(යොහාන් භාසුර)
මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.
බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ.
එම රටවල වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් ලැබෙන මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා ගෙවිය යුතු වන අතර, රැකියා ගිවිසුම් කාලය දිර්ඝවීමත් සමග ගෙවිය යුතු රක්ෂණ වාරික මුදලද වැඩිවනු ඇත.
රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇමරිකන් ඩොලර් 15000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවන අතර, හදිසි අනතුරු හේතුවෙන් අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇමරිකන් ඩොලර් 10000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ. මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද රක්ෂණ වන්දි හිමිවන අතර, යම් කාන්තාවක් සුරක්ෂා නිවාසයේ රඳවා තබාගන්නේ නම් එම කාල සීමාව තුළදී ඇයට දැරීමට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් එක් දිනකට ඩොලර් 10 බැගින් වන්දි පිරිනැමේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුරු සොයා යන කතුනට නවරක්‍ෂණයක්
චාමිකර Monday, 16 January 2023 06:25 AM
රටේ කාන්තාවන්, අම්මලා, නංගිලා, අක්කලා මෙවැනි රටවල ගෙවල්වල වැඩට යැවීම ගෙන අප සියලු දෙන ලජ්ජා විය යුතුයි.
Asela Monday, 16 January 2023 06:32 AM
එතකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවුරුදු 2ක් පාසා ගෙවන රක්ෂණ මුදලට මොකද වෙන්නේ. ඒක ගෙවන්නේ මොන කරදරයකදීද.
fairoos Monday, 16 January 2023 12:14 PM
එතකොට දැන් තියෙන රක්ෂණයෙන් වැඩක් නැද්ද.?