
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඉන්ධන සම්බන්ධයෙන් මේ මොහොතේදී කළු ජාවාරමක් දියත් වන බැවින් පොලිස්පතිවරයාගේ චක්‍ර ලේඛණයට අනුව සියලු ස්ථානාධිපතිවරුන් වැඩ කළ යුතු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
ප්‍රමුඛතාවය දිය යුත්තේ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවයට නොව ජනතාවගේ අවශ්‍යතාවයට පමණක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
රාජ්‍ය ආයතනවල මේ මොහොත වන විට වාහන 92000 තියෙනවා. එක වාහනයකින් එක ලීටරය ගානේ ඉතුරු කලොත් දවසකට ඉන්ධන ලීටර් 92,000 ඉතුරු කරන්න පුළුවන්. වාහන දෙකක් යන්න ඕන තැනට එක වාහනයක් යන්න ඕනේ.
අන්න ඒ වගේ අලුතින් හිතලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ රාජකාරියේ නිලත රාජ්‍ය නිලධාරීන් ලෙස මේ මොහොතේදී ඉන්ධන අර පිරිමැස්මක් පිළිබඳව කතිකාවතකට යා යුතුයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සෑම රාජ්‍ය ආයතනයකම වාහන භාවිතය අඩු කරන්න ඕන.
QR එකට පිටින් කිසිම සෙඩ් එකකින් තෙල් දෙන්න දෙන්න එපා.
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් නීතිඥ සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම හමුදා නිලධාරීන්ගේ වාහන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, සිරිමාවෝ ළඟ AC දාගෙන රියදුරු සෙබළුන් දවසම ඉන්නවා. කරුණාකර ඔය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට රුපියල් 20,000 පඩියට එකතු කරලා ඒ ළමයි පාසල් (school van) සේවයට දමන්න. ඒ වගේම තාවකාලිකව ඉන්ධන 30 අඩු කරන්න...