ගම්පහ ඉඹුල්ගොඩදී අනතුරට ලක්වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවත්, එම යතුරුපැදිය පිටුපස මෝටර් රථයක් පැමිණ යතුරුපැදියේ ගැටීමට සලස්වා වාහනය නොපෙනී ගිය බව ඇසින් දුටුවකු පැවසූ බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.
ඔහු එසේ පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මේ සිද්ධයට සුළු මොහොතකට පෙර යක්කල සිට නවාතැන් පොලට යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු පිටුපසද යතුරු පැදි කිහිපයක් පැමිණි බවට තොරතුරු ඇතැයි ද, සිද්ධිය වූ තැනට පොලීසියේ උසස් නිලධාරීන් පැමිණීම සැක සහිත බව ද සංජීව බන්ඩාර මහතා ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනුයේ එවැනි සැකයක් ඇත්නම් අන්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කළ යුත්තේ තමන් සතු තොරතුරු පොලීසියට ලබා දීම මිස අභූත චෝදනා එල්ල කිරීම නොවන බවයි.
අනතුර දැනගත් සැණින් පොලීසිය එහි ගියේ පරීක්ෂණ පැවැත්වීමට බවත්, ඔවුන්ගේ පසුපස කිසිවකු වාහනයකින් ලුහු බැඳ ගිය බවට හෝ අනතුරක් සිදු කළ බවට මෙතක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් කියන අජිත් රෝහණ මහතා තොරතුරු ඇතොත් ඉදිරිපත් කරන ලෙසද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ කොල්ලන්.(නදී)
උතුරේ ළමයි ඉගෙන ගන්නවා. දකුණේ ළමයි පිස්සු නටනවා (නි)
සේරටම වැඩිය වටින්නේ අධ්‍යාපනය නිසි කලට නිමා කර ගැනීමයි. (නි)
සුරංගනා කතා තවත් නොකියනු අප හට අපිට මොකට කියනවාද අපි නොදන්න රට... (නි)
ඔන්න 88,89 ආයෙත් පටන්ගන්න යනවා වගෙයි. කවුරු කවුරුත් පරිස්සම් වුණොත් හොදයි. (නි)
ලාලනී මිස්, ඔයාගේ කට ලස්සනද? පොඩ්ඩක් කැම්පස් එකක් ගාවට හරි, රැළියක් ළගට හරි ඇවිත් පෙන්නුවානම් මූණටත් මේකප් එකක් දාලා දෙන්න තිබුණා. මොකද ඔයා වගේ අය තමයි අද රටට ඕනෑ වෙලා තියෙන්නේ. තරහ ගන්න එපා. මේ මට වාගේම බොහෝ දෙනෙකුට තේරෙන විදිය. මම හරිද මන්දා. (නි)
එය වසස වගේ
බොරු එපා
සුනිල් යමක් උනහම ඒ දේ ගැන කතාකරන්න , කණ්නාඩියක් ලඟට ගිහින් ඔයාගේ කට බලා ගන්න (ස)
ගාල්ලේ සමන්, ඔයත් කැම්පස් ගිහිල්ල තියෙනවා නම් දන්නවා ඇති අන්තරය තමයි ළමයින්ව කාලකණ්නි කරන්නේ. දන්නේ නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහ ගන්න.ඇත්තටම ඔවුනට අවශ්‍යයි මිනී 2,3ක්. එතකොට තමයි මේ පා ගමන සාර්ථක වෙන්නේ. මම හිතන්නේ එක තමයි නවීන ක්‍රමය යනුවෙන් ඔබ පවසන්නේ.(ස)
මමත් හිතනවා
සුනිල් ගොන්කම දෙපාරක් කරන්න එපා (අ)
පෙළපාලි වලට නිදහස අවශ්‍යයි. හැබැයි මොනවාහරි වුණොත් නිදහස දුන්න අයම වගකියන්නත් ඕනෑ. (නි)
අනේ මෝඩ කොල්ලෝ, අම්මලා අමාරුවෙන් කන්න අදින්න දීලා ඔතනට එවලා තියෙන්නේ ඉගෙන ගන්න. එහෙම නැතුව රට හදන්න නෙමෙයි. මහා ලොකුවට හිතාගෙන ඉන්නේ මුන් මහා කෙරුමෝ කියලා. අපේ රටේ වරද, හැමදේම නිකම් දීලා නිකම් හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා. නිකම් හම්බවෙන්නේ නැතිකොට දේපල විනාස කරනවා. රටේ සල්ලි විනාශ කරනවා. කිසිම දෙයක් නිකම් දෙන්න හොද නැහැ. මෙයාලට වෙලා තියෙන්නේ නිකන් ඉන්න වෙලාවට කරන්නේ දෙයක් නැති එක. හරිනම් මෙයාලගෙන් වැඩ ගන්න ඕනෑ. මහපොළ අරගෙන නිකම්ම කකා බිබී නාස්ති කිරිල්ල තමා මේගොලන්ගේ වැඩේ. මේ කට්ටිය මකලවත් හදන්න වෙයි. (නි)
සමහර පක්ෂ හා අන්තරය මිනී උඩින් තමයි අනුකම්පාව ගත්තේ. ඉදිරියටත් එහෙමයි. සරසවි වල මහා ශිෂ්‍ය සංගමයට ලැබෙව මුදල් ටිකත් ඒ අය ගසා කනවා.(ස)
දිනේෂ් මහතා ඔයා කියන ඡන්ද කථාව මම පිළිගන්නවා. එහෙත් අපේ සමහර මිනිස්සු පටු වාසි බලාගෙන හැමදාමත් කළේ සහ කරමින් පවතින්නේ ගොන් වැඩ. ඔහුන්ගේ අරමුණක් නැහැ රටේ දියුණුවක් ගැන. තමා ගැන පමණයි සිතන්නේ. ඉහත සමහර අදහස් දෙස බලපුවාමත් එක පෙනෙනවා. ලැජ්ජයි අපි අතරේ සමාජයේ මේ වාගේ සුදු කරපටිකාරයන් සිටීම ගැන.නමුත් මා සිතන්නේ අපේ රටේ මිනිසුන් ගොනාට ඇන්දවීම සහ ඇන්දීම තවත් කාලාන්තරයක් පුරාවට පවතීවි. එබැවින් අපෙන් පසුවත් රටේ දරුවන්ට පාරට බසින්න සිදුවේවි. අපි උස්සාහ කරමු, තත්වය වෙනස් කරන්න සහ හොද පාලන තන්ත්‍රයක් ගොඩනගන්න. නමුත්, දැනට ළගම ඇති ප්‍රශ්නය වන 6% දෙස හැරී බැලිය යුතුයි. එහි ඇති සාධාරණත්වය වසන් කිරීමට නිර්ලජ්ජිතව හැසිරෙන සහ අදහස් ප්‍රකාශ කරන අය මා ඉතා පිළිකුල් සහගතව හෙළා දකිනවා. මා සිතන්නේ ඔහුන් සිහිනෙන් හෝ නොසිතනවා විය හැකියි තමා මෙන්ම අනාගතේ තමාගේ දරුවෙක් හෝ උසස් අධ්‍යාපනය ලබාවී යැයි කියා. (නි)
සහෝදරවරුනි දෙමව්පියන් ඉතාමත් දුක් මහන්සියෙන් උගන්වල විශ්වවිද්‍යාල වල යවල ලැබෙන ප්‍රතිපලය මේකද ???? දෙමාපියන්ට මේක දරාගත හැකිවේද ?????? .දෙසපාලුවන්ට උගතුන් වදවීම සතුටකි .දෙමාපියනි ඔබේ දරුවන්ව බේරගන්න . (ස)
බුදුනේ, දෙවියනේ, සත්‍යය හෙළිකරන්න. (නි)
පක්ෂ සම්බන්ධයක් ඇතුව හෝ නැතුව නිදහස් අධ්‍යාපනය සුරැකීම විශේෂයෙන් එහි ප්‍රතිලාභ ලබන්නන්ගේ යුතුකමකි.නමුත් එම කාර්යයන් කිරීමේදී අසරණ දෙමව්පියන්ගේ සිත් නොරිදවීමට වග බලා ගත යුතුය.(ස)
මේ රටට මේ කල ගිහින් තියෙන්නෙ අනිකාට හෙණ ගැහුවත් තමන් යහතින් හිටියොත් ඇති කියලා හිතන බඩගෝස්තරවාදීන්ගෙන් අඩුවක් නැති රටක් නිසයි. ලෝකෙ කොහේවත් ඒ වර්ගයේ අයට පිළිගැනීමක් නැහැ. තමන්ට හෙණ ගැහුවත් අනෙකාගේ යහපත උතුම්කොට සළකන ශ්‍රේෂ්ඨ උතුමන් පහළවෙන්නෙ කලාතුරකින්. මේ අන්න ඒ කුලයට අයිති දෙන්නෙක්. ඔවුන්ගේ පරමාර්ථය ශ්‍රේෂ්ඨයි. ඔවුන් ජීවිත අහිමි කරගත්තේ තමන්ට හම්බ කරන්න ගිහින් නොවේ. ඔවුන් මිය ගියේ නැහැ. ජන හදවත්හි සදා අමරණීය වුණා. ඔවුනට ගරහන්නෝ කවුදැයි බුද්ධිමතුන් හොඳින් වටහා ගන්නවා ඇති. (නි)
යන එන මං නැතුව පැරදුණු ජේ.වී.පී. ය මේ තරුණ ජීවිත වලට වගකිව යුතුයි. (නි)
ඇත්ත වශයෙන්ම මේ මරණ සැකසහිතයි. කුමන්ත්‍රණයක් විය හැකියි. (නි)
උඩ පැන්නොත් බිම වැටේ. (නි)
මේ ළමයි ඉගෙනගන්න කාලේ ඉගෙන ගන්නවා මිසක් රට හදන්න යන එක වැරදියි (නි)
ඕක නිර්භීත කම ගැනවත් බය ගැනවත් ප්‍රශ්නයක් නෙමේ. අම්මව රැක ගන්න ගල් වලක වැඩකරපු රත්තරන් පුතාල වගේම දහ දුක් විදලා දෙමව්පියෝ ඉගෙන ගන්ඩ එවන මුදල් වියදම් කරලා උද්ගෝෂණ කරන අපතයොත් කැම්පස් වල ඉන්නවා. දහ දුක් විදලා කැම්පස් එන අහිංසක ළමයින්ව කාලකන්නියෝ කරන්නේ ඔය අන්තරය. ඔය මැරිච්ච දෙන්නා මැරුණද මැරුවද කියල හොයල බලන්ඩ ඕන. එත් ඒ මරුන දෙන්නව විකුණන්ඩ් එපා, ඔය ප්‍රචණ්ඩ කාරී දේශපාලන පක්ෂ වලට ඔය ළමයින්ව ඕන වෙන්නේ ඡන්ද ගන්ඩ විතරයි. එත් එයාලගේ දෙමව්පියෝ හැමදාම ඔය දුක විදින්ඩ් ඕන. රට හදන්න ඕන. එත් ඊට කලින් අපේ අසරණ දෙමව්පියන්ව රැකබලා ගැනීමට අපිට ඊටත් වඩා ලොකු යුතු කමක් වගේම වගකීමකුත් තියෙන බව අමතක කරන්ඩ එපා.. (ස)
මොනවා වුණත් කමක් නැහැ, මෙයාලා ඒක ප්‍රශ්නයක් කර ගන්නවා (නි)
කටවල් දෙකේ කැත විතරක්. ඹය කටවල් හොද කෑ ගහන්නම විතරයි. (නි)
අසරණ ළමයි. අපරාදේ ජීවිත. මේ රටේ තරුණ ජීවිත නිරපරාදේ විනාශ වෙන කාලය ළගයි. (නි)
ආනන්ද මහත්තයෝ, ඔයා දන්න දෙයක් නැහැ. උඩින් කියලා තියෙනවා නේද වාහන පදවන අයට වෙන අනතුරු ගැන. එතකොට අර ළගදී ඔයා පෙනි හිටින පක්ෂයක මන්ත්‍රී කෙනෙක් කදුරුවෙල පාරේ යටකරගෙන ගියපු කාන්තාව අමතක වුණාද? මේජර්ලාට ගහනකොට අමතක වුණාද? සුදු වෑන් අමතක වුණාද? නැහැ මම නිකමට 2-3 ක් මතක් කළේ. ඔයාටත් අර “මොකුත් මතක නැහැ“ කියන ලෙඩේ තියෙනවා කියලා හිතලා. (නි)
ඉතිං මැරුණේ අනතුරකින්නේ. (නි)
සිල්වා, ඔබට නිවන් සුවයම ලැබේවා! (නි)
සැක ඇතිවීම සාධාරණයි. කැළණිය කිට්ටුව නේද මේක සිද්ධ වෙලා තියෙන්නේ? ළමයි මීට වඩා සෙවිල්ලෙන් හිටියොත් හොඳයි. (නි)
මෙයාලා කොච්චර කෑගැහුවත් කාගෙවත් ශිෂ්‍යාධාර වැඩිවෙන්නේ නැහැනේ. (නි)
අන්තිමදී දෙමාපියන්ට දරුවන් නැතිවෙනවා. මේ දෙමාපියන් කොච්චර දුක්විදින්න ඇත්ද දරුවන් ලොකුකරන්න? දෙමවුපියන් ඉතාමත් දුක් මහන්සියෙන් උගන්වලා විශ්වවිද්‍යාල වල යවලා ලැබෙන ප්‍රතිපලය මේකද? (නි)
වෙන්නත් පුළුවන්
මේ සිද්ධීන් පොලිසියට දැන්නුවට වැඩක් නැහැ. අපේ සටන අපි දිගටම කරගෙන යනවා. (නි)
මේකනම් සැළසුම් සහගත ක්‍රියාවක්. (නි)
88, 89 කාලේ ශිෂ්‍ය සටන් නිසා දහස් ගණනක් සිසුන් මරා දැම්මා. ඒ සටන් මෙහෙයවූයේ අන්තරය බව සැකයක් නැහැ. එහෙත් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගවල ප්‍රතිපලයක් ලෙස එදා චිට් එකට දුන් රැකියා තරග විභාගවල ප්‍රතිඵල මත ලබා දෙන ක්‍රමයක් ඇති වුණා. (ඒ උදාහරණයක් පමණයි. තවත් සාධනීය ප්‍රතිඵල බොහොමයි) දැන් ඒකත් නැති කරලා කිසිම තරග විභාගයක් සමත් වන්නට හැකියාවක් නැති උපාධිධාරීන් කණ්ඩායමකට තොග ගණනේ රැකියා දෙන්නට පටන් අරන්. සටන්වලදී මරණ සිදුවීම සාමාන්‍ය කාරණාවක්. කොටින්ට එරෙහිව සටන් කළවුන් වීරයන් වන්නාසේම පවතින අසාධාරණයට එරෙහිව සටන් කරන මේ සිසුන් ද වීරයින්. කිසියම් කෙනෙක් අද, එදා කොටි සංවිධානය කළ දේ කරනවා නම් ඒක නිවැරදි ද කියා සිතා බැලිය යුතුයි. (නි)
මෙයාලට පිස්සුද ? හැම එකටම සැකයි කියනවා නැත්නම් ආණ්ඩුව වගකිව යුතුයි කියන්න ඕන කියනවා ,අනේ මන්දා (ස)
අයියෝ සල්ලි
ඔබ දෙදෙනාට නිවන් සුව! කැම්පස් යන්නේ රට හදන්න නෙමෙයි. උද්ඝෝෂණ කරන්න නෙමෙයි. අම්මලා තාත්තලා පොඩි කාලේ ඉදලා ඉගැන්නුවේ මේවා කරන්න නෙමෙයි. කැම්පස් ගිහින් හොදට ඉගෙන ගෙන රටට සේවයක් කරන්න සහ හොද පුරවැසියෙක් වෙන්න. අවාසනාවකට දේශපාලකයන්ගේ අතකොළුවක් වෙමින් තමන්ගේ ජීවිතේ පුද දෙන්න වුණ එක ගැන දුකයි. (නි)
සුනිල් මහත්තයෝ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බෙරෙනවා කියන්නේ ඔයාලටයි. ඔය දේ කුලී හේවායෙක් ලෙස ඔයා පෙනී සිටිමින් රකින කෙනාට කියන්න. ආනන්ද මහත්තයෝ ඔයා වාගේ දේශපාලකයන්ට කඩේ යන කෙනෙක් අන්තරරේ හිටියනම් අන්තරේත් දේශපාලනයට කඩේ යවන්න හදයි. ඒත් එක කරන්න බෑ. හේතුව, 1) අපි දේශපාලනයට කඩේ යන කුලී හේවායින්ට කැමති නැති නිසා. 2) ඔයා උසස් අධ්‍යාපනය නොලබන්නෙක් නිසා. 3) සත්‍ය දකින්න කොන්දක් නැති නිසා. 4) හෝමෝ සේපියන්ස් සේපියන්ස් වාගේ බුද්ධිමත්ව නොහිතන නිසා.(ස)
කටේ කැත විතරක්.... (නි)
දේශපාලුවන්ට කඩේ යන අයට අන්තිමට සිද්ද වෙන්නේ ඔය ටික තමයි.(නදී)
සිසුන් දෙදෙනාට අපගේ ආචාරය වේවා! දිනේෂ් දෙන්නේ සාම්ප්‍රදායික අවවාදයක්. එහෙම හිතලා හැමෝම අහක බලා ගෙන සිටියොත් පාලකයින්ට ඕනෑම පිස්සුවක් නටන්න පුලුවන්. දැන් මේ රටේ වෙන්නේ ඒකයි. මේ සිසුන් දෙන්නා මේ කරලා තිබෙන්නේ පොදු සමාජය පිඩාවට පත්වන දෙයකදි අසාධාරණයට එරෙහිව නැගී සිටිමයි. 80 ජුලි වර්ජකයින් සිහිපත් කරන්න. රජයේ සේවකයින් දැන් භුක්ති විදින වරප්‍රසාද බොහොමයක් ලැබුණේ ඔවුන් නිසා. තමන් ඒවාට සහභාගි නොවනවා නම් එසේ කරන අය පාච්චල් කිරීමෙන් වැළැකී සිටිය යුතුයි. (නි)
මොනවා උනත් අන්තරේ තමයි කැම්පස් ළමයින්ව කුලප්පු කරලා පාරට දාන්නේ. ඒ ගොල්ලෝ මේකේ වගකීම භාරගන්න ඕනි..(ස)
ළමයි මීට වඩා සෙවිල්ලෙන් හිටියොත් හොඳයි. (නි)
සුරංග ඔබ කියන එක හරියට හරි. මොකද අපි කැම්පස් ඉන්න කාලේ ඔය වගේ තමයි. අන්තරේ හැමදාමත් කඩේ ගියේ ජේවීපී එකට. (නි)
ඔබට නිවන් සුව සහ සතුරන්ට හෙණ! (නි)
නිවන් සුව ලැබේවා! සටනට ජය වේවා! (නි)
පාඩම් කරලා කරලා කොහොමහරි ඇතුළට ගිහිල්ලා එළියට එද්දි වයස හරි (නි)
මෙයාලට ඉගෙනගන්න සල්ලි දෙන්නේ වර්ජව කරන්නද? (නි)
කිසිම දෙයක් නැති හිඟන කොල්ලන් තමයි රට හදන්න ගිහින් මැරෙන්නෙ. සල්ලිකාර කොල්ලො එකෙක්වක් මේවට පැටලෙන්නෙ නැහැ.මොලේ නැති හරක්. (ස)
88,89 භීෂණ කාලය යලි උදා නොවේවා! (නි)
අන්තරයට ඕනෑ රට නැවතත් 88 යුගයට ගෙනියන්න. (නි)
බොරුවට සද්දේ දාන්නේ නැතුව ඉන්න.(නදී)
දිනේෂ්, කැම්පස් යන අයගෙ යුතුකම වෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක නෙමෙයි. රට නිවැරදි දිශාවට හැරවීමට ඔවුන් අනිවාර්යයෙන්ම දායක විය යුතුයි. ඔයා වගේ හිතන මිනිස්සු වැඩිවෙලා තියෙන්නෙ රටේ අවාසනාවට. ඔයාගෙ නොහැකියාව ඔයා ළග තියාගන්න. වැඩක් කරන්න උත්සාහ කරන අයට අවමන් කරන්න එපා. (නි)
දිනේෂ් ඔබට මම එකගයි.(නදී)
අධ්‍යාපනය වනසන්නන් අහිංසක ජීවිත දෙකක් බිලිගැනීම අපි කම්පා විය යුතු කරුණක්...(ස)
සංජුගේ කතාව ඇත්ත (නි)
අනේ මන්දා මොනවා වෙනවද කියලා ?(ස)
මටත් දැන්නම් සැකයි, ඒ වගේම දුකයි . මේ අයට අවමන් කරන්න එපා මිනීපෙට්ටි අරන් යන්නත් එපා..(ස)
මටත් සැක සහිතයි.(නදී)
ගාල්ලේ සමන් සහ ධම්මික දිනේෂ්ට දී තියෙන පිළිතුර නිවැරදියි. ඉහලින්ම අනුමත කරනවා.(ස)
මියගිය අය ගැන කණගාටු වුණත්, බොරු කියන්න නරකයි. (නි)
අපේ අය හිතන් ඉන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න.(නදී)
මේකනම් සැළසුම් සහගත ක්‍රියාවක්. (නදී)
කාට කියන්නද මේවා.(නදී)
ධම්මිකා කවද ඉඳලක රට නිවාරදි මගට හරවන්න කැම්පස් අයට බාර දුන්නේ (අ)
අපරාදේ , රට හරිමගට යවන්න උත්සාහ කරපු දෙන්නෙක් මිය ගිහිල්ලා , ඔබලාට නිවන් සුව (ස)
මටත් ඔය කුරුටු ගාමී අන්තරය තමයි සැක. විශ්ව විද්‍යාලවල ඉගන ගත්ත ඉගන ගන්නා කවුරුත් දන්නවා ඔය ගොල්ලන්ගෙ වැඩ. ඉතිහාසෙ හැමදාම ශිෂ්‍යයෙක්ගෙ මිණියක් මතින් තමයි ඔය කට්ටිය දේශපාලනය කලේ. (ස)
නිර්මලාට පිස්සුද (ස)
ගාල්ලේ සමන් ,මොකටද බොරු අන්තරය තමයි මේතාක් දුරට විශ්වවිද්‍යාල විනාශකරන්න, අධ්‍යාපනය කඩාකප්පල් කරන්න දායක උනේ. මේක හොදින්ම තේරෙනවා අන්තරය නැති මොරටුව ව්ශ්ව විද්‍යාලය ලබල තියන දියුණුව දැක්කම (ස)
මේකත් භාරතගේ මරණය වගේ.(නදී)
සමන්, දම්මික, අනුර මහත්වරුණි රට වෙනුවෙන් යුතුකම් අනුන් ලවා ඉටු කරවන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ ගැන හොඳ කියන්න උපදෙස් දෙන්නත් කට්ටිය ඉන්නවා. හැබැයි වටිනා ජීවිත අහිමි වීමේ පාඩුව ඒ අයට හා ඒ අයගේ දෙමාපියන්ට. ඒ නිසා දිනේෂ් හිතන විදිය වැඩිය හරි කියායි මා සිතන්නේ. අනික සමන්,ධම්මික, අනුර මහත්වරුණි අපි අනුන්ට උපදෙස් දුන්නට රටට හානිකර කටයුතු අපිම දවසකට කීයක් කරනවාද. ඔයාලත් වාහන පදවන අය නම් වටිනා ජීවිත තුට්ටුවකට මායිම් නොකර, ඉස්කෝල ළමයෙකුටවත්, ගැබිණී මවකටවත් වයසක කෙනෙකුටවත් ඉඩක් නොදී තමන්ගේ වාහනය පදවපු අවස්තා ගණන ගණනය කල හැකිද.අනේ අනුන් ලව්වා රට හදවන්න යන්නේ නැතිව අපි අපිම හැදුනොත් රට හැදේවි නේද.(ස)
අද කාලේ වෙන දේවල් හැටියට මේක සැක සහිතයි. (නි)
සුනිල්, මෑරිච්ච අයට අපහාස කරන්න එපා. මොනව උනත් උගත් ළමයිනේ වැදගත් අම්මලා තාත්තලගේ .(ස)
හරි, හරි දැන් වැඩ ගානට යනවා.(නදී)
මෙයාලා කාගෙන්හරි මැරුම් කන්න ඉස්සෙල්ලා මෙහෙම මැරිච්ච එක හොදයි. (නි)
මේ ගොල්ලෝ රට හරවන්න යන නිවැරදි දිශාව මොක්ද කියලා අපිටත් පැහැදිලියි (ස)
උගතුන් වුණාට මදි. බුද්ධියද තිබිය යුතුයි (නි)
නිකන් බොරු වැඩ. කෝ අද නිදහස් අධ්‍යාපනයක්? (නි)
නිර්මලා, ඔයා හරි. ලාලනීලා හිතාගෙන ඉන්නේ රටේ ප්‍රශ්නවලදී වාගේම පාලකයෝ කරන දූෂණ වලදී කට වහගෙන ඉන්න අයගේ කටවල් තමයි ලස්සන කියලා. අනික පාලකයන්ට කඩේ යන අදබාලයන්ගෙත් කටවල් ලස්සනයිලූනේ. එහෙවු කටක් හදාපු දෙමාපියොත් කොයි තරම් වාසනාවන්ත ඇත්ද? (නි)
මේ ඔක්කොටම පිස්සු . එහෙම දෙයක් වෙලා නෑ . මේ කොල්ලෝ දෙන්නා යද්දි කාණුව පාරට ඇවිල්ල...(ස)
මේ වගේ අය තමයි අන්තරය හොය හොයා හිටියේ . (ස)
දිනේෂ් වගේ ගොටු අල්ලන්න හැමෝම කැමති නෑනේ (ස)
ධම්මිකා මම දැන් ගේන්නයි අහන්නේ
ධම්මික ඔය ඔක්කොම විශ්ව විද්‍යාලයයේ පමණයි. (අ).
මම සියළු අදහස් බැලුවා. හරවත් එකක්වත් නැහැ (නි)
කට්ටියක් ආණ්ඩුවට කඩේ යනවා, තව කට්ටියක් ආණ්ඩුවට විරුද්ධව කඩේ යනවා, තවත් කට්ටියක් බලේ නෑති නිසා බලේට එන්න ආණ්ඩුවට විරුද්ධව දගලනවා, තවත් කට්ටියක් ආණ්ඩුවට විරුද්ධව තවත් කට්ටියක්ව උසි ගන්වලා කඩේ යවනවා. අන්තිමට කඩේ ගිය අය අඩුවයසින් නිකාන් නෑහෙනවා. කඩේ යවපු අය ඒ මලගමත් විකුණන් කනවා...කවද හරි දවසක එයාලා බලේට එනවා. ඊට පස්සේ උන්ටත් පොඩි මිනිහව, නීතිය, තමන් කියපු දේවල් අමතක වෙනවා. අන්තිමට ජරාව කනවා, පගා ගහනවා, මිනී මරනවා, කස්සිපු විකුනනවා, කුඩු විකුනනවා.... අපි හරි මෝඩයි නේද? (ස)
කොහොමද මම ඊයෙ කිව්වේ නැද්ද මේ මරණ දෙක සැකයි කියල...(ස)
88ක් නම් නැවත නොපැමිනේවා! සංජීව කියන දේ ගැනත් හොයා බලන්න. (නි)
ධම්මික දිනේෂ්, කැම්පස් යන අයගෙ යුතුකම වෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක නෙමෙයි. රට නිවැරදි දිශාවට හැරවීමට ඔවුන් අනිවාර්යයෙන්ම දායක විය යුතුයි. ඔයා වගේ හිතන මිනිස්සු වැඩිවෙලා තියෙන්නෙ රටේ අවාසනාවට. ඔයාගෙ නොහැකියාව ඔයා ළග තියාගන්න. වැඩක් කරන්න උත්සාහ කරන අයට අවමන් කරන්න එපා. මිත්‍රයා....මම නම් හිතන්නෙ රට නිවැරදි දිශාවට හරවන හන්දිය කැම්පස් එක නෙවෙයි.ඒ හන්දියට යන්න පුලුවන් එක මාර්ගයක් විතරයි කැම්පස් එක. පාර වැරදුන කට්ටිය කියපු දේ අහලා තමා මේ වගෙ කොල්ලො අද පාරෙ ඉන්නෙ.අද මේ ළමයි දෙන්නා දෙමව්පියන්ට ගින්දර දුන්නේ , දැන් මේ කොල්ලො දෙන්නගෙ මිනියත් පාරට ගෙනත් විකුණන්න බලයි. පව්...දෙමව්පියො.මොන තරම් දුක් විඳින්න ඇද්ද කැම්පස් යවන්න. (ස)
අපේ තරුණයින්ට අනාගතයක් නැහැ මේ රටේ (නි)
මමත් කැම්පස් ගියපු කොල්ලෙක්.ඒත් මම හිටියේ අන්තරේ නෙවෙයි.මම ස්වාධීන සංගමේ.මමත් අන්තරේ එක්ක ගහගෙන තියෙනවා.ඒ උනාට අද අපි එකමුතු වෙන්න ඕන. මේ මිය ගිය අය සටන් කලේ අපි හැමෝගෙම අනාගතය වෙනුවෙන්.එයාලට ගරහන්න එපා.. කැමිපස්වල බයගුල්ලෝ නෑ....(ස)
ධම්මික:එහෙනම් රටේ වාසනාවට වෙන්න ඇති මම ලංකවේ කැම්පස් ගියේ නැතුව ඇමෙරිකාවේ කැම්පස් එකකට යැව්වේ...හොදයි ඔයාල ඔක්කොම කියන විදියට කැම්පස් වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ පාරට බස්සවල තව එකෙක් දෙනෙක්ව මරවල රට හදන්න..(ස)
ඉගෙන ගැනීමට ඉඩ දෙන්න . ඡන්දෙත් දෙන්නම්, රැකියාවත් අපිම හොයා ගන්නම්....(ස)
ඔයාල හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි..රට හදන්න ඕනෙනම් ඔයාල ඡන්දෙ දෙන මිනිස්සුන්ට කියල ඒක හදවන්න..ඒකට තමා ඔයාලගේ ඔලුව පාවිච්චි කරලා ඡන්දෙ දෙන්නේ..එකට කැම්පස් ළමයි පාරට බස්සල හරියන්නේ නැ...ඔයාල ඡන්දෙ දීලා රට හදන්න පාලකයෝ පත් කරලා එයාල හදන්න කැම්පස් ළමයි එලියට දානවා..මොකක්ද මේක විහිලුවක්ද?(ස)
ළමයින්ගේ මිනීත් විකුණන්නද මන්දා හදන්නේ? (නි)
මේ ගැන පුළුල් පර්යේෂණයක් ඇරඹිය යුතුය.(ස)
මේක කවුරුකළා කියලද හිතන්නේ (අ)
බොරු වීරකම් ඕනෑ නැහැ. සරසවියට යන්නේ ඉගෙන ගන්න (නි)
ඒ දෙගොල්ලො සටන් කලේ ඔවුන් දෙගොල්ලො ගැන හිතලා පමණක් නෙවේ මුළු සහෝදර සහෝදරියන් ගැන හිතලා.... අපි හැමෝම එකමුතු වෙන්න ඕන මෙතනදී (ස)
මේක කණගාටුදායක කරුණක්. තරුණ ළමයි දෙන්නෙකුගේ ජීවිතේ නැතිවෙලා. එහෙම උනේ වැරදි වැඩක් කරන්න ගිහින් නොවෙයි. විශ්වවිද්‍යාල වල තියෙන ප්‍රශ්නයක් වෙනුවෙන් යමක් කරන්න ගිහිනුයි ජීවිත නැති උනේ. ඊටත් වඩා කණගාටුදායකයි සමහර අය මේකේ ලියල තියෙන දේවල් දැක්කම. මනුස්සයකුගේ ජීවිතේ වටිනාකමක් දකින්න තරම් වත් හැකියාවක් නැති මිනිස්සු එක්ක නේද අපි ජීවත් වෙන්නේ කියල දැනුනම තියෙන්නේ ලොකුම කණගාටුවක්. (ස)