IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉසුරු සොයා ගිය දෙදෙනෙකු අ‍ාපහු එවලා

 රුපියල් ලක්ෂ 8 බැගින් ගෙවා  නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකික තරුණයෝ දෙදෙනෙක් වසර තුනකට පසුව එරටින් පිටවුහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ 30 හැවිිරිදි වියේ පසුවන හලාවත, උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුහු පසුගිය 2012 වසරේ ජුනි 13 වෙනි දින එක් අයෙකු රුපියල් ලක්ෂ 8 බැගින් හලාවත ප්‍රදේශයේ ඒජන්තවරයෙකුට ගෙවා තවත් පිරිසක් සමග බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස්  ඇත.

පසුව එහි විවිධ වැඩකරමින් සිටියදී එරට බලධාරීන්ට අසුව මෙලෙස පිටුවහල් කොට  එවා ඇත.

 



අදහස් (0)

ඉසුරු සොයා ගිය දෙදෙනෙකු අ‍ාපහු එවලා

නිෂා Saturday, 20 June 2015 01:20 PM

රුපියල් ලක්ෂ 8ක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් නොවේ. එ් වුනත් එම මුදල් යොදා කිසියම් ව්‍යාපාරයක් කළා නම් අද මේ දෙන්න යම් තරමකට හෝ ගොඩ එන්න තිබුනා. (බ)

:       0       0

දුමින්ද Saturday, 20 June 2015 04:52 PM

හොර වැඩ වලට ආයුෂ අඩුයි (නි)

:       0       0

නාමල් Saturday, 20 June 2015 06:52 PM

ලංකාවේ රැකියා නැති නිසා ගිය අහිංසක මිනිස්සු.‍ ලක්ෂ 8 වත් ඕස්ට්‍රේලියාවෙදි හම්බකර ගන්න ඇති කියලා හිතනවා. (නි)

:       0       0

නිලංග Saturday, 20 June 2015 11:41 PM

මේ විදියට එන උදවිය හැංගි හැංගි පැයට ඩොලර් 8 ට 10 ට වැඩකරනවා. මෙහෙම පවතින නීතියට පටහැනිව මේ අයට රැකියාවල් දුන්නහම හාම්පුතුන්ටත් මදි නොකියන්න අච්චු ලැබෙනවා. එහෙම කළ ගොවිපළවල් දෙතුන් තැනකම පසුගිය කාලයේ බලධාරීන් වටලා තිබුනා. (නි)

:       0       0

උදේශ් Sunday, 21 June 2015 12:54 AM

අපොයි! මෙහෙම එන සමහරුන්ගේ අහිංසකකම ගැන අපි හොඳට දන්නවා. එක්කෙනක් අපි දන්නා වැදගත් පවුලක ලාබාල දැරියක එක්ක හාදවෙලා ඒ දැරිය ලවා හොඳට ඇගේ දෙමාපියන්ගේ සල්ලි අද්දවා ගත්තා. කොච්චර කපටියෙක්ද කිව්වත් ඒ දෙමාපියන් දුවගේ නම්බුව ගැන හිතලා කට වහගෙන ඉන්න බව දැනගෙන ඒ දැරියව රවටාගත්තේ. (නි)

:       0       0

ජයන්ත Sunday, 21 June 2015 01:26 AM

දැන් මෙහෙ සංක්‍රමණ නීතිරීති ඉතාම තදයි. ඉහේ ඉඳන් අඟ කනවා වගේ ඕස්ට්‍රේලියානුවන්ගේ අනුකම්පාව වැරදියට පාවිච්චි කරන්න ගිහින් තමයි මේ ටික කරගත්තේ. නැත්නම් තමන්ගේ අසරණකම නිසා හරි මොකක්හරි මාර්ගයක් පෑදෙන්න ඉඩ තිබුනා. කොහෙද බහුතරයක් ගොඩ බැහැපු දවසේ සිට පට්ටපල් බොරු කියාගෙන එන බව ඒ මිනිසුන්ට දැන් තේරුම් ගිහින් තියෙන්නේ. ඒ මදිවාට සමහරු තමන්ට ලැබෙන දීමනාව වෙනුවට සමාජයට කිසිම ස්වෙච්ඡා සේවයක් කරන්නවත් බලාපොරොත්තුවක් නැහැ.දීමනාවෙන් බාර් ගානේ ගිහින් බිලා පිස්සු නටනවා. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 20 June 2015 07:08 AM

අවුරුදු 3ක් කොහොම හැංගිලා හිටියද මන්දා. (බ)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Sunday, 21 June 2015 05:52 AM

මටත් හමුවුනා කෙනෙක් මම කැප්ටන් කියල තමා මට කිවේ. බලන විට මෙයා බෝට්ටුව අරන් ඇවිත් එ් එක්කම මෙයත් පැනලා. මේ අය‍ට දෙන දීමනාවෙන් හොඳට ඉන්නවා. අහු උනත් දුකක් නෑ ලක්ෂ අටට වඩා හම්බ කරගෙනත් ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site