(බර්ටි වීරසිංහ)

ඉන්දියාවේ සිට  නීතිවිරෝධී ලෙස ඩිංගි බෝට්ටු තුනකින් ගොඩබිමට රැගෙනවිත් ශීතාගාර ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් 39,000,000 පමණ වෙළද පොළ වට්නාකමක් ඇති ක්‍රීම් තොගයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව  මිගමුව කොට්ඨාසයේ අපරාධ විමරෂණ කාර්ය අංශය කියයි.

කොට්ඨාසයේ අපරාධ විමරෂණ කාර්ය අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාට ලද තොරතුරකට අනුව උපපොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ

පළමු අවස්ථාවේදී පිටිපන ලෙල්ලම අසලදී බෙහෙත් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනා සමග ලොරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වූ තොරතරු මත මුහුදු මගින් මෙම බෙහෙත් තොගය ගොඩබිමට රැගෙන පැමිණ ඇති බෝට්ටු දෙකක් සමග තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.