රෝග මර්ධනයේ සහජ හැකියාව හීන වීමේ එච් අයි වී අසාධිතයන් ඇතුළු ලිංගාශ්‍රිත රෝග වලට අලුතින් එකතුවන තරුණ රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 70-75 ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි කියයි.
ලිංගික රෝග වලට ගොදුරු වන වයස අවුරුදු 20-49 අතර පසුවන්නන් සහ එච් අයි වී ආසනයට ලක් වන වයස අවුරුදු 25-29 අතර පසුවන්න්නගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.
තරුණ දරුවන්ට වැළදෙන ලිංගාශ්‍රිත රෝග අතර ලිංගික ඉන්නන් ,ලිංගික හර්පීස් , ගොනෝරියා,ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය ට්‍රයිකෝ මොනසියාව හා උපදංශය (සිපිලිස් ) වැනි රෝග බහුලව වාර්තා වන රෝග ලෙසට හඳුනාගෙන තිබේ.
පෙරට සාපෙක්ෂව වර්තමානයේ දරුවන් මෙලෙස අවාසනාවන්ත තත්ත්වයකට උරුම වී ඇත්තේ නොදැනුවත් බව ,අසීමාන්තික නිදහස,වගකිව යුතු අංශ ,දෙමාපියන් ,ගුරුවරුන් ,සහෝදරයන් මගින් දරුවන් දැනුම්වත් නොකිරීම අන්තර්ජාලය සහ අධි තාක්ෂණයෙන් යුතු අන්තර්ජාලය සහ දුරකතන භාවිතය ඉහළ යෑමය.
අශාවන් සංසිඳුවා ගැනීමට අත්හදා බැලීම් කිරිමට යාමෙන් භයානක රෝගවලට ගොදුරු වීමට හේතු වී ඇත.
මෙලෙස සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇති මාතෘකාවක් පිළිබඳ මාධ්‍යයෙන් වසරකට එක් දිනක් පමණක් කතා කිරීමද,කනගාටුවට කරුණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කළ හැකිද? එසේ නම් ඒ කෙසේද? බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම හැර ලෝකයේ කිසිම රටක සිත බැඳ තබන්නට ක්‍රම පහදා නැත. සංවාද සම්මන්ත්‍රණ වැඩමුළු පවත්වා මෙය කළහැකි නොවේ. මේ සඳහා නීති සංග්‍රහයේ ප්‍රතිපාදන පමණටත් වඩා ඇත. මහජනයාගේ සහයෝගය ලබා ගනිමින් නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම අසංවර පැවැත්මට පෙළඹීම ප්‍රමාණවත් අයුරින් වළක්වා ගත හැක. එසේ නොවුවහොත් අපේ රටත් තායිලන්තයට එහා යන සමාජ රෝගීන්ගෙන් පිරෙනු ඇත. (නි)
මෙම ප්‍රවෘත්තිය භයානකයි. මීට ප්‍රතිකර්මය වන්නේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමයි. (නදී)
බුද්ධිමත් නදිෂාගෙන් අල්විස්ට හොඳ පිළිතුරක්... (නි)
මනුස්සයා යනු මනස උසස් සත්වයා යන අදහසය.ඉන්ද්‍රිය දමනය කරන්නා මෙලොව පරලොව දෙකම ජය ගනී.කාමයේ වරදවා හැසිරීම හොරිකසනවා වැනිය. බුදුරජාණන් වහන්සේ දේසනා කළසේක. මෝඩයන්ට නොතේරිය හැක. මන්ද හොරිය තිබුනටත් වඩා විශාලවේ.කාමයේ වරදවා හැසිරීම සිත ගත දෙකම විනාසවීමකි. (ස)
ඉඳුරන් දමනය ගැන කියල දෙන්න ඉන්න උන්නාන්සේලා ඡන්ද මීටින් වල නිසා දැනට ඔය ගැන කතාකරල වැඩක් නැහැ. (නදී)
සියලුම රූපවාහිනී නාලිකා මේ පිළිබඳ සංවේදී වන්නේ නම් බොහෝදුරට සමාජය දැනුවත් කළහැකියි. (නි)
100% ක් ස්වාභාවික සිද්දියක් උවත් සතුනුත් මිනිසුනුත් අතර වෙනස හදුනාගත යුතුය. එම වෙනස නොහදුනන මිනිසුන්ට නීතියෙන් ,අධ්‍යාපනය, ආගමෙන් දඩුවම් සහ අවවාද උපදෙස් ලබා දිය යුතුය. එය නොපිලිගනන්නේනම් මිනිසුන් සහ සතුන් අතර වෙනසක් නැත. උන්හට කිසිදු සමාවක් නොදීය යුතුය. උවමනාවට එහා සමාජ සම්මතයෙන් බැහැරව ඉඳුරන් පිනවීම සමාජ රෝගීන්ගෙන් එහා ගිය ප්‍රශ්නයක් වන බැවින් මෙය වහා නවතාලිය යුතුමය. කොපු භාවිතයවත් පෙති භාවිතයවත් විසදුම නොවේ. (හේ)
මේක අපේ සංස්කෘතියත් එක්ක එන ප්‍රශ්නයක්! ලිංගිකත්වය රහසක් බවට පත්වෙලා. හැමෝම දැනගත යුතුයි එය 100%ක් ස්වාභාවිකයි. මෙය වයස් පරතරය අනුව අඩු හෝ වැඩි වෙනවා. අපි පාසල් මට්ටමින් දැනුවත් කල යුතුයි. උපත් පාලන කොපු භාවිතය, ගැබ්වීම පාලනය කරන පෙති ගත යුතු ආකාරය ආදිය හොඳින් අවබෝධ කර දීම හා කොපු පහසුවෙන් ලබා ගත හැකි අයුරින් හැම හන්දියකම බෙදාහරින ස්වයංක්‍රීය පෙට්ටි සවි කල යුතුයි. ඒ වගේම අවශ්‍ය වූ විට වෛද්‍යවරයකු හමුවීමට ඇති ලැජ්ජාව නැති කර ලිංගිකත්ව විෂය ස්වභාවික විය යුතුයි.
මේ සදහා යම් අධ්‍යාපනික හෝ දැනුවත් කිරීමේ වැඩ සටහනක් කල යුතුයි. මාද්‍ය මගින් මෙය කල හැක. විශේෂයෙන් පුවත් පත් ලිපි මගින් විශාල වැඩක් කලහැක. (නදී)
මතට තිතක් වගේ පුළුවන් නම් ඒකටත් තිතක් තියන්න (නදී)