
(ක.ග. කරුණාරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුදු මැඳුරේ තැන්පත්කර තිබූ ඉපැරණි බුදු පිළිමයක සිරස්පත සොරකම්කර ඇතිබවට අද(26) පැමිණිලි ලැබී ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙම බුදු සිරස විහාරස්ථ බුදු මැඳුරේ තිබී අතුරුදන්වී ඇති බවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන බලන්ගොඩ විනීත හිමියන් විසින් පොලිසියට පැමිණිලිකර ඇත.
අපවත්වී වදාල ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන්වහන්සේ විසින් සිරස්පත වෙන්ව තිබූ අඩි දෙකහමාරක් පමණ
උසැති ඉපැරණි බුදු පිළිමයක් දිඹුලාගල නාමල් පොකුණ පුරා විදුබිමේ තිබී රැගෙනවිත් මෙම බුදු මැඳුරේ තැන්පත්කර තිබූ බවත් එය ඊයේ (25) ඒ ස්ථානයේ දක්නට නොතිබූ හෙයින් විහාරස්ථානයේ වැඩවසන අනෙකුත් ස්වාමීන්වහන්සේලාටද ඒ බව දැනුම්දී පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කල බවත් උන්වහන්සේ පොලීසියට ප්‍රකාශකර ඇත.
පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබද පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට ආ ගිය දේශපාලකයෙක් උස්සන් යන්න ඇති. ඒ අයට හොරකම සුලු දෙයක්නේ.