(හර්ෂණ තුෂාර සිල්වා)
ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා නැහැ. එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. කලින් සිදු වූ පරිදි මාස දෙකෙන් දෙකට මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙත් එය ක්‍රියාත්මක වෙනවා. අපි සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර බැඳීමක් තිබෙනවා. ඉන්ධන මිල සූත්‍රය සකසන ලද්දේ පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මතයි. විවිධ ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති තියෙනවා.
එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති තිබෙනවා. අදාළ වෙනස්කම් කළත් පිරිවැය පැවරීමේ ප්‍රතිපත්ති රාමුව මත ඉන්ධන මිල සූත්‍රය පවත්වාගෙන යා යුතුය යන්න අපේ අදහසයි.
සහන පැකේජයෙන් ආර්ථිකයට ලොකු බලපෑමක් වුණේ නැහැ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.03ක් පමණයි. කෙසේ නමුත් එකතු කළ අගය මත බද්ද, රඳවා ගැනීමේ බද්ද යනාදිය පාර්ලිමේන්තුවේ පනත්වලින් තමයි වෙනස් කරන්න ඕනේ. ඒවා සිදු වන්නේ ලබන අවුරුද්දේ”.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත්කර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පෙන්වා දුන්නේය.
ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ අතර එයට අනුව ඉන්ධන මිල මාස දෙකෙන් දෙකට වෙනස් විය.
පසුගිය දා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව ප්‍රකාශ කළ අතර සහන පැකේජයක් ද නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි රටක් ලෝකෙන්ම විහිළුව බවට බල ලොභී නුගත් මිනිස්සු විසින් පත්කර ඇත...
ඔය මහා බැංකුවේ ඉන්න අයට ආචාර්ය උපාධි ගහලා එන්න සහ වෙන වරප්‍රසාද ලැබෙන්නේ ඔය මහා බැංකුව හරියට පාලනය කරන්න මිසක් ....IMF එකට ඕන විදිහටයි ...දේශපාලකයන්ට ඕනෑ විදිහට නෙමේ. හරියට කරන්න.
දුප්පත් මහජනයාගේ මුදල් හරියට පාලනය කරන්න.
Yaha ඔබ හරියටම හරිි. මේගොල්ලො කරන්නේ වෘත්තියෙ නාමයෙන් රටේ තියන වරප්‍රසාද ඔක්කොම අරගෙන අනෙකුත් සියළුම සේවා වලට වඩා වැඩි වැටුපක් ද EPF හා විශ්‍රාම වැටුපද දෙකම ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදියට මහජනතාව පීඩාවට පත්වන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. මේ අය නිමක් නැති අධ්‍යයන චාරිකා ගිහින් මොනවා ඉගෙන ගෙන ඇවිත් මේ රටට මොන වරදක්ද කරන්නේ කියන ප්රශ්නය මටත් තියනවා. අනික මේ මිනිස්සුන්ගෙ මාසික ඉපයීම් අනුව මිල සූත්‍රය නෙමෙයි මොන සූත්‍රය ආවත් මේ අයට ඒක කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඔක්කොම බර සාමාන්‍ය මිනිහට.
දැන් මහින්ද අගමැතිතුමා ආපු ගමන් කිව්වේ මිල සුත්‍රය අහෝසිකලා කියලා .හැමදාම බොරුව තමයි.
“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරලා නැහැ. එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. කලින් සිදු වූ පරිදි මාස දෙකෙන් දෙකට මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙත් එය ක්‍රියාත්මක වෙනවා."
එහෙනම් ආයෙමත් මංගල ඇවිල්ලා ලබන දහ වෙනිදා ඉන්දන මිල තවත් අඩුකරයි .