ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් ස්වීඩන් බලා යාමට උත්සහ කළ ඉරාණ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පනස් හැවිරිදිය. ඔහු පසුගිය මැයි 31 වෙන දින මලයාසියාවේ සිට මෙරටට පැමිණ කොළඹ සහ මහනුවර යන ප්‍රදේශ වල නවාතැන් ගනිමින් කාලය ගතකර ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔහු අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 581 දරණ ගුවන් යානයෙන් ස්වීඩන් බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන් සේවා නිලධාරීන් විසින් ඔහුගේ ලිය කියවිලි පරීක්ෂා කරීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd