අගෝස්තු 12 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය වන "රස්තම්" චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන සුරූපී ඊශා ගුප්තා ඉදිරියේදී හොලිවුඩ් චිත්‍රපටයක් සඳහාද එක්වීමට සූදානමින් පසුවන බව සඳහන්. "රාස්" දෙවැනි චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඊශා, මේ වනවිට බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී ඇති නිළියක්.
හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලිනා ජොලීට සමාන රූවක් ඇති නිසාම ඊශාට මෙසේ හොලිවුඩ් සිනමාවට එක්වීමට වාසනාව උදාවී තිබෙන බව "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය පවසා සිටිනවා. ඊශා හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීමට පෙර විපුල් අමෘත්ලාල්ගේ "කොමන්ඩෝ" දෙවැනි චිත්‍රපටය සඳහාත්, අජේ දේව්ගන් සහ එම්රාන් හසීම් රංගනයෙන් දායකවන බොලිවුඩ් චිත්‍රපට 2ක් සඳහාත් දායක වීමට නියමිතව තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd