IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත් වී ඇති බවත් ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කළේය.

අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි බවත් එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගත් බවත් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉරාන හදිසි සේවා මගින් එම නාවිකයන් පස්දෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවත් අධ්‍යක්ෂක අමානි ප්‍රකාශ කළේය.

සමස්තයක් ලෙස නාවිකයන් 21 දෙනා හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවසිය හැකි යැයි අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි පැවසුවේය.

 



අදහස් (1)

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති

fairoos Thursday, 18 April 2024 11:06 AM

බොහෝම ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා
2024 අප්‍රේල් මස 30 603 0

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක


සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා
2024 අප්‍රේල් මස 30 120 0

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන



ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ
2024 අප්‍රේල් මස 30 404 0

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ල


ඉන්ධන මිල පහළට
2024 අප්‍රේල් මස 30 737 0

ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.


විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නම‍ට බාර් අරන්
2024 අප්‍රේල් මස 30 485 0

විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 407 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1816 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1633 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site