එස්.ඩී.බණ්ඩාරනායක මහතා මෙලොවින් සමුගෙන හෙට (4) දිනට වසරක් සපිරේ. ඒ මහතා වත්මන් පරිසර රාජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාය.

1917 දෙසැම්බර් 1 වැනිදා මාතරදී උපත ලද එස්.ඩී.බණ්ඩාරනායක මහතා මාතර ශාන්ත තෝමස් විදුහලෙන් අකුර කළේය. ඉන්දියාවේ ත්‍රිවේන්දම් විද්‍යාලයෙන් කෘෂිකර්ම උපාධිය ලබාගත් බණ්ඩාරනායක මහතා 1965 එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක රජයේ ශ්‍රීලනිප තරුණ කටයුතු ලේකම් ලෙස පත්වූ අතර ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් සමග තානාපති සබඳතා ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක යෙදුණේද ඒ මහතාය.

1960දී බෝසත් බණ්ඩාරනායක පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවාගෙන තරග කර ගම්පහ අසුන දිනාගත් එස්.ඩී.බණ්ඩාරනායක මහතා 1956 බණ්ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජේ.ආර්.ජයවර්ධන මහතා ප්‍රමුඛ එජාපය මෙහෙයවූ නුවර පාගමන ඉඹුල්ගොඩදී නතරකිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් ‘ඉඹුල්ගොඩ වීරයා‘ ලෙස ප්‍රචලිත විය.

ඩොරින් ඩයස් බණ්ඩාරනායක මහත්මිය සමග විවාහ වූ ඒ මහතා සුභාෂ් ඩයස් බණ්ඩාරනායක, ශ්‍යාමලී ඩයස් බණ්ඩාරනායක, පණ්ඩුකාභය ඩයස් බණ්ඩාරනායක යන දූපුතුන්ගේ පියාවේ.