කොළඹ මාර්ගවල කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් 278 දෙනකුට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොදයි. ඒත් අපේ ආණ්ඩුව දුප්පත් කියලා දැන් හැමෝම දැන ගනී හොදේ. (නි)
හරි ශෝක්. මම නිකන් අහන්නේ පොලිසියේ කීදෙනෙක් කහ ඉරි වලින් පාර පනිනවද (දී)
මම ඉන්නේ පිටරටක. මම මෙහේ මාරක රිය අනතුරක් තවමත් දැකලා නැහැ. ඒකෙ හේතුව මාර්ග ඉතා දියුණු මට්ටමක පැවතීමත්, රියදුරන්ගේ විනය ඉහළ මට්ටමක පැවතීමත්ය. (නි)
මේක වෙන්නෙත් පාර මාරුවෙන සාමාන්‍ය ජනතාවටමනේ.......(ස)
මිනි මරුවන් නිකන්,උසාවියට ගල් ගහපු පුද්ගලයින් තවමත් නිදැල්ලේ, ළමා අපරාධ කරන අය නිකන්. කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් උසාවියට අනේ මන්ද මේ වැඩ.(ස)
හොඳ වැඩක්.....(ස)
ආණ්ඩුවට මේ දවස් වල මුදල් අතින් හිගපාඩු තියෙනවද දන්නේ නැහැ. (නි)
මිනිස්සුන්ට ආදරේ කරන, නීතියට ගරු කරන රටක්...??? (නි)
දඩ එකතු කිරීම රජයේ ආදායම තර කර ගැනීමට හොද වැඩපිළිවෙලක්......ඒත් පදිකයන්ට දඩගහන්න කලින් පදික වේදිකාවේ වෙළදාම නවත්වන්න.පදිකයන්ට පාරෙ යන්න, පාර මාරුවෙන්න සුදුසු පරිසරයක් හදන්න. (නි)
මොනදේත් ටික දවසයි......(ස).
සත්තු වගේද ගිහින් තියෙන්නේ (දී)
සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙනවා.. දැනි හිරේ යන්න දඩ ගෙවන්නත් සිදුවෙනවා පොඩි අත පසුවීමක් උනත්.. නිදහසක් නැති පීඩාකාරී වාතාවරණයක් ඇතිවෙනවා..(නු)
සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. දැන් හිරේ ලගින්නයි දඩ ගෙවන්නයි සිද්ධ වෙනවා පොඩි අතපසුවීමක් වුණත්. නිදහසක් නැති පීඩාකාරී වටපිටාවක් ඇතිවෙන්නේ.
මිනිස්සුන්ට ඕන තැන්වල කහඉරි අදින්න බෑනේ.....මිනිස්සු එහෙන් මෙහෙන් පනිද්දි රියදුරොයි අමාරුවේ වැටෙන්නේ..(ස)
තව තවත් නීති තද කරන්න ඕනේ (දී)
එතකොට අධිවේගයෙන් යන ලොකු ලොක්කන්ට මොකක්ද තියෙන නීති ...(ස)
සමහර තැන්වල කහ ඉරි ඇඳගෙන තමයි පාර මාරු වෙන්න වෙන්නේ , මම දැන් වැඩට යන්නේ තීන්ත බාල්දියකුත් අරගෙනමයි...(ස)
හොද වැඩක්. හැබැයි මාස දෙක තුනක්වත් එක දිගට ක්‍රියාත්මක කළොත් අපේ අයට ඕක මතක තියෙයි නැත්නම් ආයෙ පරණ විදියම තමයි..!!(නු)
දඩ දඩ දඩ------------ අනේ මන්ද මිනි මරුවන්ටත් දඩ ළමා අපරාධ කරන උන්ටත් දඩ කහ ඉරටත් දඩ මේක නිකං මිනිස්සුන්ට වැරදි කරන්න අපිට සල්ලි දෙන්න කියනව වගේ වැඩක්නේ මෙහෙව් රටකට හරි යයිද ? අනේ මන්ද.....(ස)
ඉස්සෙල්ලා කහ ඉරි ටික ඇදල ඉන්න......පස්සේ ජනතාව දැනුවත් කරන්න නීති තද බව...ඊට පස්සේ වැරදි කරුවන් අල්ලන්න (ස)
ප්‍රවීන්, ඉස්සෙල්ල තියන කහ ඉරි ටිකෙන් වත් පනින්න පුරුදු වෙන්න. අපි හැදිලා ඉන්න ඕනේ රට හදන්න .........(ස)
ආශ්චර්යයේ කරුමේ ගෙවන්න ඕනේ පාරේ යන අපිද? (නි)
මේ නීති ඔක්කොම හොදයි, ඒත් දිගටම හෑම තෑනම ක්‍රියාත්මක නොවෙන එකයි වරද? අනික කහ ඉරෙන් පාර පයින්න ඕනා, රතු එලියට නවතින්න ඕන, රතු එලියට පාර නොපෑන ඉන්න ඕනා, කොල එලියට යන්න ඕන, පාර පනින්න ඕන කියල නොදන්න මිනිස්සු මේ රටේ ඉන්නව ගොඩක්. ඒක නිසා අර එක කාලයක් වගේ ටීවී එකේ එක එක විදියට මිනිස්සු දෑනුවත් කරන්න වෑඩ පිලිවෙලක් සකස් කරන්න...(ස)
හොද වැඩේ .. හොදම වැඩේ ..ලුම්බිනේ කතාව මතක් උනාම කියන්නකෝ හොදේ .. (දී)
නුගේගොඩ සුපිරි වෙළද සංකීර්ණය අසළ තිබෙන 'කලර් ලයිට්' හිතෙන හිතෙන වෙලාවට නිවා දැමීම නිසා පදිකයින් වන අප පත්ව සිටින්නේ මහත් අපහසුතාවයකයි. කරුණාකර මේ පිළිබදව අවධානය යොමු කරන්න. (නි)
ඇයි ආයෙමත් සල්ලි නැද්ද ????? (ස)
අන්න හොද වැඩ. ඔහොම නැතිව ඔය වැඩ පුරුදු කරන්න බැහැ.(දී)
මේ වගේ වැඩ කරනවට හොඳ පරණ කතාවක් තියෙනවා. මට දැන් ඒක අමතකයි. (දී)
බන්ධනාගාරය හිස් ....ඒකයි මේ...(ස)
මම ඉන්නේ ඩුබායි වල.මෙහේ පදිකයින් වෙනුවෙන් මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. (නි)
මාර්ගයේ දුම් පානය කිරීම පිළිබද නීතිය වගේ නැතුව සැමදාම එක ලෙසම ක්‍රියාත්මක වෙනවා නම් හොදයි. (නි)
මේ දේවල් ක්‍රියාත්මක කළාට වරදක් නැහැ.ඒත් අපිට දුක උසාවියට ගල් ගහපු පුද්ගලයින් තවමත් නිදැල්ලේ පසුවන එක පිළිබදවයි. නීතිය කා හටත් එක හා සමාන විය යුතුයි. (නි)
එතකොට කහ ඉර ළඟවත් නොනවත්තා යන රියදුරන්ට මොකද කරන්නේ...(ස)
රියදුරන් විසින් කහ ඉරේ නීති පිළිනොපදින එකට මොකක්ද කරන්නේ? (නි)
මේක හොද වැඩක්.ඒත් මේක ක්‍රියාත්මක කරන්න කළින් පාරේ කහඉරි ටික හරියට ඇදලා හිටියොත් නේද හොද? (නි)