පිට පළාත්වලින් පැමිණි සිසුන් පිරිසකට නාත්තන්ඩිය කොට්ටරාමුල්ල අල්හිරා මහ විදුහලේ සිසුන් ලෙස මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට ඉඩ සලසා දුන් බව කියන එම පාසැලේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කළ බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එච් ඩී තිලකරත්න මහතා කියයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේ එම විදුහල්පති විභාග රාජකාරිවලින් ද ඉවත් කළ බවයි. ඔහුගේ වැඩ තහනම් කිරීමට පළාත් අධ්‍යක්ෂට නිර්දේශ කළ බව ද ඔහු කීවේය.
පහසුකම් අඩු පළාත්වල ළමයින් විශ්ව විද්‍යාලයයට බඳවා ගනිද්දී එසෙඩ් අගය අඩුවෙන් බලන බැවින් එම වරප්‍රසාදය ලබා ගැනීමේ අරමුණින් කොළඹ ආදී ප්‍රදේශවල ඇතැම් සිසුහු දුර පළාත්වලින් විභාගයට පෙනී සිටිති.
COMMENTS
මේ විදුහල්පති සිසුන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් සිසුන්ට උපකාර කර ඇත. එමනිසා ඔහුට දඬුවම් කළයුතු නැත. දඬුවම් දියයුත්තේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයටයි (නි)
ඔයක්‍රමයට පාස් වුණ පුතාල තාත්තත් එක්කම දැන් පාර්ලිමේන්තුවේත් ඉන්නේ. (අ)
අරවින්ද මහත්තයෝ, ඔබ කියල තියන දේ නිවැරදියි. දැනටමත්, අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනා තරම් තියනවා. නමුත් සෞඛ්‍ය සේවය පනටත් වඩා සුරකින වෛද්‍ය සංගමයක් අපේ රටේ තියනවානේ. ඒ අය කැමති නැහැ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අපේ රටේ බිහිවෙනවාට. එතකොට අපේ රටේ පොදු ජනතාව වැඩි මිලක් ගෙවලා නිෂ්පාදනය කරන " දොස්තර" කියන භාණ්ඩයේ වටිනා කම අඩුවෙලා ඉල්ලුම අඩුවෙයි කියන භීතිකාව ඒ අයට තියනවානේ. දැන් ඔය අපි හිතන විදිහට සෞඛ්‍ය සේවයට සම්බන්ද සමහර රසායනාගාර වලින් දෙන වාර්තා වෛද්‍යවරුන්ම පිළිගන්නේ නැහැ. ඒ වුණාට ඒවා නියාමනය කරන්න අවශ්‍ය බවට මේ සංගම් වලට වගේ වගක් නැහැ. ඔය කගේ කාගේත් වෙස් මුහුණු ටික ගැලවෙන්නේ, මේ රටේ වෙස් මුහුණු වලට නොරැවටෙන ජනතාවක් බිහි වුණ දිනක තමයි. (අ)
ඕක අනුරාධපුර පැත්තේ පාසලකත් කාලයක් තිස්සේ ගජරාමෙට කරගෙන යනවා කියලා කියනවා. උසස් පෙළ ළමයින්ට කොළඹ ගිහින් ඉගෙනගන්න අවසර දීලා පාසලෙන් විභාගය ගන්න දෙනවා. මාත් එක්ක කොළඹ පන්ති ගිය ළමයින් කිහිප දෙනෙක් දවස් පහම කොළඹ හිටියේ. අන්තිමට යන්තම් ලකුණු 180 අරන් ඉංජිනේරු පීඨයට තේරුණා. (නි)
විදුහල්පතිතුමාටත් කියන්න දෙයක් ඇති. එ් කතාවත් අහලා තීන්දු ගනිමු (නි)
විදුහල්පති තුමා කරලා තියන වැඩේ නම් බොහොම කැතයි නේද? හැබැයි ඔය ඉසෙඩ් ස්කොර් ක්‍රමය ඊටත් වඩා ඊටත් වඩා නරක එකක් එකනේ මේ ක්‍රමය තුල මෙවැනි වංචා සහගත ක්‍රියා සිදු වන්නේත්. අනික දක්ෂ ළමයින්ට අසාධාරනයකුත් සිද්ධ වෙනවා. රජය කළ යුත්තේ සෑම පළාතටම පාසල්වලට එකසේ අධ්‍යාපන පහසුකම් සැපයීමයි.(හේ)
භද්‍රානි ඔබ සමග 100% එකගයි. ප්‍රශ්නය මේ සරල දේ බලධාරීන්ට නොතේරීමයි (හේ)
ඉසෙඩ් ස්කෝර් ක්‍රමය ඉතා නිවැරදි සංඛ්‍යාන ක්‍රමයක්. එ්කේ විවාදයක් නැහැ. එ්ක මොකක්ද කියලා නොදන්නා අය ඉගෙනගන්න. මෙතැනදී වැරදි විදුහල්පතිද? පදිංචි හොර සහතික නිකුත්කළ ග්‍රාම නිලධාරීන්ද? නියම සහතික ඉදිරිපත් කරනවා නම් විදුහල්පතිට එ්ක ප්‍රතික්ෂේප කරන්න බැහැ. අනෙක ගෙවල් වලට ගොස් පදිංචිය සනාත කිරීම නීත්‍යානුකූල නැති බව නීතිවේදීන් කියනවා. යන දවසේ එයාලා නැත්නම් එ්කෙන් ඔවුන් එතන නැති බව කියන්න බැහැ. (නි)
පළමුවෙන්ම මේ සිසුන්ගේ දෙමවුපියන්ටත්, ප්‍රදේශයේ ග්‍රාමසේවකටත් විරුද්ධව නීතියෙන් කටයුතු කළයුතුයි. ව්‍යාජ ලේඛන සකස් කිරීම ගැන. මේ දෙමවුපියන්ට දැඩි දඬුවම් දියයුතු වන්නේ, ආරම්භකයන් ඔවුන් වන බැවිනි. වංචාවෙන් විභාග පාස් කරන්න ඉදිරිපත්වීම ගැන ඒ සිසුන්ගේ විභාග තහනම් කළයුතුයි. (නි)
මේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ නැති කම. මේ ප්‍රශ්නය අද ඊයේ ඇති වුවක් නොව, පසුගිය අවරුදු 40/50 තිබුන දෙයක්. ලංකාව වැනි රාජ්‍ය අදායම අඩු රටකට මේ ගැන කළ හැකි එකම පිළියම පුද්ගලික අංශය උසස් අධ්‍යාපනය ලබා දීමට හවුල් කර ගැනීම. එසේ නොකළොත් මේ ප්‍රශ්නය ඉදිරියට තවත් අවරුදු 50ක් තියෙයි (බ)
z ස්කෝර් ක්‍රමය ලෝකේ ගොඩක් රටවල තියෙනවා. එකේ ඇති වැරද්දක් නැහැ (අ)
ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල දිරිගැන්විය යුතුයි.එමගින් මෙවැනි\nප්‍රශ්න විසදිය හැකී විදේශ සිසුන්ට අධ්‍යාපන පහසුකම්\nලබදීමතුලින් විදේශ විනිමය උපයාගත හැකී(රේ)