ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගි වූ ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා වන මංගල සමරකෝන් 47 වැනි ස්ථානය ලැබීය. එහිදී මංගල ලකුණු 585 ක් හිමිකර ගත්තේය. මෙම තේරීම් තරගයට ක‍්‍රීඩකයන් 50 දෙනකු සහභාගි වූහ. එහි පළමු ස්ථානය ලැබූ බෙලරුසියාවේ මාටිනෝව් සර්ජෙයි ලකුණු 600 ක් රැස්කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව සම කිරීමට සමත් විය. මංගල මෙවර ඔලිම්පික් තරගාවලියේ මීට පෙර සහභාගි වූ මීටර 10 වායු පිස්තෝල සුදුසුකම් ලැබීමේ ඉසව්වේ 45 වැනි ස්ථානයට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට උනේ නීති නිසා අපිට ආඩම්බරයක් . (දී)
අපේ ආමි එකේ අය නෙමෙයිද වෙඩි තියන්න යන්නේ? (නි)
මංගලගේ උපරිම දක්ෂතාවය 595 යි. මංගලගේ උපරිම දක්ෂතාවය පෙන්වූව නම් අන්තිම 10 ටවත් එන්න තිබුණා. නමුත් පුහුණුකරුවකු නොමැතිව හිටපු එකම ක්‍රීධකයත් මොහුයි. අපේ බලධාරින් පුහුණුකරු රැගෙන යාමට ඉඩ නොදුන් නමුත් නිලධාරීන් නම් 10-12 රැගෙන යාමට ක්‍රියා කරවා ඇත. නිලුකටත් වුණේ එයමයි. ඉන්දියන් ක්‍රීඩකයාට පුහුණුකරු ගෙන් සියලු උපදෙස් ලැබෙන විට නිලුකට නිලධාරීන් දෙදෙනකු පැමිණ වටේ කැරකි කැරකි සිට යන්න ගිය බව දක්නට ලැබුණි. (නි)