
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට අද දැනුම් දුන්නාය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛණ පරීක්‍ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඹෟෂධ මිලදී ගැනීමට අවසර දුන් බවත් මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනුම්දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් දැනුම් දුන්නාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු මනෝප්‍රිය ගුණසේකර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නාය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛණ පරීක්‍ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඹෟෂධ මිලදී ගැනීමට අවසර දුන් බවත් මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනුම්දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් දැනුම් දුන්නාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය එසේ කීවාය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩඩ් බබාරයේ පසුවන බාලඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහස-පොලොව නුහුලන අපරාධයක්, මේ අධම මිනිස්සු මේවා කොහොම කරාද කියල අපි වගේ සාමාන්‍ය රට වැසියන්ට හිතාගන්නවත් බැ!!! මේ අපරාධ වල ලැබෙන දඬුවම් නම් ප්‍රමානවත් නැති වෙයි, සමහර විට ඇප තියලා එලියට ඇවිත්, ජීවිත කාලයම නඩුව යයි. ඒත් මේ මිනිස්සු මේ අපරාධ විඳවලාම මැරිල යයි.
රටට කෙළවෙනකම්, උමතුවෙන් වහසිබස් දොඩන ඩෝබිලා හැතිකරේ කෝ අද? රට කාපු එවුණුයි, උන්ට පඩික්කම අල්ලන එවුණුයි දෙගොල්ලොම හැඳි ගෑවිලාම යන්න ඕන.
මෙතනදි ඇමතිවරයා ඇත්තටම කරල තිබෙන වරද මොකක්ද ? ඔහු බලපෑම් කරලා ද නිලධාරීන්ට අදාල සමාගමෙන් බෙහෙත් මිලදී ගන්න කියල ?. බෙහෙත් වල වතුර තිබුනා නම් ඒකට වරදකරු වෙන්නෙ තාක්ෂණික කමිටුව. අදාල ඉන්දියානු සමාගම ගැන ගන්න පියවර මොනවද?
ප්‍රබල විපක්ෂය දැන් මොනවද කියන්නේ?
කෙහෙළිය සහ ඔහුගේ පවුලේ අය එකල රට කරපු දේශපාලන නායකයන්ගේ උදව්වෙන් රට බිලියන ගණනක් කොල්ලකෑමට සහ වංචා කිරීමට කටයුතු කළහ.රාජපක්ෂ,රනිල්,ගෝඨාභය ඇතුළු සියලු දෙනාම මෙම වංචාවන්ට සමානව වගකිව යුතුය. දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම, ඔවුන් මොන වගේ රාක්ෂයන්ද?
මම මේ දැනගන්නයි අහන්නේ, ඇත්තටම ලංකාවට මොනවා හරි බේතක් රටින් ගෙන්වනකොට ඒකේ සාම්පලයක්වත් රෝගීන්ට දෙන්න කලින් පරීක්ෂා කරලා බලන්නෙ නැත්ද? ඒක මේවට වෙලා නැතිද?
ෆැමිලි එකට ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනේ...
පරීක්ෂණාගාරය තියෙන්නේ පැලවත්තේද?
චමින්දයි, අරවින්දයි නම් දෙකක් වුණාට එකම ඩෝබි තමයි...
අහින්සක ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් දීලා ගසාකාපු පවට පවුලේ හැම එකාටම සාපවෙනවා.