රාමසාන් උත්සවය නිසා ලබන ඉරිදා (19) විදුලිය නොකැපීමට විදුලි බල ඇමැති තීරණය කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
රාමසාන් උත්සවය නිසා ලබන ඉරිදා (19) විදුලිය නොකැපීමට විදුලි බල ඇමැති තීරණය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට පාඩම්කරන්න උසස්පෙළ දවස්වලවත් නොකපා මෙදාට හොදට විදුලිය දෙනවා.. ඉන්දියාවටත් විදුලිය දෙන්න කතාව.. මේවිදියට කපන්නෙ නැතිව ලංකාවට විදුලිය දීලා ඉන්න.. බොරැ කතා නැතිව..!!(නු)
මේ කිසිම දෙයක් ගැන හරි විශ්වාසයක් තියන්න බැහැ. (නි)
ජලාශවල තියෙන රොන් මඩ ඉවත්කළොත් නරකද? මොකද ඊළග වැසි කාලෙදි මීට වඩා ජලය ටිකක් එකතුකරගන්නවත්..!(නු)
කරුණාකර ජලාශවල මඩ හරි ඉවත් කරන්න..!!(නු)
උසස් පෙළ විභාගය තියෙන දවස්වලත් නොකපා හිටියනම් තමයි හොද?..(නු)
මම හිතුවේ මේ ගොල්ලෝ විදුලිය කපන්නේ ජාතික විදුලිබල පද්ධතියට ඇති විදුලි සැපයීමේ අඩුවක් නිසා කියලා. බැලින්නම් මේ ගොල්ලෝ කරන්නේ පාඩුව අවම කරගැනිමනේ. නැත්නම් අනිත් දවස් වලට දෙන්න බැරි විදුලිය කොහොමද ඉරිදට දෙන්නේ? අනේ මෙහෙමත් ඇමතිවරු, ජනතාව අන්දවන එකේත් සීමාවක් නැහැ. (නි)
ඇමතිතුමා එතකොට නොරොච්චෝලේ විවෘත කරන දවසේ මුසාවාද නේද කියලා තියෙන්නේ? ඇයි කිවුවේ, "දැන් අපිට ඉන්දියාවටත් විදුලිය දෙන්න පුලුවන් කියලා" (නි)
එදා වික්ටෝරියා හදනකොට ඔච්චර ලොකු ඒවා මොකටද කියලා ඇහුවා.. අද තවත තුනක් තිබ්බත් මදිනෙ... වැඩිවන ඉල්ලුමට පිළියම් හොයන එක තමයි බලධාරීන්ගේ වගකීම...!!(නු)
මුස්ලිම් බලය. (නි)
අපේ ලංකාවේ මුස්ලිම් අපිට සළකන හැටි දැක්කහම ආඩම්බරයි. (නි)
අපේ රටේ මෙහෙමත් ඊර්ෂ්‍යාකාරයන් ඉන්නවා දැක්කහම හරිම ආඩම්බරයි. ඕකට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. (නි)
එතකොට SLPL..(ස)
ඕන දවසට දෙන්නයි, එපා දවසට කපන්නයි..... මොනවද මේ වැඩ? අනේ කරුණාකරලා හැමදාම විදුලිය දෙන්න. (නි)
ඒ වගේ ආගමික උත්සවයක් මේ අයට හොදින් කර ගැනීමට විදුලිය නොකැපිය යුතුයි. (නි)
මුස්ලිම් මිතුරන්ට සුභ රාමසාන් දිනයක් වේවා! (නි)
රාමසාන් උත්සවය නිමිත්තෙන් විදුලිය නොකැපීමට තීරණය කිරීම ගැන එයට සම්බන්ධ සියළුම දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුදකරන අතර, ලක්වැසි සැමට සතුට, සෞභාග්‍ය හා සාමයෙන් පිරි ආලෝකමත් අළුත් අවුරුද්දක් වේවායි පතමි. ඊද් - මුබාරක්.....(ස)
ඒ දිනයට විදුලිය නොකැපුවට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් මෙම ප්‍රශ්නය නිසි පරිදි කළමනාකරණය කර ගන්නට නොහැකි බලධාරීන් ඉල්ලා අස්විය යුතුයි. (නි)
ඉරිදා විතරක් නෙමෙයි , අනුරාධපුරේ ඉන්න අපිටත් අද ( 18) ලයිට් කපන්නේ නෑ. අද අනුරාධපුරේ ඡන්දෙට වැඩ..(ස)
2020 දි සැමට විදුලිය දෙනවා..(ස)
සිංහල, දෙමළ, මුස්ලිම් මේ කවුරුත් අපේ සහෝදර සහෝදරියන්ය. (නි)
ඉරිදාට කර්මාන්ත ශාලා, වෙළද සැල් ආදිය වහලා නිසා විදුලිය පරිභෝජනය අඩුයි. ඒ නිසයි ඉරිදට විදුලිය නොකපන්නේ. නැතුව එතන වෙන හේතුවක් නැහැ. (නි)
රාමසාන් උත්සවයා දා විදුලිය කපන්නේ නැතුව ඉන්න ඒක හුගාක් හොදයි. ඒත් පොඩි ඉල්ලීමක් තියෙනවා චම්පික මහත්තයාගෙනුත්, අපේ මුස්ලිම් සහෝදරයන්ගෙනුත් ඉල්ලන්න, රාමසාන් දිනය දා ලංකාවේ හරක් කැපීම නවත්වන්න කියලා. ඔබට මෙය එක්වරම නැවැත්විය නොහැකි විය හැකියි. උත්සාහ කරන්න. හැබැයි මේක දිහා ජාතිවාදී අදහසින් කවුරුත් බලන්න එපා. අවිහිංසාවාදීව බලන්න. මෙහි ජාතිවාදී අදහසක් ගැබ් වෙලා නැහැ. ලංකාවේ ජීවත් වන මුස්ලිම්, දෙමළ, සිංහල අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියටයි මම සිතන්නේ. (නි)
මේ දවස් ටිකේම බඩගින්නේ ඉදලා මේ සමරන උත්සවේ එයාලට විනෝදයෙන් සමරන්න දෙන්න ඕනෑ කිසිම ප්‍රශ්නයක් නැතුව. (නි)
ගොඩාක් ස්තූතියි ..(ස)
හොද තීරණයක්..!! (නු)
ලංකාදීප එසැන පුවත්පතේ අදහස් දක්වන සැමට මගෙන් රාමසාන් සුභ පැතුම !!!! (ස)
කොහොමද ඇමතිතුමා අපිට සළකන හැටි? (නි)
ඇයි එහෙම කරන්නෙ.. එහෙම නොකපා ඉන්න පුළුවං කමක් තියෙනවා නම් මේ දවස්වල උසස් පෙළ ලියන නිසා හැමදාම විදුලිය ලබාදෙන්න...
රාමසාන් ආලෝකමත් කරන්න..!(නු)