IMG-LOGO

ඉන්ධන මිල හෙට තරු පෙන්වයි

(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.

එම මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් බවට පත්වීමට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මැයි මස 24 වැනිදා කළ අවසන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් දක්වා ඉහළ දැමීය. 



අදහස් (5)

ඉන්ධන මිල හෙට තරු පෙන්වයි

යෝගා Thursday, 23 June 2022 05:52 PM

95 පෙට්රල් 92 ට වඩා රුපියල් 150ක් වත් කරන්න. සුපර් ඩීසල් වලටත් එහෙම කරලා භූමිතෙල්වලට සහනයක් දෙන්න..

:       0       1

සුනිල් Thursday, 23 June 2022 06:22 PM

අපේ අගමැතිතුමාට සතියක් දෙකක් නින්ද යාවි, ආපු දවසේ ඉඳලාම කීවරක් ඉන්ධන මිල වැඩිකරන්න ඕනෑ කිව්වාද? ඊයේ කිව්වා අද වැඩිකරනවා. ආයෙත් ඇහැරිලා කියාවි වැඩිනොකර බැහැ කියලා... ජූලි මාසයේ ආයෙමත් වැඩිකරනවා කියලා හිතෙනවා..!

:       0       1

Sampath Thursday, 23 June 2022 11:25 PM

අදහස් නම් මොකටද...? හෙනම ගහන්න ඕනෑ.

:       0       1

ප්‍රගිත් අසංග Friday, 24 June 2022 06:02 AM

ලැබෙන පඩිය මදි ඉන්ධන සඳහා... කෑම කනවට කනවා... අමතර පංති බස්ගාස්තු, බෙහෙත් කොහොමද මිනිසුන් ජිවත් වෙන්නේ? එක්කෝ රජයේ රැකියා නොමැති පිරිස් නොමිලේ විදේශ රටවල් වල්ට යවන්න ඕනේ.., විදේශ මුදල් රටට එන විදියේ ක්‍රියාවලිය හදන්න ඕනේ.., විදේශ තානාපතිවරුන් සමග කතා කරන්න ඕනේ.. රජයේ සේවයේ විතරක් නොවේ... අනික් ජනතාව යවන්න බලන්න. අතු ගාන්න හරි යවන්න.. ලැබෙන පඩිය ලංකාවේ ගිණුමට බැරකර ගැනීම සඳහා ක්‍රියාවලිය සකස් කරන්න..

:       0       1

Chinthaka Friday, 24 June 2022 10:31 AM

කෝ මේ ගැමුණු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site