දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ජනමත විචාරයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කැර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා කියයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි සංශෝධන සියල්ල විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ඊට අමතරව 11 වැනි වගන්තියෙත් ජනාධිපතිවරයා සතු බලතල ඇමැතිවරයාට ලබා දීමේදී සංශෝධනය වන 42(3),43(1),44(22),44(3) සහ 44(5) යන අනු ව්‍යවස්ථා සහ 26 වැනි වගන්තියේ 104 ආ (5) (ඇ) අනු ව්‍යවස්ථාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙන් විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.මේ අනුව ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන මෙසේය.
· අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේය.
· අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එක් එක් අමාත්‍යවරුන්ට පවරන විෂය සහ කාර්යද විනිශ්චය කරනු ලැබිය යුත්තේය.
· අග්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාම නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේය.
· අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය.
· අමාත්‍යවරුන්ට පැවැරිය යුතු විෂය හා කාර්යද එකී අමාත්‍යවරුන්ට යම් අමාත්‍යංශයක් බාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යංශයක් අග්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේය.
· අමාත්‍ය මණ්ඩලයේ කවර වුහෝ අමාත්‍යවරයකු විසින් ඔහු හෝ ඇය වෙත පැවැරී ඇති යම විෂයකට හෝ කාර්යයකට අදාළ යම් බලයක හෝ කාර්යක හෝ යම් කිසි ලිඛිත නීතියකින් ඔහුට හෝ ඇයට පැවැරී ඇත්තාවු හෝ නියම වී ඇත්තාවු යම් බලයක් හෝ කාර්යයක් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත ගැසට් පත්‍රයේ පළ කරන නිවේදනය මගින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාට එකී බලය හෝ නියම කරන්නාවු ලිඛිත නීතියට පටහැනිව කුමක් සඳහා වුවද මේ ව්‍යවස්ථාව යටතේ එකි වදන් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම් බලයක් හෝ කාර්යක් ඔහු හෝ ඇය විසින් ක්‍රියාත්මක කිරිම හෝ ඉටු කිරීම නීත්‍යනුකූල වන්නේය.
යම් වගන්තියක් සංශෝධනය වන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.
· ඊට අමතරව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වැනි වගන්තියේ 104(05) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට සංශෝධිත කරුණු ඇතුළත් කරන්නේ නම් ඒ සඳහා ද ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.
· ඒ අනුව ඉහත වගන්තියෙන් කියවෙන්නේ මැතිවරණයක් පැවැත්වෙන සමයක සියලු මාධ්‍යන් කිසි බලධාරියකු යටතට පත් කළ යුතුය යන ව්‍යවස්ථාවට බලාත්මක කිරීම කළ යත්තේ ජනමත විචාරණයකින් පසුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති හැදුනට පස්සේ කවුරු ආවත් අපිට කමක් නැහැ. රට අවුරුදු ගණන් වලින් පස්සට යන එක වළකිනවනේ! (නි)
බී.හේරත්, තාම ඉන්නේ අවසිහියෙන්ද? (නි)
බී .හේරත්, තාම කඩේ බඩු කිරනවද? ඇස්දෙක ඇරලා බලන්න රටේ වෙන දේවල් (නි)
මහින්ද 18 ගෙනාව වගේද? දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා.සමහරු තාම රජාට කඩේ යනවා.(ම)
ඒ කියන්නේ පොරොන්දු ඉටුකරන්න නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. අර 83 ලාම්පු කළගෙඩි සෙල්ලම වගේ හොඳ හොඳ ඒවා බලාගන්න පුළුවන් වෙයි. (නි)
ඕක තමයි කියන්නේ කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. හැබැයි ඉතින් 78 ජේ ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපති වුණොත්, ඡන්ද ක්‍රමය මේ ආකාරයේ කසළ ගොඩක් බවට පත්වුණොත් ජනමත විචාරන තියලා නම් නෙමෙයි. (නි)
ලබන මහමැතිවරණයේදී අවශ්‍ය ජනමතවිචාරණයක් පැවැත්වියනොහැකිද ? එක ඡන්ද දායකයකුට ඡන්ද පත්‍රිකා දෙකක් දියහැකි මනාප භාවිතා කළ අයට මෙය ප්‍රශ්නයයක් නොවෙයි . එවිට ලබන මහමැතිවරණයෙන් සියල්ල විසදාගත හැක .හොඳ ව්‍යවස්ථාවක් (බ) සද ගතහැක .
රටක ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතිය. පළමු ප්‍රශ්නය තියෙන්නේ ඒක පොදු මහජනතාවට තේරෙන සරල භාෂාවෙන් සකස්වූ පිටපතක් මහජන සුභසිද්ධිය සඳහා කිසිම වෙබ් අඩවියක නොමැතිවීම. දෙවන කාරණය වන්නේ ජන සම්මතයෙන් පාලනය වන ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය හෝ එහි සංශෝධන පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාර්ලිමේන්තුව තුළ අසුන් ගන්න දේශපාලන පක්ෂවලට සහ නීතිඥ මහත්වරුන්ට පමණක් සීමාවීම. (නි)
එහෙම වෙන එක හොඳයි. රටේ කරුමෙට, අවස්ථාවාදීන්ගේ අවශ්‍යතා මත මහින්ද වැනි පුද්ගලයෙකු අගමැති තනතුරට පත් වුවහොත්, ඒ රටේ අවසානයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි. (ස)
ඇයි රනිල්? එයත් පොඩි පහේ කෙනෙක්යැ. දැන් 'අබ සිල්' ගත්තට. අතීතය මතක් කරන්න. ඇති යන්තම්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිසා හිතා ගන්ඩ පුලුවන් රටේ නීතියවත් යන්තම් රැකිලා තියෙනවා කියලා. (ස)