(කේ. බුද්ධික කුමාරසිරි)
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද (12) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ඉන්ධන පිරවුම්හල වසා තිබූ අවස්ථාවේදී කඩුවෙල අතුරුගිරිය ප්‍රධාන මාර්ගයේ යතුරු පැදිය නවත්වා අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැතැයි ද පොලිසිය පවසයි.
අදාල ඉන්ධන පිරවුම්හලෙහි හිමිකරුගේ නිවස ඉදිරිපිට ද දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා පලා යාමේ සිද්ධියක් ද වී ඇති අතර මෙය විදේශගතව සිටින "කයිවාරු මුතූවා" නැමැත්තා මෙහෙයවනු ලබන සිද්ධීන් ජාලයක් බවට ද පොලිසිය සැක කරයි.
කොරතොට "කයිවාරු මුතූවා" නැමැත්තාට කප්පම් ලබාදීම බොහෝ ව්‍යාපාරිකයින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් මෙලෙස කුලීකරුවන් යොදවා ඔවුන්ට තර්ජනය කිරීමට මේ ආකාරයෙන් කටයුතු කරන බවද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලා ගන්නා පාතාලයන් හට රුසියානු ක්‍රමයට සලකන්න. ඊට විරුද්ධව කථා කරන අයටත් ඒ විදිහටම සලකනවා නම් බොහෝ දුරට අපරාද අඩුකරගන්න පුළුවන්. රුසියාවේ ඉස්ලාම් ත්‍රස්තයින්ට සලකා තිබුණු ආකාරය දැක්ක තවත් කෙනෙක් කුලියට ත්‍රස්ත වැඩට එන්නේ නැත. එකෙක් ගේ කනක් නැහැ... ඔවුන්ට සැලකීම එතැනින් ඉවරද? නැහැ...