ඉරානයෙන් අතීතයේ දී ශ්‍රී ලංකාව ලබාගත් බොරතෙල්වලට නොගෙවූ ඇමරිකා ඩොලර් කෝටි 25.6ක් (රුපියල් කෝටි 3700ක්) ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වෙයි.
ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ ඉරාන නිලධරයන් අතර ටෙහෙරාන් නුවර දී පැවැත්වූ සාකච්ඡාවල දී මෙම ණය ගෙවීමට එකඟත්වය පළ කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයෙක් ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට එක්විය. නොගෙවූ මුදල් ආපසු ගෙවීමේ ක්‍රම ගැන ඔහු ඉරාන නිලධරයන් සමග සාකච්ඡා කළේය. එක් යෝජනාවක් වූයේ ශ්‍රී ලංකාවෙන් ඉරානයට සපයන තේවලට ලැබෙන මුදල්වලින් එම ණය ගෙවිය යුතු බවයි.
ඉරාන බොරතෙල් පිරිපහදු කිරීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිකර ඇති හෙයින් ඉරාන සැහැල්ලු බොරතෙල් ඉරානයෙන් මිලට ගැනීමට ශ්‍රී ලංකාව යළිත් සැරසෙයි. ඉරාන තෙල් සම්බන්ධයෙන් ඇමරිකාව පනවා තිබූ අන්තර්ජාතික තහංචිය ඉවත් කිරීමත් සමග ඇමැති වීරක්කොඩි ඉරානයට ගොස් මෙම වැඩපිළිවෙළ ගැන සාර්ථක ලෙස සාකච්ඡා නිම කළේය.
COMMENTS
ගත් ණය අනිවාර්යයෙන්ම ආපසු ගෙවිය යුතුයි. අද වුණත් අපි තෙල් ගෙන්වන්නේ පසු ගෙවීම් පදනම යටතේ ණයට. ඉරානයෙන් ණයට තෙල් ගත්තේ යුධ සමයේ. එදා අපට සහනදායි කොන්දේසි යටතේ තෙල් සපයන්න වෙන රටවල් ඉදිරිපත් වෙලා තිබුනද කියලා හොයලා බැලුවොත් තමා සුදුසු. (නි)
මොකද්ද දැන් මේකේ තියන මහා වික්‍රමය? (නි)
මෙවැනි ණය තිබියදීත් තවත් ලෝකෙට ණයවෙන්නේ මොකද? (නි)
මේ සම්බන්ධයෙන් 'අප්පච්චිට' කඩේ යන කවුරුහරි අදහස් දක්වනතුරුයි මම මේ බලාගෙන ඉන්නේ (නි)
මේක අප්පච්චී කරපු දෙයක් නෙමෙයි. ඇමෙරිකාව ඉරානෙට සම්බාධක දාපු නිසා ඉරානෙට සල්ලි දෙන එක තහනම් කළා ඇමෙරිකාව. අපි ඉරානෙට සල්ලි දුන්නා නම් අපිටත් ඇමෙරිකාව සම්බාධක දානවා. බටහිර ජාතීන් ඉරානෙට කළේ ඔන්න ඔහොමයි. ලෝකෙ ගොඩක් රටවල් ඉරානෙට සල්ලි දෙන්න තියෙනවා (නි)
සමහරුන්ට අතීතය කිව්ව ගමන් මතක් වෙන්නෙ අප්පච්චිව. ඒකත් නරකම නැහැ. (නි)
නිරේෂ්ගේ අදහස නියමයි (නි)
මට නම් හිතෙන්නේ ඉරානයෙන් ණය ඉල්ලනවට වැඩිය ඇමතිතුමා බලෙන් ණය පියවන්න යන්නේ කියලා, (හේ)