IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉඳුරන් දමනය නොකළොත් තරුණ කැළ අමාරුවේ

රෝග මර්ධනයේ  සහජ හැකියාව හීන වීමේ එච් අයි වී  අසාධිතයන්  ඇතුළු  ලිංගාශ්‍රිත රෝග වලට අලුතින් එකතුවන තරුණ රෝගීන්ගේ ප්‍රතිශතය  සියයට 70-75 ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි කියයි.

ලිංගික රෝග වලට ගොදුරු වන වයස අවුරුදු 20-49 අතර පසුවන්නන්  සහ එච් අයි වී ආසනයට ලක් වන වයස අවුරුදු 25-29 අතර පසුවන්න්නගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.

 තරුණ දරුවන්ට වැළදෙන ලිංගාශ්‍රිත රෝග අතර  ලිංගික ඉන්නන් ,ලිංගික හර්පීස් , ගොනෝරියා,ගොනෝරියා නොවන  මුත්‍රා ප්‍රදාහය ට්‍රයිකෝ මොනසියාව  හා උපදංශය (සිපිලිස් ) වැනි රෝග බහුලව වාර්තා වන රෝග ලෙසට හඳුනාගෙන තිබේ.

පෙරට සාපෙක්ෂව වර්තමානයේ  දරුවන් මෙලෙස අවාසනාවන්ත   තත්ත්වයකට උරුම වී ඇත්තේ නොදැනුවත් බව ,අසීමාන්තික නිදහස,වගකිව යුතු අංශ ,දෙමාපියන් ,ගුරුවරුන් ,සහෝදරයන් මගින්  දරුවන් දැනුම්වත් නොකිරීම අන්තර්ජාලය  සහ අධි තාක්ෂණයෙන්  යුතු අන්තර්ජාලය සහ දුරකතන භාවිතය ඉහළ යෑමය.

අශාවන්  සංසිඳුවා ගැනීමට අත්හදා බැලීම් කිරිමට යාමෙන් භයානක රෝගවලට ගොදුරු වීමට හේතු වී  ඇත.

මෙලෙස  සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇති  මාතෘකාවක්  පිළිබඳ මාධ්‍යයෙන්  වසරකට එක් දිනක් පමණක් කතා කිරීමද,කනගාටුවට කරුණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ  වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඉඳුරන් දමනය නොකළොත් තරුණ කැළ අමාරුවේ

සපුමල් Friday, 16 January 2015 03:05 AM

මෙය කළ හැකිද? එසේ නම් ඒ කෙසේද? බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම හැර ලෝකයේ කිසිම රටක සිත බැඳ තබන්නට ක්‍රම පහදා නැත. සංවාද සම්මන්ත්‍රණ වැඩමුළු පවත්වා මෙය කළහැකි නොවේ. මේ සඳහා නීති සංග්‍රහයේ ප්‍රතිපාදන පමණටත් වඩා ඇත. මහජනයාගේ සහයෝගය ලබා ගනිමින් නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම අසංවර පැවැත්මට පෙළඹීම ප්‍රමාණවත් අයුරින් වළක්වා ගත හැක. එසේ නොවුවහොත් අපේ රටත් තායිලන්තයට එහා යන සමාජ රෝගීන්ගෙන් පිරෙනු ඇත. (නි)

:       0       0

සුනිල් මෙන්ඩිස් Friday, 16 January 2015 03:38 AM

මෙම ප්‍රවෘත්තිය භයානකයි. මීට ප්‍රතිකර්මය වන්නේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමයි. (නදී)

:       0       0

විමුක්ති Friday, 16 January 2015 09:55 AM

බුද්ධිමත් නදිෂාගෙන් අල්විස්ට හොඳ පිළිතුරක්... (නි)

:       0       0

විමුක්ති Friday, 16 January 2015 10:14 AM

මනුස්සයා යනු මනස උසස් සත්වයා යන අදහසය.ඉන්ද්‍රිය දමනය කරන්නා මෙලොව පරලොව දෙකම ජය ගනී.කාමයේ වරදවා හැසිරීම හොරිකසනවා වැනිය. බුදුරජාණන් වහන්සේ දේසනා කළසේක. මෝඩයන්ට නොතේරිය හැක. මන්ද හොරිය තිබුනටත් වඩා විශාලවේ.කාමයේ වරදවා හැසිරීම සිත ගත දෙකම විනාසවීමකි. (ස)

:       0       0

ලලිත් Thursday, 15 January 2015 04:03 PM

ඉඳුරන් දමනය ගැන කියල දෙන්න ඉන්න උන්නාන්සේලා ඡන්ද මීටින් වල නිසා දැනට ඔය ගැන කතාකරල වැඩක් නැහැ. (නදී)

:       0       0

ආනන්ද Thursday, 15 January 2015 04:32 PM

සියලුම රූපවාහිනී නාලිකා මේ පිළිබඳ සංවේදී වන්නේ නම් බොහෝ‍‍දුරට සමාජය දැනුවත් කළහැකියි. (නි)

:       0       0

කුරුණෑගල - නදීෂා Friday, 16 January 2015 06:41 AM

100% ක් ස්වාභාවික සිද්දියක් උවත් සතුනුත් මිනිසුනුත් අතර වෙනස හදුනාගත යුතුය. එම වෙනස නොහදුනන මිනිසුන්ට නීතියෙන් ,අධ්‍යාපනය, ආගමෙන් දඩුවම් සහ අවවාද උපදෙස් ලබා දිය යුතුය. එය නොපිලිගනන්නේනම් මිනිසුන් සහ සතුන් අතර වෙනසක් නැත. උන්හට කිසිදු සමාවක් නොදීය යුතුය. උවමනාවට එහා සමාජ සම්මතයෙන් බැහැරව ඉඳුරන් පිනවීම සමාජ රෝගීන්ගෙන් එහා ගිය ප්‍රශ්නයක් වන බැවින් මෙය වහා නවතාලිය යුතුමය. කොපු භාවිතයවත් පෙති භාවිතයවත් විසදුම නොවේ. (හේ)

:       0       0

අල්විස් Thursday, 15 January 2015 08:56 PM

මේක අපේ සංස්කෘතියත් එක්ක එන ප්‍රශ්නයක්! ලිංගිකත්වය රහසක් බවට පත්වෙලා. හැමෝම දැනගත යුතුයි එය 100%ක් ස්වාභාවිකයි. මෙය වයස් පරතරය අනුව අඩු හෝ වැඩි වෙනවා. අපි පාසල් මට්ටමින් දැනුවත් කල යුතුයි. උපත් පාලන කොපු භාවිතය, ගැබ්වීම පාලනය කරන පෙති ගත යුතු ආකාරය ආදිය හොඳින් අවබෝධ කර දීම හා කොපු පහසුවෙන් ලබා ගත හැකි අයුරින් හැම හන්දියකම බෙදාහරින ස්වයංක්‍රීය පෙට්ටි සවි කල යුතුයි. ඒ වගේම අවශ්‍ය වූ විට වෛද්‍යවරයකු හමුවීමට ඇති ලැජ්ජාව නැති කර ලිංගිකත්ව විෂය ස්වභාවික විය යුතුයි.

:       0       0

නිමේෂ් Thursday, 15 January 2015 11:49 PM

මේ සදහා යම් අධ්‍යාපනික හෝ දැනුවත් කිරීමේ වැඩ සටහනක් කල යුතුයි. මාද්‍ය මගින් මෙය කල හැක. විශේෂයෙන් පුවත් පත් ලිපි මගින් විශාල වැඩක් කලහැක. (නදී)

:       0       0

ගමගේ Friday, 16 January 2015 12:28 AM

මතට තිතක් වගේ පුළුවන් නම් ඒකටත් තිතක් තියන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site