කයිරෝහිදීය (රොයිටර්)
ඊජිප්තුවේ උතුරු සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක යාච්ඥාවල යෙදි සිටි පිරිසකට සටන්කාමීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් හා වෙඩි තැබීමකින් 200 දෙනකු මියගොස් ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
සිකුරාදා දිනයේ යාච්ඥාවල යෙදී සිටි අල් අරිෂ්හි බිර් අල් අබේද් නගරයේ අල් රාව්දා පල්ලියට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ජිප් රථ හතරකින් පැමිණි පුද්ගලයන් පිරිසක් මෙලෙස යාච්ඥාවල යෙදී සිටි පිරිස්වලට වෙඩි තබා ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පැවැසූහ.
කලාපය තුළ ඇති වී තිබෙන ඉස්ලාමීය කැරැල්ල 2013 වසරේදී ඊජිප්තුවටද පැමිණි අතර එරට ආරක්ෂක අංශ වසර හතරක සිට එය පාලනයට කිරීමේ උත්සාහයක යෙදි සිටියි. සිනායි අර්ධද්වීපයේ නිරන්තරයෙන් මෙවැනි ගැටුම් පිළිබඳව වාර්තා වන අතර මෑතකාලීනව එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙම ප්‍රහාරයයි.
පල්ලිය තුළ ද දරුණු ලෙස තුවාල ලැබූ පිරිස් සිටින බවත් 125කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා විය. පල්ලිය තුළ යාච්ඥාවල නිරතව ඇත්තේ ආරක්ෂක අංශවලට හිතවත් පිරිසක් යැයි තවදුරටත් වාර්තා විය. මෙම පල්ලියට යාච්ඥාවලට පැමිණෙන්නේ ඉස්ලාමීය ගූඪවාදයක් වන සුෆී දහම අදහන්නන් යැයි ද පැවසේ.
අයි.එස් සංවිධානය ඇතුළු ජිහාද් සංවිධාන සුෆීදහම මිථ්‍යාදෘෂ්ටික ඇදහීම් යැයි චෝදනා කරයි.
ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී ආරක්ෂක ප්‍රධානීන් හමු වී මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි එරට පෞද්ගලික නාලිකාවක් වන ‘එක්ස්ට්‍රා නිව්ස් ටී.වී’ වාර්තා කර තිබිණි.
මෙම ප්‍රහාරයට දියත් කරන ලද්දේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර ජිහාද් සටන්කාමීන් දිගින් දිගටම පසුගිය කාලයේදී ප්‍රහාර දියත් කරන ලදි. ඊජිප්තු හමුදාව 2013 වසරේ ජනාධිපති මොහම්මෙද් මොර්සි බලයෙන් පහ කිරීමත් සමඟ එම ප්‍රහාර රැල්ල තවත් වැඩිවිය. පසුගිය වසර හතරක කාලයේදී සටන්කාමීන් දියත් කරන ලද ප්‍රහාරවලින් පොලිසිය ද ඇතුළුව ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සිවිල් වැසියන් සිය ගණනකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. සිනායි පළාතේ බොහෝ ප්‍රහාර දියත් කරන ලද්දේ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායම්ය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් මහින්ද මහත්තයට පින්සිදු වෙන්න.. ආරක්ෂක හමුදාවට පින්සිදු වෙන්න මේ රටේ මිනිස්සු බියෙන් සැකෙන් තොරව ඉන්නවා. එකට පිටින් ඉඳලා ඩොලර් යොදවලා මිනිස්සුන්ගේ හිත විනාශ කරන , අන්තවාදය පතුරන අයගෙන් ප්‍රවේශම් වෙන්න.
මේක කියන්නේ අකමැත්තෙන්... ලංකාවටත් ඔයටික වෙනවා තවකාලයකින්....
මියන්මාරෙට විරුද්ධව පෙළපාලි ගිය අය මේකට තමන්ගේම මිනිස්සු මරාගන්න නිසා වෙන්න ඇති නේද?
හිතක්, පපුවක් නැති ලේ පිපාසෙන් ඉන්න මිථ්‍යා දෘෂ්ඨික අය. මොන සර්වාගමික දේවල්ද? මේ අයට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ ලෝකය දකින්න.
මේ අයව ලෝකයෙන්ම අතුගාලා දාන්න ඕනේ... මොකද ඉන්න තැන ප්‍රශ්න. මිථ්‍යා දෘෂ්ටිකයෝ. ඉර බහින්නේ මඩ ගොහොරුවකට, ලෝකය පැතලියි වගේ කතා තමයි තියෙන්නේ.
සාමයේ ආගම. එහෙමයි ඒ ගොල්ලෝ කියන්නේ. ඒ ගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ අයත් එක්ක එකට ඉන්න බැරි එකේ අන්‍ය ආගමිකයන්ගේ ජීවිත ගැන කවර කතාද? සහජීවනේ හින්දා මේවා පල කරයිද දන්නේ නැහැ.
මේවට ලංකාවේ උලමාවරු පෙළපාලි විරෝධතා නැත්තේ මොකද දන්නෑ. ඒ ඒ අයම ගහගන්න නිසාද?
ඉරාකයේ ෂියා සහ සුන්නි කෙටෙව්වා. ඇෆ්ඝනිස්තානයේ තලේබාන් හා රජය කෙටෙව්වා. සිරියාවේ ඉස්ලාම් හා ක්‍රිස්තියානිය කොටවමින් ඉන්නවා. ඉරානයේ ෂියාවරුන් සමග කොටවන්න කණ්ඩායම් හොයාගන්න මෙහෙයුම් කරනවා. මේ ප්‍රහාරය ඊජිප්තුවේ ඉස්ලාම් හා සුෆීවරුන් කෙටවීමටයි. ජිහාඩ්ට විරුද්ධව කෘසේඩ් ක්රියාත්මකවන්නේ මෙලෙසයි..
අන්න දැක්කද සංහිඳියාව? සහජීවනය දෝරෙ ගලන හැටි. තමන්ගේම අය එක්ක එකට ඉන්න බැරිනම් අනිත් අයත් එක්ක ඉන්නෙ කොහොමද?
මුස්ළිම් රටවල් සියල්ලම කතොලික අගමට හරවලා මුස්ළිම් ජනතාව කතොලිකයෝ කරානම් මුළු ලෝකයටම අනිවාර්යෙන්ම සාමය උදාවෙනවා.
ගෙඩි තියන ගහට ගල් පහරවල් වගේ ඉස්ලාම් දහම සත්‍ය දහම නිසා අද ලෝකයේ මොන රට ගත්තත් ඉස්ලාම් ආගමට ගරහන්නේ නැතිව ඉන්න බැහැ. තමාගේ සංස්කෘතියයි, සදාචාරයයි විනාශ කරගෙන පිරිහෙන කොට එයාලා වගේ අපිත් විනාශ වෙන්න ඕනෑ කියලා තමයි ඔය බටහිර ජාතීන් පිළිපදින අයට ඕනෑ වෙලා තියෙන්නේ. එයාලට කරපු අපරාදයකුත් නැහැ. කොහේ හරි පොඩි ගල් කැටයක් වැටුණොත් එ්ක ලොකුවට පෙන්නලා තමාගේ මුළු ඉරිසියාවම පෙන්නගන්නවා.
සාමයේ ආගමෙන් සාමයේ ආගමට ප්‍රහාරයක්! දැන් ඔන්න අමෙරිකාවට, සීඅයිඒ එකකට බනියි... නමුත් ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ඨික මිනීමරු අදහස්... අනික් ආගම්වලට විරුද්ධ අදහස් ... මේ ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. මුළු ලෝකයම හැමතැනම ත්‍රස්තවාදය ඇතිව තිබෙන්නේ මේ මිථ්‍යා දෘෂ්ඨික අදහස් නිසායි. වර්තමානයේ හැම ප්‍රධාන ගැටුමක්, මිනී මැරීමක් තියෙන තැනවල ඔවුන් ඉන්නවා. මේක ඔවුන්ගේ අර පොතේ, පල්ලිවල ඉගැන්වීම් සහ සංකල්පවල, ප්‍රශ්නයක්. මොවුන් නැති රටවල එවැනි ප්‍රශ්න බොහොම අවමයි. මොවුන් වැඩි රටවල නැති ප්‍රශ්න ඇතිකරනවා. ඒවා විනාසයි. අනික් රටවල කපටිකමට සහජීවනය ගැන දොඩවනවා...
මහා ම්ලේච්ඡයෝ.. පනින්න හදන්නේ කවුරුහරි මරන්නයි. මට නොතේරෙන දර්ශනයක් තියෙන්නේ...