( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ලංකා ඊ - නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතීසිය මේ දක්වා භාර දීමට නොහැකි වී ඇති බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද (20) ශ්‍රේෂ්ඨධිකරනයට දැනුම් දී තිබේ.
ලංකා ඊ - නිව්ස් වෙබ් අඩවියේ පළ වී ඇති පුවත්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් නීතිඥ මදුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිලි 14 ක් අද කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේය.
මෙම පෙත්සම ඊවා වනසුන්දර , ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා ඊනිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර සහ චන්ද්‍රසිරි සෙනවිරත්න නම් කරනු ලැබ සිටිති.
සදරුවන් සේනාධීර මහතා ගේ ලන්ඩනයේ පිහිටි ලිපිනයට එම සිතාසි බාර දීම සදහා අධිකරණ අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහකොමසාරිස් කාර්යාලය හරහා කටයුතු කර ඇති අතර එම සිතාසි යලි පැමිණ නැතැයිද ජනාධිපති නීතීඥවරයා කීය. මෙම පෙත්සම ලබන සැප්තැම්බර් 10 වැනිදා කැඳවීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට අපහාස වන්නේ මාධ්‍යය කරුවන්ගෙන් පමණද? ජනතාවගේ මුදලින් යැපෙන දේශපාලකයෝ දිනකට කී වතාවක් අධිකරණය හා නීතිය හෑල්ලු කරන්නේද? ඒ හැමෝටමත් නඩු පැවරෙන්නේද? එසේ සිරබත් කෑවේ එකම එක ඇමති වරයායි. බහුතරය නිදැල්ලේ.