ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එම සංචාරය අතර මඟ නවතා දමා නැවත සිය රට වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඉරාන හමුදා නායකයා මිය යෑමේ සිදුවීමත් සමඟ යුදෙව් රාජ්‍යයක් වන ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතු වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය යනු ඊශ්‍රායලයේ සමීපතම මිතුරාය. එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ ආරක්ෂක ප්‍රධානීන් සහ කැබිනට් මණ්ඩලය අද (3) රැස්වීමට නියමිත යැයි ද වාර්තා විය.
ඇමෙරිකානු හමුදා සිකුරාදා අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.
ඒ.එෆ්.පී.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම රටේ ව්‍යවසන තත්වයක් මතුවන විට නියම නායකයින් තම විදේශ සංචාර අවලංගු කර තම රටේ අවශ්‍යතාවයන් සොයා බලන්නට හැකි විගස රටට එනවා. අපේ කට්ටිය වගේ නොවෙයි...
ගැහුවේ ඇමරිකාව... මැරුනේ ඉරාන ජාතිකයෙක්. තම රටට හැරිලා ආවේ ඊශ්‍රායල් අගමැති... මුළු මැද පෙරදිගම ඇවිලේවි. ඇමරිකා ජනාධිපතිවරණය අතළඟ. තමන්ට ලකුණු දාගන්න අහිංසක මිනිස්සු මැරේවි... ඇමරිකාව කොහොමත් මිනීමරන්න දක්ෂයි තමන්ගේ පැවැත්ම නිසා...