාත්‍රී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
විදේශීය ජාතික තරුණියක් මුහුදේ සර්ෆ් ක්‍රීඩාව සිදු කරන අතරතුරදී සර්ෆ් බෝඩ් එක මූදුගමුව ප්‍රදේශයේ තරුණයකුගේ අතේ වැදී තුවාල සිදු වී තිබේ.
ඔහු බෙහෙත් දමා ගැනීම සඳහා මුදල් ඉල්ලා සිටිමේදී එම ස්ථානයට පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් සමඟ ආරවුලක් ඇතිකර ගෙන තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
එහිදී දෙපාර්ශවය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයිද පසුව එතැනට රැස් වු පිරිස ඊශ්‍රායල් ජාතිකයින්ට දැඩි ලෙස පහර දී තිබෙන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායෙල් ජාතිකයෝ මෙහෙ ඇවිල්ලත් පුරුද්ද පෙන්නන්න හදන්න ඇති...
අපේ සමහරක්ට තේරෙන්නේ රටවල් වලින් ලංකාවේ සංචාරයට තහංචි, වාරණ දාලා සංචාරක ව්‍යාපාරය ඉවරයක් වුණාට පස්සේ...
දකුණ? කවදාවත් මේ මිනිස්සු තිරිසන් බව අතහරියිද?
මොන රට බය වුනත් ඊශ්‍රායලයට අපේ උන් බය නැහැ. අපි වෙන්න ඇති ඊශ්‍රායලයට ගැහැව්ව එකම රට. ඉදිරියේදී අවශ්‍ය වුනොත් රුසියාවත් අපිට උදව් කරයි. තාම පුටින්වත්, ඩොනල්ඩ් ට්රම්ප්වත් කිසිම ප්‍රකාශයක් කරලා නැහැ නේද?
දොන් පෙරේරා සමග මමත් එකඟයි. දකුණ ගෑවිලා තිබුණත් කරන්නේ තිරිසන් වැඩමයි.
අනිවාර්යෙන්ම තුවාලෙට බෙහෙත් දාගන්න රු 10000 ක් වත් ඉලන්න ඇති. අපි දන්නේ නැද්ද අපේ අයියලගේ හැටි. කොයි වේලාවේද දතක් ගලවන්නේ කියලා බලාගෙන ඉන්නේ.
සම්පත්ගේ කතාවට මමත් එකඟ වෙනවා.. මම හිතන්න 50000 වත් ඉල්ලන්න ඇති.. දකුණේ සමහර මිනිස්සුන්ට මනුස්සකම ගෑවිලාවත් නෑ.
සංචරකයින්ව හපාකන බල්ලන්ව වහාම බැඳදමනු...
සංචාරකයින්ට මේ රටේ දී දැන් දැන් පහර දෙන හැටියට අපේ රටේ සංචාරක කර්මාන්තය ඉහළින් දියුණු කරන්න පුළුවන් වේවි !!!
ඊශ්‍රායලයේ සේවය කරන අයගේ සේවය ගැන පැහැදිලා මෑතක සිට ඊශ්‍රාල් ජාතිකයන් ලංකාවට බහුලව එන්න පටන්ගෙන තියනවා, එහෙනම් ඒකත් ඉවරවෙයි වගේ, ඒ ඇයි කියනවානම්, ඊශ්‍රායලයේ අය එයාලාට පොඩි හිරිහැරයක් හරි වෙන රටකට යන්න කැමති නැහැ .
එකම විදේශීය සංචාරකයෙකු නෙවෙයි පිටරට පදිංචියට ගිය ලංකාවේම මිනිස්සුන්වත් දැන් නිවාඩුවට මෙහෙ එන්නේ බැරිම තැන. මගේ ඥාතියෙකු මෙහි නිවාඩුවකට ඇවිත් දුම්රියෙන් නුවර යන වෙලාවේ ඔහුගේ නෙදර්ලන්ත ජාතික තරුණ බිරිඳගේ අතින් අල්ලලා. ඒ විදේශීය කාන්තාව ආපසු රටින් යනකොට තමන්ගේ නැන්දම්මාට සිංහල ක්‍රමයට අත් දෙක එකතු කරලා වැඳලා ආපසු ගියේ. මට අපේ මිනිස්සු ගැන හරිම ලැජ්ජාවක් හිතුනා.
දකුණේ වෙරළබඩ මේ ගණන්කාරකම් දමන අශිෂ්ට පුද්ගලයින් නිසා මුළු රටම අවමානයට ලක් වෙනවා. මේ තක්කඩින්ට නිසි දඬුවම් ලබා නොදුන්නොත් සංචාරක ව්‍යාපාරයත් බල්ලට යනවා ෂුවර්! පොලිසියට මේ අයව පාලනය කරන්න බැරිනම් දකුණු පළාතට දාන්න හමුදා කඳවුරු කීපයක්....
අැත්තෙන්ම උඩ අදහස් කීපයක් ගැන කල්පනා කළා. ලංකාවේ අනෙකුත් සියළුම පළාත්වල සිදුවෙන අපරාධ එකතු කළත් දකුණු පළාත පරද්දන්න බෑ. මිනීමැරුම්, දුෂණ, කොල්ලකෑම් හැමදාම වෙනවා. මෙච්චර ජනතාවක් ඉන්න බස්නාහිර පළාතේවත් මෙහෙම නෑ. අහලා තියනවද උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව කියලා පාතාලයක් ගැනවත්. බෙන්තර ඟඟෙන් මෙහාට බලලෙක්වත් ගේන්න එපා කියන්නේ මේ හින්දා වෙන්නැති...
අතේ වැදිලා තුවාල කරගැනීම සුද්දන්ගෙන් ගාන කඩාගන්න හිතාමතාම කරගත්ත දෙයක් වගේ... සංචාරකයින්ට පොලු වලින් එලව එලවා ගහන්න තරම් මෝඩ මීහරක් තමයි දකුණේ ඉන්නේ...
සංචාරක පොලිසිය පොල් ගෑවාද?