IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉපැරණි භාණ්ඩ සමග පස්දෙනෙක් සැකපිට

පැරණි ආභරණ සහ ආයිත්තම් තොගයක් අනවසරයෙන් චෙන්නායි නුවරට ගෙන යන්නට තැත්කළැයි ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වීඕසී ලංඡනය සහිත දේශීය කාසි සහ 1729 වර්ෂයට අයත් හෝලන්ඩියා රජයේ විදේශීය කාසිද මේ අතර විය. රජකාලේ ඉපැරණි හවඩි, මාල, මුදු, හැඳි සහ සාරි කටු ඇතුළු ආභරණ ආයිත්තම් රැසක්ද විය. සැකකරුවන් කොළඹ, බන්ඩාරගම සහ බොරැලැස්ගමුවේ පදිංචිකරුවෝය. රේගු අධිකාරී යාපා පියසේන, නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන සනත් ජයසිංහ, අසංක ප්‍රියදර්ශන, එම් ඒ විජයකෝන්, ඩබ්ලිව් ප්‍රේමජයන්ත, ටී ඉලේපෙරුම, අසංග ප්‍රියදර්ශන සහ පී කෞෂල්‍ය වැටලීම සිදු කළහ.  



අදහස් (0)

ඉපැරණි භාණ්ඩ සමග පස්දෙනෙක් සැකපිට

කුරුවිට Friday, 28 September 2012 11:20 AM

හොරුන්ට ජාතියක් , ආගමක් නෑ...(ස)

:       0       0

ලංකා Thursday, 27 September 2012 11:02 PM

නීතියට ජයවේවා

:       0       0

පිරිස් Thursday, 27 September 2012 11:06 PM

හොද වැඩක්

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 11:44 AM

පෙර හෙළයන්ගේ වටිනා බඩු දැක ගන්න තිබු හැම දේම හොරු අරෙගන යයි යන්න... (නි)

:       0       0

සමන් Friday, 28 September 2012 11:43 AM

රටේ තියෙන හැම ඉපැරණි දෙයක්ම පිට රටවල් වලට විකුණලා (ස)

:       0       0

වරුණ Thursday, 27 September 2012 05:22 PM

කෞතුකාගාරයේ ඒවා නෙමෙයි නේද? (නි)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 05:32 PM

මගේ ළගත් තියෙනවා ඉපැරණි, පැරණී බඩු ටිකක්. අල්ලයිද දන්නේ නැහැ. දැන්නම් බයයි. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:46 PM

කටුගේක බඩු තියෙනවානේ මෙතන. (නි)

:       0       0

හේමන්ත Thursday, 27 September 2012 05:55 PM

රට කා වතුර බොන්නෝ කුමට මේ ලක්දිව උපන්නෝ? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 28 September 2012 02:15 AM

මෙවැනි පහත් වැඩ ආයේ නොකරන්න දැඩි දඩූවම් දිය යූතූයි. ඔවැනි පූද්ගලයින්ගේ ගමන් බළපත්‍රයත් අවළංගූ කළ යූතූයි. රේගුවේ සියථම මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 28 September 2012 02:18 AM

දැඩි දඩුවම් දෙන්න

:       0       0

රූපා Friday, 28 September 2012 03:04 AM

අයියෝ සල්ලි

:       0       0

රණසිංහ Friday, 28 September 2012 03:31 AM

අම්මෝ! මට බයයි මේවා කට්ටිය බෙදාගනීද කියලා. (නි)

:       0       0

මදූ Thursday, 27 September 2012 06:24 PM

මන් ලගත් තියෙනවා පරණ ආයිත්තමි.(නදී)

:       0       0

මාධව Thursday, 27 September 2012 06:24 PM

අත්අඩංගුවට ගත්ත එක නම් හොද දෙයක්

:       0       0

දර්ශණ Thursday, 27 September 2012 06:58 PM

අපේ ආචාරය රේගුවට..!(නු)

:       0       0

නදී Thursday, 27 September 2012 07:05 PM

අන්න අපේ කටුගෙයි බඩුටිකත් ඔතනම ඇති හොදට හොයලා බලන්න ඕන.!(නු)

:       0       0

ජානක Thursday, 27 September 2012 07:25 PM

මේවා කටුගෙට එහෙම යවන්න එපා..!(නු)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 08:40 AM

දේක වටිනාකමක් නොදන්න පල් හොරු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 07:50 PM

රේගුවේ මහත්වරුන්ට හොද ඉවක් තියෙනවා..!(නු)

:       0       0

sampath Friday, 28 September 2012 09:27 AM

මේක කරලා අහුවෙලා ඉන්නේ ඔක්කොම මුස්ලිම් අය. මුන් අපේ ඉතිහාසය විනාශ කරන්න යන්නේ. හැමෝම අවදියෙන් ඉන්න.

:       0       0

සම්පත් Friday, 28 September 2012 09:27 AM

මේක කරලා අහුවෙලා ඉන්නේ ඔක්කොම මුස්ලිම් අය. මෙයාලා අපේ ඉතිහාසය විනාශ කරන්න යන්නේ. හැමෝම අවදියෙන් ඉන්න. (ස)

:       0       0

ලීලා Thursday, 27 September 2012 08:39 PM

මොකද අනේ හොර කම් කරන්නේ

:       0       0

රූපවතී Friday, 28 September 2012 02:49 PM

සම්පත්, මුස්ලිම් අය මේක කළා කියලා මේ කොහේවත් ලියවිලා තිබෙනවද? (නි)

:       0       0

ජයී තිසර Thursday, 27 September 2012 09:53 PM

තම රට සතුයි යන හැඟුමක් නොමැති කමින් ඇද්දේ පැරණි වටිනා බඩු අයුතු ලෙසින් හැකිනම් කුමන අයුරින් හෝ කාසි ගරන් අම්මත් තාත්තත් විකුණති මෙවැනි හොරුන්... (නි)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 10:06 PM

මේ අය ඕවා සගවාගෙන ගියේ පශ්චාත් භාගයේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site