ඊයම් සහිත තීන්ත දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි.
එම නිසා ඊයම් සහිත තීන්ත පන්ති කාමරවල සහ පාසල් ගොඩනැගිලිවල ආලේප කිරීමෙන් වළකින ලෙසට ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
එවන් තීන්ත ආලේප කිරීම හේතුවෙන් දරුවන්ගේ මොළයේ විකසනය සහ ක්‍රියාකාරීත්වයට හානියක් මෙන්ම මොළයේ වර්ධනයට අහිතකර බලපෑමක් ඇතිකරවන බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසීය. එම තත්ත්වය බුද්ධිමත් දරුවකු බිහිකර ගැනීමට ප්‍රබල බාධාවක් බවත් වෛද්‍ය ගුණතිලක අවධාරණය කලේය.
පන්ති කාමරවල ආලේප කළ තීන්ත හේතුවෙන් එම පන්ති කාමරවල දූවිල්ලේ පවා ඊයම් මිශ්‍රවී තිබෙන බවත් මෙරටේ සිදුකළ වගකිව යුතු සමීක්ෂණ තුළින් හෙළිදරව් කරගෙන ඇත.
තීන්ත බහාලුම්වල ලේබලයේ ඊයම් රහිත තීන්ත යනුවෙන් සටහන්ව පවතින තීන්ත පමණක් ආලේප කළ යුතු බවත් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ඊයම් තීන්ත පුංචි මොළේ වනසයි‘
රන්ජිත් Tuesday, 20 January 2015 06:37 AM
නම් ටික කියන්නකෝ. අපි ගන්නේ නැතුව ඉන්නම්. (නි)
ශාන්ත Tuesday, 20 January 2015 07:48 AM
මෙම තීන්ත භාවිතයෙන් ඉවත් කරන්න. (නි)
නුවන් Tuesday, 20 January 2015 09:30 AM
රන්ජිත් ,ගනිද්දී ඇසුරුම බලන්න (නි)