නිමල කොඩිතුවක්කු
අනුරාධපුර ඉපලෝගම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින නව උදාගමේ භූමිය සංවර්ධනය කිරීමේදී බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ සිද්දියට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා කොළඹදී පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දිස්ත්‍රික් කළමණාකරුගේ සහ කාර්මික නිලදාරියාගේ සේවය අත්හිටුවා ඇති බවත් මෙහි විමර්ශන වාර්ථා අනුව තවත් නිළධාරීන් දෙදෙනෙකුගේ සේවය ඉදිරියේදී අත්හිටුවීමට සිදුවන බවත් සභාපතිවරයා කියා සිටියේය.
අදාළ නිවාස ව්‍යාපෘතිය මේ වනවිට එම භූමියෙන් ඉවත් කර සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවති මාධය හමුවකට එක්වෙමින් එල්. එස් පලන්සූරිය මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා මෙසේද කීය.
‘‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ සිට මේ දක්වා නිවාස ව්‍යාපෘති 709ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. 2019 වසර වනවිට එම සංඛ්‍යාව 2500 දක්වා ඉහළ දැමීමට විෂය භාර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අපිට උපදෙස් ලබා දිලා තියෙනවා.
එම නිවාස ව්‍යාපෘති ඉදිකිරිමට අවශ්‍ය ඉඩම් අප සතුව නැහැ. ඒ නිසා අදාල දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුදැනුම මත අප එම ඉඩම් රජයෙන් ලබා ගන්නවා.
ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පූගොල්ලාගම ප‍්‍රදේශයේත් නිවාස 50ක ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නියමිත පටිපාටියට අනුව අක්කර 10ක භූමි ප‍්‍රදේශයක් අපි වෙන් කරවා ගත්තා. ප‍්‍රදේශිය ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති එම භූමි කොටසේ කිසිදු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඩෝසර් කළාට පස්සේ පුරවස්තු එතනට ඇවිත්ද
මහජන විරොධයක් ආපු ගමන් දුෂිත නිලධාරින් මෙවැනි ව්‍යපෘති අකුලා ගන්නවා. අහිංසක පොඩි නිලධාරියෙකුගේ වැඩ තහානම් කරනවා.
පුර විද්‍යා ස්ථාන නිසියාකාරව ආරක්ෂක අංශ වලට භාර දෙනකම් ඕව පරිස්සන් කරන්න බැහැ. නිකම්ම ආරක්ෂක අංශ වලට දීලා වැඩක් නැහැ . අනිත් එක සිවිල් සංවිධාන මේවට පිහිටුවන්න ඕනේ. අපේ සත්තු වගේ මිනිස්සුන්ගෙන් ඕවා බේරගන්න ලෙහෙසි නැහැ.
ආර් ප්‍රේමදාස නිවාස ඇමතිව සිටි කාලයේදී මේ නිධන් හොරකම සහ විනාශය තදින්ම සිදුවුණා. අද ඔහුගේ පුතාත් ඒ දෙයම කරනවා.මෙවූන් හොර දෙටුවෝ සහ මිනීමරුවන් මිස අන් කවුරුන්ද?
දැන් කට්ටියට ගන්න ඕනි ටික අරන් ඉවර අැති. එ්කයි පරීක්ෂණ පටන් ගන්නෙ. අනික වැඩ තහනම් කරපු අය ලබන මාසේ ඉදන් අායෙ වැඩ කරයි. සභාපතිතුමා කියන කතාවත් අැත්ත. බැකෝ කරලා විනාශ කරා. තිබ්බ ටික අරන් ගියා. දැන් ඉතින් අැති පුරාවිද්‍යා වටිනාකමක් නෑ. එතුමා හරි.
සභාපති පැනලා වගකි්ම නම් භාරගත්තා, ඒත් විනාශය නිිවැරිදි කරන්නේ කවුද ඒවා සොයා බළන්න ඉහළ පෙලේ සිවිල් සංවිධාන කමිටුවක් අවශ්‍යයි ඒකට පැපිළියාන පිරිවෙනේ නායක හාමුදුරුවෝ, ගොවිදු කුමාරතුංග මහත්මයා ඇතුුළු විද්වතුන් පිරිසක් ඉන්න ඕන, හෙළ උරුමය නම් ගාව ගන්නත් එපා.