( ෂේන් සෙනෙවිරත්න )
පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කරන කිලෝ 54 ක් පමණ වටිනා ඉපැරණි බුදු පිළිමයක් අලෙවි කිරීමට යාමේදී විශ්‍රාමික යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සැකපිට මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුදු පිළිමයද සමග අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් දෙදෙනා පැල්ගහතැන්න සහ ආගරතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසන පොලිසිය ඔවුන් අවුරුදු 50 සහ 56 වයසේ පසු වන්නන් බවත් සැකකරුවන් මහනුවර කුමාර වීදියේ ස්ථානයක රැඳී සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බව කියයි.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ එම බුදුපිළිමයේ වටිනාකම තක්සේරු කරගෙන එන ලෙස භික්‍ෂූන් වහන්සේ නමක්විසින් ඔවුන්ට ලබා දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ අයටත් ශිල්ප සැදේ…”! හාමුදුරුවන් කෙනෙක් සම්බන්ධ නැති කුණුගොඩක් ඇත්තටම නැද්ද ලංකාවේ?