ඉසෙඞ් ස්කොර් කඩඉම් ලකුණු අගය සම්බන්ධ ගැටලූ නිරාකරනය කිරීම සඳහා සකස් කළ විසඳුම් යෝජනාවලිය ඇතුලත් අවසන් වාර්තාව ලබන තුන්වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය. නැවත ගණනය කළ ඉසෙඞ් ස්කෝර් අගය හේතුවෙන් අසාධාරණයට පත්වු සිසුන් 382 දෙනෙකු ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් අද (30) අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, හා කේ.ශ්‍රීපවන් විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදෙන ලදී. එහිදී නීතිපති අධිකරණයට දැනුම්දී සිටියේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් එක්ව ඉසෙඞ් ස්කෝර් අර්බුදය විසඳිමේ යෝජනා ඇතුළත් වාර්තාව කඩිනමින් සකස් කරමින් සිටින බවය. එම වාර්තාව අවසන් වාර්තාවක් විය යුතු බවත් ඉන් කිසිවකුගේ අයිතිවාසිකම් කඩවූ එකක් නොවිය යුතු බවත් ඉන් හැකි තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැකි එකක් විය යුතු බව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ අවුල් කරගෙන වගෙයි. (නි)
ඔබට කිසි දිනෙක නිසි පිළිතුරක් නොලැබෙනු ඇත. (නි)
ඉක්මණට සුදුසු තීරණයක් දෙන්නකෝ. අපි අවුරුද්දක් විතර ගෙදරනේ. (නි)
අධිකරණය ගැන කළකිරීමක් ඇති වුණා.රට ටික ටික විනාශ වෙනවා, නීතිය අන්ධ නිසා. පවට අනුබල දෙන, වැරදි තීරණ දෙන සියල්ලන්ට ඔවුන් කවුරුන් වුවද, හිමි වන්නේ නිරයයි..!! (නි)
ජනාධිපතිතුමාගේ එක නියෝගයකින් බිලි පුජාව නැවතුණා. ඇයිද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ ඒ වගේ විසඳන්නේ නැත්තේ? (නි)
අගවිනිසුරුතුමිය හරි..
දෙමවුපියන් අඩනවා. ළමයි ටික අඩනවා. අපි ඉතිං ප්‍රතිචාර දානවා. (නි)
අධ්‍යාපන ඇමතිවරුන් තුන් දෙනෙක්ම ඉන්නේ. ඉතිං අධිකරණයට මොකද තීරණය දෙන්න බාර කළේ? (නි)
නොතේරුණ හැක කෙනෙක්ටම කැම්පස් යන්න දෙන්න, නැත්නම් එයාලගේ ජිවිතේ අනතුරක වැටෙනවා. අනික රජයට විශාල කැලලක් (අ)
අනේ මම හදුනන දරුවෙකුත් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නවා. අනේ ජනපතිතුමනි, ඉක්මණින් මේ ප්‍රහ්නය විසදා දෙන්න. (නි)
විභාගයට පෙනී සිටි දරුවන්ගේ අභාගයද මේ? (නි)
අනේ අපිත් බලන් ඉන්නේ සාධාරණයක් වෙනකල්. ළමයින්ගේ කාලයෙන් අවුරුද්දක් කියන්නේ මහා ලොකු කාලයක්. (නි)