
බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන් සම්බන්ධයෙන් සොව පළ කළ ඇමෙරිකාව තරයේ පවසා ඇත්තේ ඉරානයේ බෝම්බ පිපිරීම්වලට ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
ඇමෙරිකාව මෙසේ පවසා ඇත්තේ බෝම්බ පිපිරීම් පසුපස ඉරානයේ ප්‍රධාන සතුරන් සිටිනවා යැයි ඉරාන රජය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
බෝම්බ ප්‍රහාරයට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ. ඊශ්‍රායලය ඊට සම්බන්ධයි අප විශ්වාස කරන්නේ නැහැ. බෝම්බ ප්‍රහාරයට අපේ සම්බන්ධයක් තිබෙනවා යැයි සැක කිරීම විහිළුවක්.’ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
‘ඉරානයේ සිදුවුණු බෝම්බ පිපිරීම් පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි ඉරානය සිතනවා නම් ඒක විහිළුවක්. ඒ වගේමයි ප්‍රහාරය පසුපස ඊශ්‍රායලය සිටිනවා යැයි අප විශ්වාස කරන්නේ නැහැ’ යැයි ධවල මන්දිර ජෝන් කර්බි මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd