කලීජ් ටයිම්ස් ඇසුරෙනි
යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.
ඇමෙරිකාව ප්රමුඛ රටවල් කිහිපයක් ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම විනාශකාරී, ඒකපාර්ශවික සැළසුමක් බවට චෝදනා කරමින් ඉන් ඉවත් වූ ඇමෙරිකාව, ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ඉරනාය සමඟ ගනුදෙනු කරන රටවලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව ක්‍රියා කර තිබේ.
ඇමෙරිකාව සඳහන් කළේ, ලබන නොවැම්බර් 4 වැනි දා සිට ඉරානයෙන් බොර තෙල් ආනයනය සම්පුර්ණයෙන් වැළැක්වීමේ අරමුණින් නව සම්බාධක පනවන බවයි.
මේ අතර මෙවන් පසුබිමක් තුළ ඉන්දියාව ලබන නොවැම්බරයේදී ඉරානයෙන් බොර තෙල් බැරල් මිලියන 9 ක් ආනයනය කිරීමට ඇනවුම් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස ඉන්දියාව සැළකෙනු ඇත.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජු කියනකොට නගුට වනන්න කියනවා ඒ ගොල්ලෝ... ලෝකෙම නගුට වනවන ඉන්න වෙයි ඇමරිකාවට.
ඇමෙරිකාව කීවොත් යහපාලකයෝ අර 62 සමග නිර්වස්ත්‍රවත් ඉඳීවි.
අප ඉරානය සමග කරන ගනුදෙනු නැවැත්විය යුතු නැත. ඔවුන් හැමදාමත් අපට තෙල් දුන්නේ ඔපෙක් රටවල්වලට වඩා අඩු මුදලට... ඒ වගේම අපෙන් තේ මිලදී ගන්න ප්‍රධාන රටක්. ඇමරිකාව තමන්ගේ වාසියට දමන මේ තාවකාලික ඇම නිසා අතීතයේ පටන් අප සමග සිටි අපේ මිතුරාව අමතක කළයුතු නැත.
ඉරාන තෙල්වලට විතරක් හරියන පිරිපහදු තියන් පිස්සු නටන පාලකයෝ හිටපු සහ ඉන්න රටක් මේක... එදා ඉඳන්ම... මේ ඉරාන - ඇමෙරිකා ගැටළුව කලෙක සිට තියෙන එකක්... එහෙම තියෙද්දි පෙර සූදානමකින් ඉන්න ඕනෑ. අනික තේ වලටත් මේක අාවහම තව විනාශයි. දැන් ඉතින් වෙන රටවල්වලට ඕන ඕන විදියට නටන්න තමයි වෙන්නේ... දැන්වත් අරක්ෂාකාරී දේශීය අාර්ථිකයක් හදාගන්න ඕනෑ... සහ අපනයනය පුළුවන් තරම් වැඩිරටවල් ප්‍රමාණයකට කරන්න ඕනෑ... එතකොට එකඑක සම්බාධක අාවත් ගැටලුවක් නැහැ.
ඉන්දියාව වගේ අපිත් රුපියල් වලින් ඉරානයෙන් තෙල් මිලදී ගමු .ඇමරිකාවට සම්බාදක පනවමු
ඔවාගෙන් වැඩක් තියෙනවද? ඔය මොන සහනේ දුන්නත් අපේ මිල සූත්තරේට දැම්මම සතයක්වත් ගාන අඩුවෙන්නේ නැහැනේ...