(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදීත් ජනතාවට සහන ලබාදෙන්න පැකිලෙන්නේ නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉන්ධන සඳහා රජයේ සහනාධාරය මේ මාසයේදීත් ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

"අපි ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළඳපොළේ මිල වැඩිවීමට සාපේක්ෂවම නොවේ.එයින් කොටසක් රජය දරා ගත්තා.අප්‍රේල්, මැයි, ජුනි මාස වලදී රුපියල් බිලියන 57ක් ඉන්ධන සහනාධාරය වෙනුවෙන් යෙදෙව්වා. ලංකාවට තෙල් ආනයනය කරන සමාගම් විසිනුත් කොටසක් දරාගෙන හිටියා.දැන් ලෝක වෙළඳපොලේ යම් ප්‍රමාණයකට තෙල් මිල අඩුවී තිබෙනවා.ලෝක  වෙළෙඳපොලේ යම් ප්‍රමාණයකට තෙල් මිල අඩු වූ පසු ඒ සහනය ලබාදීම සඳහා මෙවර තෙල් මිල අඩු කළා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.