ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගි වූ ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා වන මංගල සමරකෝන් 47 වැනි ස්ථානය ලැබීය. එහිදී මංගල ලකුණු 585 ක් හිමිකර ගත්තේය. මෙම තේරීම් තරගයට ක‍්‍රීඩකයන් 50 දෙනකු සහභාගි වූහ. එහි පළමු ස්ථානය ලැබූ බෙලරුසියාවේ මාටිනෝව් සර්ජෙයි ලකුණු 600 ක් රැස්කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව සම කිරීමට සමත් විය. මංගල මෙවර ඔලිම්පික් තරගාවලියේ මීට පෙර සහභාගි වූ මීටර 10 වායු පිස්තෝල සුදුසුකම් ලැබීමේ ඉසව්වේ 45 වැනි ස්ථානයට පත්විය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය
ලන්ඩන් බණ්ඩා Friday, 03 August 2012 08:09 PM
අන්තිමට උනේ නීති නිසා අපිට ආඩම්බරයක් . (දී)
බුද්ධික Friday, 03 August 2012 11:21 PM
අපේ ආමි එකේ අය නෙමෙයිද වෙඩි තියන්න යන්නේ? (නි)
ප්‍රභාත් Sunday, 05 August 2012 01:52 PM
මංගලගේ උපරිම දක්ෂතාවය 595 යි. මංගලගේ උපරිම දක්ෂතාවය පෙන්වූව නම් අන්තිම 10 ටවත් එන්න තිබුණා. නමුත් පුහුණුකරුවකු නොමැතිව හිටපු එකම ක්‍රීධකයත් මොහුයි. අපේ බලධාරින් පුහුණුකරු රැගෙන යාමට ඉඩ නොදුන් නමුත් නිලධාරීන් නම් 10-12 රැගෙන යාමට ක්‍රියා කරවා ඇත. නිලුකටත් වුණේ එයමයි. ඉන්දියන් ක්‍රීඩකයාට පුහුණුකරු ගෙන් සියලු උපදෙස් ලැබෙන විට නිලුකට නිලධාරීන් දෙදෙනකු පැමිණ වටේ කැරකි කැරකි සිට යන්න ගිය බව දක්නට ලැබුණි. (නි)