IMG-LOGO

ඊද් අල් ෆීතර් සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකා මිතුරන්ගෙන් වේදිකා නාට්‍යයක්

Drama

 

ජූලි මස 6 වැනිදා කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ආසියානු නගරයේදී සංවිධානය කරන ලද ඊද් අල් ෆීතර් සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලාංකික ප්‍රජාවේ කාර්යයන් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව මගින් ලබාදුන් අවස්ථාව උපයෝගී කරගනිමින්, එම කමිටුවට අනුබද්ධ ශ්‍රී ලාංකික මිතුරු සමාජය විසින් වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කරන ලදී. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ යහපත් ජීවන දැක්ම මෙම වේදිකා නාට්‍යයේ තේමාව විය.


මෙවර ඊද් අල් ෆීතර් සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලාංකික සහෘදයන් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දේශමාන්‍ය ටෙනිසන් සිල්වා මහතා ඇතුළු එම කමිටුවටත්, උළෙලේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙය වූ රංජිත් ගුරුසිංහ මහතාටත්, කටාර් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකා මිතුරු සමාජය සිය කෘතඥතාවය පුදකර සිටියි. 


ශ්‍රී ලංකා මිතුරු සමාජය විසින් ශ්‍රී ලාංකිකයන්ගේ කලා, සංගීත, සාහිත සහ ක්‍රීඩා කෞශල්‍යයන්ගේ ප්‍රගමනය වෙනුවෙන් කරන ඉදිරි කටයුතු ගැන තොරතුරු 33345393 යන අංකයෙන් නිශාන්ත ගමගේ මහතා ඇමැතීමෙන් ලබාගත හැකි බව එම සමාජය පවසයි.



අදහස් (0)

ඊද් අල් ෆීතර් සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකා මිතුරන්ගෙන් වේදිකා නාට්‍යයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site