රුපියල් ලක්ෂ 8 බැගින් ගෙවා නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකික තරුණයෝ දෙදෙනෙක් වසර තුනකට පසුව එරටින් පිටවුහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ 30 හැවිිරිදි වියේ පසුවන හලාවත, උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුහු පසුගිය 2012 වසරේ ජුනි 13 වෙනි දින එක් අයෙකු රුපියල් ලක්ෂ 8 බැගින් හලාවත ප්‍රදේශයේ ඒජන්තවරයෙකුට ගෙවා තවත් පිරිසක් සමග බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
පසුව එහි විවිධ වැඩකරමින් සිටියදී එරට බලධාරීන්ට අසුව මෙලෙස පිටුවහල් කොට එවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් ලක්ෂ 8ක් කියන්නේ අද කාලේ ලොකු මුදලක් නොවේ. එ් වුනත් එම මුදල් යොදා කිසියම් ව්‍යාපාරයක් කළා නම් අද මේ දෙන්න යම් තරමකට හෝ ගොඩ එන්න තිබුනා. (බ)
හොර වැඩ වලට ආයුෂ අඩුයි (නි)
ලංකාවේ රැකියා නැති නිසා ගිය අහිංසක මිනිස්සු. ලක්ෂ 8 වත් ඕස්ට්‍රේලියාවෙදි හම්බකර ගන්න ඇති කියලා හිතනවා. (නි)
මේ විදියට එන උදවිය හැංගි හැංගි පැයට ඩොලර් 8 ට 10 ට වැඩකරනවා. මෙහෙම පවතින නීතියට පටහැනිව මේ අයට රැකියාවල් දුන්නහම හාම්පුතුන්ටත් මදි නොකියන්න අච්චු ලැබෙනවා. එහෙම කළ ගොවිපළවල් දෙතුන් තැනකම පසුගිය කාලයේ බලධාරීන් වටලා තිබුනා. (නි)
අපොයි! මෙහෙම එන සමහරුන්ගේ අහිංසකකම ගැන අපි හොඳට දන්නවා. එක්කෙනක් අපි දන්නා වැදගත් පවුලක ලාබාල දැරියක එක්ක හාදවෙලා ඒ දැරිය ලවා හොඳට ඇගේ දෙමාපියන්ගේ සල්ලි අද්දවා ගත්තා. කොච්චර කපටියෙක්ද කිව්වත් ඒ දෙමාපියන් දුවගේ නම්බුව ගැන හිතලා කට වහගෙන ඉන්න බව දැනගෙන ඒ දැරියව රවටාගත්තේ. (නි)
දැන් මෙහෙ සංක්‍රමණ නීතිරීති ඉතාම තදයි. ඉහේ ඉඳන් අඟ කනවා වගේ ඕස්ට්‍රේලියානුවන්ගේ අනුකම්පාව වැරදියට පාවිච්චි කරන්න ගිහින් තමයි මේ ටික කරගත්තේ. නැත්නම් තමන්ගේ අසරණකම නිසා හරි මොකක්හරි මාර්ගයක් පෑදෙන්න ඉඩ තිබුනා. කොහෙද බහුතරයක් ගොඩ බැහැපු දවසේ සිට පට්ටපල් බොරු කියාගෙන එන බව ඒ මිනිසුන්ට දැන් තේරුම් ගිහින් තියෙන්නේ. ඒ මදිවාට සමහරු තමන්ට ලැබෙන දීමනාව වෙනුවට සමාජයට කිසිම ස්වෙච්ඡා සේවයක් කරන්නවත් බලාපොරොත්තුවක් නැහැ.දීමනාවෙන් බාර් ගානේ ගිහින් බිලා පිස්සු නටනවා. (නි)
අවුරුදු 3ක් කොහොම හැංගිලා හිටියද මන්දා. (බ)
මටත් හමුවුනා කෙනෙක් මම කැප්ටන් කියල තමා මට කිවේ. බලන විට මෙයා බෝට්ටුව අරන් ඇවිත් එ් එක්කම මෙයත් පැනලා. මේ අයට දෙන දීමනාවෙන් හොඳට ඉන්නවා. අහු උනත් දුකක් නෑ ලක්ෂ අටට වඩා හම්බ කරගෙනත් ඇති (නදී)