ඊලාම් ජනතා විප්ලවකාරී පෙරමුණ හෙවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායකයා වූ ශ්‍රී පද්මනාභගේ පිළිරුවක් අද ත්‍රිකුණාමලයේ මුහුද පෙනෙන පාරේ පිහිටි එම සංවිධානයේ කාර්යාලයය ඉදිරිපිට දී විවෘත කැරිණි.
පද්මනාභ අදින් 25 වසරකට පෙර කොටි සංවිධානය විසින් ඝාතනය කැරිණි. පිළිරුව විවෘත කිරීමෙන් පසු ඇස්කණ්ණාඩි හා භාණ්ඩ බෙදා දීම ද සිදුකැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසලක පිළිරුව දැක්කහම හිත රිදෙනවලු. මේක දැක්කහම සිංහලයාගේ හිත රිදෙන්නේ නැද්ද දන්නෙ නැහැ. (නි)
මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
ළඟදීම තව තව ඒවා හදාවිද දන්නෙ නැහැ (නි)
ඊළඟට කාගේ පිළිරුවද? (නි)
මේවා කලින් හැදුනේ නැහැ. ඒ වුණාට කට්ටිය කියන්නේ මහින්ද රාජපක්ෂ, බේසමේ කිඹුල්ලු දකිනවා කියලා. තව ඉසරහට හොඳ හොඳ සෙල්ලම් පෙනේවි (නි)
මේක වහාම ඉවත් කළයුතුයි කියලයි මම නම් කියන්නේ
නරකද තව තව ඒවා හැදුවා නම් ඔය පැත්තේ? (නි)
හසලක ගාමිණීගේ පිළිරුව ගලවලා දාමු කියලා කියයි දැන්. මොකද ඒක දකිනකොට එහෙ ජනතාවගේ සිත රිදෙනවනේ. (නි)
ඇසලයෝ අපි හදමු මහින්ද පිළිරුවක්. එයයි මෙයයි දෙන්නම ප්‍රභාකරන්ට විරුද්ධයි නේ. එතකොට මහින්දව ගලවන්න කිව්වොත් පද්මනාභාවත් ගලවන්න ඕන. එහෙම නේද ලොජික් එක වැඩ කරන්න ඕන.(හේ)
එයා රාජ්‍ය නායකයෙක්ද?මෙරටේ ඉදිවියයුත්තේ රාජ්‍ය නායකයන්ගේ සහ ආගමික ශාස්තෲවරුන්ගේ පිළිරූ පමණක් බව රජය ඉක්මනින් තීරණය නොකොළොත් රටපුරාම හතු පිපෙන්නා වගේ ත්‍රස්තවාදී පිළිරූ ඉදිවෙන්න ගනීවි. ශ්‍රී ලංකා ත්‍රස්තවාදී කල්ලියට උඩගෙඩි දුන් ඉන්දියාව පවා පසුගිය දිනක කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ හොල්මන් පිළිරුවක් ඉවත්කළා.ඇස්කණ්ණාඩි හා භාණ්ඩ බෙදාදීම කරන එක හොඳයි.ඒක කරන්න පිළිරුවක් ඕනෑ නැහැ. (නි)