සති දෙකකට පෙර ස්ථාන මරු කළ කොළඹ ඉසිපතන විද්‍යාලයයේ විදුහල්පති තවමත් පාසලෙන් පිටවී ගොස් නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ නව විදුහල්පතිට වැඩ බාර ගැනීමට හිටපු විදුහල්පති ඉඩ නොදෙනය බවයි. ඔහු ඉවත් කිරීමට අමාත්‍යංශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඔහු කීවේය.
ජාතික පාසල් අධ්‍යක්ෂ එන් ඩී අයිලප්පෙරුම මහතා කීවේ එම විදුහල්පති ඉවත් කිරීමට අද තමා ඇතුළු කණ්ඩායමක් එහි ගියද විදුහල්පති පාසලෙන් යෑමට ප්‍රතික්ෂේප කළ බවයි. තමා ස්ථාන මාරු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන හෙයින් පාසලෙන් යෑමට නොහැකි බව ඔහු පැවසීයැයි ද අධ්‍යක්ෂ කීවේය.
මේ සම්බන්ධයෙන් විමසීමේ දි විදුහල්පති කීවේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් විදුහල්පතිවරු බල තණ්හාව ලැංජ්ජාව නැති කම නේ පෙන්නේ (ම)
වට්ටියේ තව ගල් ඇති. (ත)
මේ ප්‍රින්සිපල් ඉස්කෝලෙට සෑහෙන්න වැඩ කරපු කෙනෙක්. චෝදනා මොනවද කියලනම් මම දන්නෙ නැහැ හැබැයි පාසලට බොහෝම ආදරය කරපු, පාසැල වෙනුවෙන් හොඳ දැකීමක් තිබුනු ප්‍රින්සිපල් කෙනෙක්. බොහෝම දුකයි ප්‍රින්සිපල්ට මෙහෙම දේකට මුහුන දෙන්න සිදුවීම ගැන. ස්ටාලින් මහත්මයත් ප්‍රශ්නේ උඩින් බලන්නේ නැතුව ඇතුලාන්තයත් බලලම ප්‍රකාශ නිකුත් කරන එකයි හොඳ..(බ)
මේක දේශපලන කෝණයෙන් බලන්න එපා. එතුමා පාසලට ඉතමත් හොදින් වැඩ කරපු පුද්ගලයෙක්. පාසලට දරුවන්ට ආදරය කරලා පාසැල නව මාවතකට යොමු කළ ගුරුවරයෙක්. කරුණාකර එතුමාට බනින්න එපා (ම)
දලා නොයන්නේ ඉල්ලමක් ද දන්නේ නෑ
හිරාන් මහත්මයාණනි, මෙම පාසලේ සිසුන් මමත් හොඳට දන්නවා. ඔවුන් විනයගරුක සිසුන්. ඕනෑම පාසලක විවිධාකාර සිසුන් ඉන්නවා.ඉසිපතනයට මෙම විදුහල්පතිතුමා විශාල සේවයක් කරනවා. බලදරයිනි, කරුණාකර මෙම විදුහල්පතිතුමා මෙම පාසලේ තව ටික කලක් හෝ තියන්න. (නි)
මේ පාසලේ ළමයි කතාකරන විදිය දැක්කම ලජ්ජා හිතෙනවා. ඒ තරමට ශෝක් (බ)
මම මේ විදුහල්පති ගැන පෞද්ගලිකව දන්නවා. මෙතුමා පාසලට අවංකවම සේවය කළා. ඒ වගේම පාසලේ ආදි ශිෂ්‍යයෝ එක්ක හොඳින් එකතුවෙලා පාසල ගොඩනැගුවා. (නි)
හිරාන්, ළමයින්ගේ ශීලාචාරකම මුලින්ම ගොඩ නැඟෙන්නේ ගෙදරින්. ගෙදරින් නොලැබෙන දේ පාසලෙන් ලබාදෙන්නේ කොහොමද? ප්‍රායෝගිකව හිතන්න (නි)
මම කියන්නේ මෙම විදුහල්පති පාසලේම තියාගන්න වැඩ කරන්න කියලා. මොකද මෙතුමා පාසල වෙනුවෙන් කැපවෙලා වැඩකළා (නි)
පාසලට දේශපාලනය ඇගිලි ගැහුවම මෙවැනි දෑ වෙනවා විදුහල්පති තුමාව තියාගන්න වැඩක් යොදන්න බලධාරින් බලන්න ඕනි එතුමා කරපු සේවය.(හේ)
රජයේ සේවකයන් ඕනෑම තැනක වැඩකරන්න ඕනෑ නේද? (නි)
මෙතුමා මාරුකරන ක්‍රමවේදය වැරදියි.ස්ටාලින් මහත්තයො ඔබතුමා ලමයි ගැන මීට වඩා හිතන්න (කේ)
පඩි ලැබෙයි නම් නව විදුහල්පතිතුමාට තියෛන්නේ උදේට පාසැල් ඇවිත් හවසට අත්සන් කරලා යන්න (නදී)