ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේප්‍රධානියා ලෙස, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරියකු වන මොහොමඩ් බාගර් සොල්ගාදර් පත් කර ඇත.
ඒ, මෙම තනතුර මීට පෙර හෙබවූ අලි ලාරිජානිඇමරිකා-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.මොහොමඩ් බාගර් සොල්ගාදර්ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේප්‍රධානියා ලෙස පත් කිරීම නිල වශයෙන් දැනුම් දීම කරනු ලැබුවේ ඉරාන මධ්‍යස්ථ ජනාධිපති මෙෂූඩ් පෙෂෙෂ්කියාන් විසිනි. ඒ, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ඉරානයේ ජාතික ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කරන ප්‍රධාන ආයතනය වන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මණ්ඩලයට ඉහළ පෙළේ හමුදා, බුද්ධි අංශ සහ රජයේ නිලධාරීන් මෙන්ම උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ නියෝජිතයන් ද ඇතුළත් වෙයි.
මෙම පත් කිරීම මගින් ඉරාන නායකත්වය සිය ජාතික ආරක්ෂක ව්‍යුහය තුළට තවදුරටත් හමුදාමය බලපෑම් එක් කිරීමට උත්සාහ කරන බවක් පෙන්නුම් කරන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම සාකච්ඡාවකදී තීරණයක් ගැනීමට පෙර ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේප්‍රධානියා සොල්ගාදර්ගේ අනුමැතිය අනිවාර්ය වනු ඇති බවත් ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd