(සුජිත් හේවාජුලිගේ)
“එකතුවෙලා ඉන්න සමහරුන් එක්ක මේ ගමන යන්න බැහැ. මේ නිසා ලබන වෙසක් පොහොයෙන් පස්සෙ අලුත් ජාතික ව්‍යාපාරයක් පටන් ගන්නවා.....” යැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීප’යට පැවැසූහ.
මේ ජාතික ව්‍යාපාරය හරහා ජනතාව අවදි කරන අලුත් ගමනක් අරඹන බවද උන්වහන්සේ කීහ. අතුරලියේ රතන හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ. ‘මේ ජාතික ව්‍යාපාරය හදන්නේ අපි කලින් නිර්මාණය කරපු ජාතික සභාව රටපුරා යන තැනකට පුළුල් කරමින් රටට අවංකවම ආදරය කරන දේශමාමක පිරිස් එකතු කරගෙන ජනතාව පෙළගස්වන පුළුල් දේශහිතෛෂී ගමනක් මේ ව්‍යාපාරය හරහා අරඹනවා.
රටේ යහපත් සංස්කෘතියක් හා තිරසර සංවර්ධනයක් ඇති කිරීම අපේ එකම බලාපොරොත්තුවයි. රටේ ගහ කොළ
පරිසරය, ඉඩම් ටික ස්වාභාවික සම්පත්, මධ්‍යම කඳුකරය රැක ගන්න නව චින්තන දහරාවක් ඇති කරන තුරු අද සිදුවන මහා පරිසර විනාශය වළක්වන්න බැහැ. අද අප සමග එකතුවෙලා ඉන්න සමහරුන් සමග මේ ගමන යන්න බැහැ. රට ගැන අවංක ආදරයක් තියෙන පිරිස්මේ ගමනට එකතු කරගන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. අපි මේවා කරන්නේ අවංක හා පරම පවිත්‍ර චේතනාවෙන් බව කියන්න ඕනා යැයි ද රතන හිමියෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමින්වහන්ස. මේ ගමන කිව්වේ සංසාර ගමනද?
වෙසක් පහු වුනාම කියාවි පොසොන් එකෙන් පස්සේ කියල.
ඉතාමත් හොඳ තීරණයක් හාමුදුරුවනේ.
අවංකවම සිංහල ජාතිය වගේම අපේ ආගම අපේ මේ භූමිය රකින්න ඉදිරියට එන්න පුලුවන්නම් මුළු රටේම සහයෝගය වගේම දෙව්ලොව සිටින සියලුම දෙවියන්ගේම සහයෝගයද ලැබෙන බව මතකයේ තබාගෙන ඉදිරියට එන්න.
සමහරුන්ට කා එක්කවත් වැඩිකාලයක් එකට යන්න බැහැ. අර පැත්තට මේ පැත්තට පනිනවා එහෙම නේද අපේ හාමුදුරුවනේ?
අපිට ඕනේ මහින්ද අපේ හම්දුරුවනේ...
පොහොට්ටුවේ ඡන්ද කැඩීමේ 2020 කොන්ත්‍රාත් එක දැන්මම දීල වගෙයි.
දැන් ඔය දේශනා කරන්නේ සංසාරේ කෙටිකරගන්න එකහු කරගත්ත කට්ටිය ගැනද? දිගු කරගන්න එක්කහු කරගත්ත කට්ටිය ගැනද?
අනික් අයත් එක්ක මේ ගමන යන්න බැරි නිසයි සිද්ධාර්ථ කුමරු සංසාරය කෙටිකර ගන්න ගමන තනිවම ආරම්භ කළේ...
කමල් මහතාණෙනි, සංසාර ගමන කෙටිකර ගැනීමේදී, අන්ත දෙකට නොවැටී මැදුම් පිළිවෙතේ පිහිටලා වැඩසිටින්න ඕනනේ. දේශපාලන ගමනේදී තියෙන කාමසුඛල්ලිකානු යෝගය නියමයිනේ. ඉතින් සංසාර ගමන ගිහින් කොහොමද?