ව්‍යාජ ගුවන් ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් ස්වීඩන් බලා යාමට උත්සහ කළ ඉරාණ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පනස් හැවිරිදිය. ඔහු පසුගිය මැයි 31 වෙන දින මලයාසියාවේ සිට මෙරටට පැමිණ කොළඹ සහ මහනුවර යන ප්‍රදේශ වල නවාතැන් ගනිමින් කාලය ගතකර ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔහු අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 581 දරණ ගුවන් යානයෙන් ස්වීඩන් බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන් සේවා නිලධාරීන් විසින් ඔහුගේ ලිය කියවිලි පරීක්ෂා කරීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාණ ගැටේ කටුනායකදි ලෙහේ